BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol::lol::lol:

    uba kiyana ewaa karanna puluwan lankawe :dull:

    ඇයි සුද්දො සිංහලුන්ට වඩා හොඳයිනෙ එහෙනෙ කියන්න පුලුවන් වෙන්න ඕනෙ :)

    මුගෙත් බොරු. වෙලාවකට ට්‍රම්ප්ගෙ ගුණ වයනවා ජාතික වාදය ගැන කියලා. දැන් මෙහෙම ටොක් දෙනවා.

    අයියෝ ජාතික වාදය නැගීගෙන එනව කියල බං කිව්වෙ. ජාතික වාදය තමා අන්තෙට ගියහම හිට්ලර්, බින්ලාඩන් වගේ උන්ව බිහි කරන්නෙ. ලිබරල් වාදය අන්තගාමී වෙලා වැඩියි, උන් ජාතිකවාදය අවතක්සේරු කරල, ට්‍රම්ප් වගේ උන් ඒක ආයෙ බැලන්ස් කරගෙන යනව කියල කිව්වෙ. මේ අපි ඉන්නෙ ලෝකෙ තිබ්බ සාමකාමීම කාලෙක. ජාතිකවාදය පාලනය වෙලා ලිබරල් වාදයට තැනක් ලැබීම නිසා තමා ලෝකය මේ තත්වෙට ආවෙ. මම ජාතිකවාදය දේවත්වයෙන් අදහන්නෙ නෑ :no:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584085721-Chinese-official-blames-coronavirus-outbreak-on-US-military_L.jpg
    කොරෝනා වෛරසය වුහාන්වලට ඇතුළු වුණේ අමෙරිකානු හමුදාවෙන් බවට චීනයෙන් චෝදනා

    නව කොරෝනා වෛරසය, අමෙරිකානු හමුදා භටයන්ගේ මාර්ගයෙන් චීනයේ වූහාන් නගරයට ඇතුල්වූ බවට චීන රජයේ ප්‍රකාශකයෙක් චෝදනා කර තිබේ.

    අමෙරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කරන බවටත් ඔහු මෙහි දී චෝදනා කර තිබුණි.

    මේ අතර කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳටත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද(13) තහවුරු විය.

    චීනයෙන් ආරම්භ වී ලොවපුරා පැතිරගිය නව කොරෝනා වෛරසයට මේවන විට ලොවපුරා රටවල් 120ක් ගොඳුරු වී අවසන්.

    ඒ හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 4720ක්.

    සමස්ත ආසාදිතයන් ගණන එක්ලක්ෂ විසිහත් දහස ඉක්මවන අතර සුවය ලැබූ පිරිසද හැට අටදහසකට අධිකයි.

    නව කොරෝනා වෛරසයෙන් ඉන්දියාවේ සිදුවූ පළමු මරණය කර්ණාටක ප්‍රාන්තයෙන් ඊයේ(12) වාර්තා විය.

    මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු සෞදි අරාබිය සිට යළි ඉන්දියාවට පැමිණ තිබුණේ පෙබරවාරි 29වන දායි.

    මේ වන විට එරටින් හමුවී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 73ක්.

    නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මියගිය සංඛ්‍යාව 3,180 ක් වන අතර ආසාදිතයින් 81,000 ක් එරටින් වාර්තා වෙයි.

    වෛරසය අසාදනය වීමෙන් පසු සුව වූ සංඛ්‍යාව 64,216 ක්.

    එමෙන්ම චීනය තුළ වෛරසය පැතිරයාමේ උච්චතම අවස්ථාව සිය රටෙන් ඉවත්ව ගොස් ඇති බව චීනය නිලවශයෙන් ප්‍රකාශ කළේය.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    JAKARTA: Indonesia confirmed its second death linked to COVID-19, a 59-year-old man who died on Wednesday (Mar 11) as he was being treated at a hospital in Solo City, Central Java.

    Mr Achmad Yurianto, the government’s spokesman for the COVID-19 outbreak, said that test results which came out after the man died showed that the patient had contracted the disease.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    View attachment 78558
    කොරෝනා වෛරසය වුහාන්වලට ඇතුළු වුණේ අමෙරිකානු හමුදාවෙන් බවට චීනයෙන් චෝදනා

    නව කොරෝනා වෛරසය, අමෙරිකානු හමුදා භටයන්ගේ මාර්ගයෙන් චීනයේ වූහාන් නගරයට ඇතුල්වූ බවට චීන රජයේ ප්‍රකාශකයෙක් චෝදනා කර තිබේ.

    අමෙරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කරන බවටත් ඔහු මෙහි දී චෝදනා කර තිබුණි.

    මේ අතර කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳටත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද(13) තහවුරු විය.

    චීනයෙන් ආරම්භ වී ලොවපුරා පැතිරගිය නව කොරෝනා වෛරසයට මේවන විට ලොවපුරා රටවල් 120ක් ගොඳුරු වී අවසන්.

    ඒ හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 4720ක්.

    සමස්ත ආසාදිතයන් ගණන එක්ලක්ෂ විසිහත් දහස ඉක්මවන අතර සුවය ලැබූ පිරිසද හැට අටදහසකට අධිකයි.

    නව කොරෝනා වෛරසයෙන් ඉන්දියාවේ සිදුවූ පළමු මරණය කර්ණාටක ප්‍රාන්තයෙන් ඊයේ(12) වාර්තා විය.

    මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු සෞදි අරාබිය සිට යළි ඉන්දියාවට පැමිණ තිබුණේ පෙබරවාරි 29වන දායි.

    මේ වන විට එරටින් හමුවී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 73ක්.

    නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මියගිය සංඛ්‍යාව 3,180 ක් වන අතර ආසාදිතයින් 81,000 ක් එරටින් වාර්තා වෙයි.

    වෛරසය අසාදනය වීමෙන් පසු සුව වූ සංඛ්‍යාව 64,216 ක්.

    එමෙන්ම චීනය තුළ වෛරසය පැතිරයාමේ උච්චතම අවස්ථාව සිය රටෙන් ඉවත්ව ගොස් ඇති බව චීනය නිලවශයෙන් ප්‍රකාශ කළේය.

    :shocked:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගත වු පැය 24 ට ඉතාලියෙන් කොරෝනා මරණ 189ක්

    චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබේ.
    ඉතාලිය තුළ මේ වන විට වෛරස ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1,016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙකු වාර්තාවී තිබේ.
    ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 189ක් වාර්තාවී තිබුණි..
    ඒ එරටින් දිනක් තුළදි වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
    මැදපෙරදිග කලාපය තුළ නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්වූ රාජ්‍යය වන ඉරානයෙන් ගතවූ පැය 24 තුළදී මරණ 75ක් වාර්තාවී තිබෙන්නේ සමස්ත මරණ සංඛ්‍යාව 429 දක්වා ඉහළ දමමින්.
    එමෙන්ම ආසාදිතයින් සංඛ්‍යාව 10 000 ඉක්මවා තිබේ.
    මේ අතර කටාර් රාජ්‍යය, අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින්ම ඊයේ දිනයේදීද නව කොරෝනා වෛරස මරණ වාර්තාවී තිබුණි.
    පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසැල් වසා දැමීමට හා විශාල වශයෙන් සෙනග රැස්වන සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් අවංලගු කිරීමට ප්‍රංශය, ඊශ්‍රායලය, පෘතුගාලය, අමෙරිකාව ඇතුළු රටවල් රැසක්ම මේ වන විට පියවර ගෙන තිබේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802

    ඉතාලියේ ගොඩක්ම ඕක පැතිරෙන්නේ කෑම වලින්. මෙහෙත් කෑම කඩවල පිරිසිදු කම ගැන හොයන්න ජරාවට යට නොවන PHI ලව දම්මන්න ඕන. හිතපන්කෝ කොත්තු ගහන එකා කැහැ කැහැ කොත්තු ගැහුවොත් මේ වෙලාවේ?:rolleyes:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඉතාලියේ ගොඩක්ම ඕක පැතිරෙන්නේ කෑම වලින්. මෙහෙත් කෑම කඩවල පිරිසිදු කම ගැන හොයන්න ජරාවට යට නොවන PHI ලව දම්මන්න ඕන. හිතපන්කෝ කොත්තු ගහන එකා කැහැ කැහැ කොත්තු ගැහුවොත් මේ වෙලාවේ?:rolleyes:

    awlak ne bn. thatia rath welane thiyenne hondata. virus eka marenawa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    ඇයි සුද්දො සිංහලුන්ට වඩා හොඳයිනෙ එහෙනෙ කියන්න පුලුවන් වෙන්න ඕනෙ :)

    අයියෝ ජාතික වාදය නැගීගෙන එනව කියල බං කිව්වෙ. ජාතික වාදය තමා අන්තෙට ගියහම හිට්ලර්, බින්ලාඩන් වගේ උන්ව බිහි කරන්නෙ. ලිබරල් වාදය අන්තගාමී වෙලා වැඩියි, උන් ජාතිකවාදය අවතක්සේරු කරල, ට්‍රම්ප් වගේ උන් ඒක ආයෙ බැලන්ස් කරගෙන යනව කියල කිව්වෙ. මේ අපි ඉන්නෙ ලෝකෙ තිබ්බ සාමකාමීම කාලෙක. ජාතිකවාදය පාලනය වෙලා ලිබරල් වාදයට තැනක් ලැබීම නිසා තමා ලෝකය මේ තත්වෙට ආවෙ. මම ජාතිකවාදය දේවත්වයෙන් අදහන්නෙ නෑ :no:

    Rise of liberalism is the only reason for a joker like Trump to become president. :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    awlak ne bn. thatia rath welane thiyenne hondata. virus eka marenawa.

    You just cannot rely on guesswork... I can tell you that the SARS virus needs to cook at 60 deg C for 30 mins to make it ineffective. At boiling temperatures it would need less time obviously.

    No one has yet studied Covid as far as I am aware. Remember that one whole family got the Corona virus from one hot-pot.:oo:

    Also FYI.. there are some bacteria too that thrive well in boiling temperatures.. Every organism doesn't just die for heat. These organisms are called Thermophiles. They are quite happy above 80 deg C and even can tolerate more than 120 deg C.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    43545252.jpg1584086741_3492731_hirunews_Dilan-Perera.jpg

    ඡන්දය වැදගත් නැහැ - එජාපය
    ඡන්දය කල් දැමීම අනවශ්‍යයි - පොදුජන පෙරමුණෙන් ප්‍රකාශයක්

    මැතිවරණය පසෙක තබා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතභාවයට මූලිකත්වය දීමට රජය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග ප්‍රකාශ කළා.
    ඒ, එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

    කොරෝනා වෛරසය නිසා මතු වන තත්ත්වය අනුව මේ වන විට විසුරුවා ඇති පාර්ලිමේන්තුව ද යළි කැඳවිමේ හැකියාවක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
    ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්.
    එමෙන්ම, මහමැතිවරණය සම්බන්ධයෙන් ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිබදව අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණ ද ඕනෑම හදිසි අවස්ථාවක යළි කැදවිය හැකි බැවින් පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් නොවන බවයි.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසය නිසා ක්‍රීඩා තරගත් කල් යයි : ක්‍රීඩකයින් කිහිප දෙනෙක් නිරෝධානයට

    කෙරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි මතුවු සැකය මත පෘතුගාල සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ ද නිරෝධායනයකට ලක් කර තිබෙනවා. ඔහු නියෝජනය කළ පාපන්දු කණ්ඩායමේ කී‍්‍රඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවීම ඊට ආසන්නතම හේතුවයි.

    ඔස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන කී‍්‍රඩක කේන් රිචඞ්සන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාවක් සදහා යොමුකර තිබෙනවා. ඔහු සංචාරක නවසීලන්තය සමග සිඞ්නි හිදි දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයටද කී‍්‍රඩා කිරීමට සූදානමින් සිටියා. එහෙත් ඊයේ ඇති වූ අසනීප තත්වයක් මත ඔහු අද තරගයට එක් නොකර වෛද්‍ය පරීක්ණයක් සදහා යොමු කිරීමටයි ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

    මේ අතර ලොව පුරා සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති කෝවිඩි නයිටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉදිරියේ පැවැත්වීමට නියමිත අයි පී එල් කි‍්‍රකට් තරගාවලියටද බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ, ඉන්දියාවද ලබන 15 වැනිදා දක්වා විදේශිකයන්ට සිය රටට ඇතුලූවීමට තහනමක් පනවා තිබීම හේතුවෙන්. ඒ අනුව විදෙස් කි‍්‍රඩකයින්ට සහ පුුහුණුකරුවන්ට මෙවර අයි පී එල් තරගාවලියට සහභාගි වීමද අවදානම් තත්වයක පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

    මේ අතර ඉන්දියාවේ පැවැත්වෙන රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් සීරියස් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය අවලංගු කිරීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ, කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්.

    මාර්ග අනතුරුවලින් ආරක්ෂාවීම පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධාන කර තිබුණා. ඊයේ පස්වරුවේ ශී‍්‍ර ලංකාව, ඉන්දියාව ඇතුලූ තරගාවලියට එක්ව සිටින කී‍්‍රඩකයින් සහ තරග සංවිධායකින් අතර පැවති සාකච්ඡුාවකදී කී‍්‍රඩාලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා සිටි මෙම තරගාවලිය අවලංගු කිරීමට තීරණය කෙරුණා. මීට පෙර තරග සංවිධායකයින් තීරණය කර තිබුණේ මෙම තරගාවලියේ ඉදිරි තරග පේ‍්‍රක්ෂකයින්ගේ සහභාගීත්වය නොමැතිව පැවැත්වීමටයි.

    කෙසේවෙතත්, ලබන මැයි මාසයේ දී හෝ ඔක්තෝම්බර් මාසයේ දී මෙම තරගාවලියේ ඉදිරි තරග පැවැත්වීම කෙරෙහි තරග සංවිධායකයින්ගෙන් අවධානය යොමුවී තිබෙනවා. මෙම තරගාවලිය සදහා තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්ව යටතේ ශී‍්‍ර ලංකා ප‍්‍රවීණයින්ගේ කණ්ඩායමක් සහභාගි වූ අතර ඊට මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කලූවිතාරන ඇතුලූ ප‍්‍රවීණ කී‍්‍රඩකයින් රැුසක් එක්ව සිටියා.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා ආසාදිත දෙදෙනාට අසාධ්‍ය නැහැ - ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් එන මගීන් දිවයිනට ඇතුළු කර ගැනීම අත්හිටුවයි

    කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
    ඔවුන් සඳහා මේ වන විටත් විශේෂ ප්‍රතිකාර ක්‍රම යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට තවදුරටත් දැනුම් දෙන්නේ මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසටයි.

    මෙම තත්ත්වයත් සමඟ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට විශේෂ වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළා.
    මේ අතර, කොරෝනා වෛරසය පැතිරී යාම වැළැක්වීම සඳහා ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන්ට හෙට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බවයි.
    එමෙන්ම, කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳව යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 0710 107 107 සහ 0113 071 073 යන දුරකථන අංකයන්ට ඇමතිය හැකියි.

    මේ අතර, ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් නිරෝධානයන කිරීම සඳහා දියතලාව ප්‍රදේශයේ කහගොල්ල ආශ්‍රිතව තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් අද ආරම්භ කර තිබෙනවා.
    ඒ අනුව ගුවන් මගීන් නිරෝධායනය කිරීමට දැනට ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 3ක් වන අතර, සෙසු මධ්‍යස්ථාන පූනානි සහ කන්දකාඩු ප්‍රදේශවල පිහිටා තිබෙනවා.

    හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ නිරෝධායන කටයුතු යුද හමුදාවේ මැදිහත්වීමෙන් මේ වන විටත් සිදුකෙරෙමින් පවතින බවයි.
    අදාළ රටවල් 3න් පැමිණි ශ්‍රී ලාංකිකයින් 315 දෙනෙකු අද පෙරවරුවේත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
    එමෙන්ම, කොරෝනා අවදානම හේතුවෙන් හෙට සිට දිවයිනේ සියලූම රාජ්‍ය විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දමන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

    ඒ අනුව සති දෙකක කාලයක් සඳහා විශ්වවිද්‍යාල මෙලෙස වසා තැබෙන බවයි එම කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේ.
    අද සිට නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන්ට ඒවායින් ඉවත් වන ලෙස ද දැනුම්දෙන බව ඔහු තවදුරටත් සඳහන් කළා.
    කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ මේ වන විට පාසල්වලට සහ දහම් පාසල්වලට නිවාඩු ලබාදී තිබෙනවා.
    එම තීරණයට අනුව බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක සියළු පෙරපාසල් සඳහා ද අද සිට ලබන මස 20 දක්වා නිවාඩු ලබාදෙන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

    යුනිසෙෆ් සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    කොරෝනා වෛරසය වාතයේ නොව භූමියේ සැරිසරන බවත්, එබැවින් එය වාතයෙන් සම්පේ්‍්‍රෂණය වීමේ හැකියාවක් නොමැති බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

    එය රෙදි මත පැය 9ක කාලයක් සජීවි වන බවත්, මිනිත්තු 10ක් පමණ විෂබීජයට අත්ලේ රැඳී සිටිය හැකි බවත්, එම නිවේදනයේ සඳහන්.
    සෙල්සියස් අංශක 26, 27 වැනි උෂ්ණත්ව තත්ත්වයන් වලදී කොරෝනා වෛරසය විනාශ වන අතර, උණු වතුර පානය කිරීම සහ හිරුට නිරාවරණය වීම ද වෛරසය පාලනය කළ හැකි තවත් ක්‍රම දෙකක්.

    මේ අතර, කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ ඉන්දියාවේ පළමු මරණය පිළිබඳ තොරතුරු එරට මාධ්‍ය අද වාර්තා කළා.
    76 හැවිරිදි කර්ණාටක ප්‍රාන්තයේ පදිංචි මෙම පුද්ගලයා පසුගිය අඟහරුවාදා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගනු ලැබුවා.
    එමෙන්ම, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ බිරිඳ සුෆිට ද කොරෝනා වෛරසය වැළදී තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය එංගලන්තයේ උත්සවයක් සඳහා සහභාගි වූ අවස්ථාවේදී රෝගී තත්ත්වයකට පත්වූ බවයි.
    මේ අතර, ප්‍රංශයේ සියළු පාසල් සහ විශ්වවිද්‍යාල ලබන සඳුදා සිට වසා තැබෙන බව එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළා.
    ප්‍රංශ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කළේ සියවසක් තුළ ප්‍රංශයට ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය කොරෝනා වෛරසය වන බවයි.

    එමෙන්ම, පිලිපීනයේ මැනිලා නුවර සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කළ බව එරට ජනපති රුද්‍රිගෝ ඩුටරේට් කියා සිටියා.
    පවතින තත්ත්වය හමුවේ ඇමරිකාවේ මිලියන 150කට පමණ කොරෝනා වෛරසය වැලදීමේ අවදානමක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.
    දැනට එරටින් රෝගීන් 1600ක් වාර්තා වී ඇති අතර, පුද්ගල මරණ 40ක් වාර්තා වී තිබෙනවා.

    මේ අතර, දකුණු කොරියාවෙන් වාර්තා වන කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙනවා.
    විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ දිනයෙන් දකුණු කොරියාවෙන් වාර්තා වි ඇති ආසාදිතයින් සංඛ්‍යාව 110ක් බවයි.
    ලොව පුරා මේ වන විට වසංගත තත්ත්වයක්ව පවතින කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 28,343ක්. මරණ 4720ක් වාර්තා වී තිබෙනවා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Australian minister with virus met Ivanka Trump last week

    A photo has emerged of Peter Dutton, the Australian home affairs minister who has tested positive for coronavirus, meeting Ivanka Trump and US Attorney General Bill Barr last Friday.

    Ms Trump is US President Donald Trump's daughter, and also acts as a senior adviser to him.

    Trump කාරයට හැම පැත්තේම බඩු හරි වගේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර

    යුනිසෙෆ් සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    කොරෝනා වෛරසය වාතයේ නොව භූමියේ සැරිසරන බවත්, එබැවින් එය වාතයෙන් සම්පේ්‍්‍රෂණය වීමේ හැකියාවක් නොමැති බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

    එය රෙදි මත පැය 9ක කාලයක් සජීවි වන බවත්, මිනිත්තු 10ක් පමණ විෂබීජයට අත්ලේ රැඳී සිටිය හැකි බවත්, එම නිවේදනයේ සඳහන්.
    සෙල්සියස් අංශක 26, 27 වැනි උෂ්ණත්ව තත්ත්වයන් වලදී කොරෝනා වෛරසය විනාශ වන අතර, උණු වතුර පානය කිරීම සහ හිරුට නිරාවරණය වීම ද වෛරසය පාලනය කළ හැකි තවත් ක්‍රම දෙකක්.

    මේ ගොඩක් ඒවා proven නැහැ. මේක UNICEF එකෙන් කියපු එකක් කියල යන වැරදි message එකක් වගේ.
     
    Status
    Not open for further replies.