BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අමෙරිකාවට ඉදිරි දින 45 තීරණාත්මකයි : ඉතාලියේ මරණ සංඛ්‍යාව 2500 ඉක්මවයි

    කොරෝනා වෛරසය හේතුවෙන් ගතවූ පැය 24 තුලදී ඉතාලියෙන් පුද්ගල මරණ 345ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටිනවා. ඉතාලියේ මේ වන විට පුද්ගලයින් 2503 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 31,506ක් වනවා.

    මේ අතර ප්‍රංශයේද ගතවූ පැය 24ක කාලය තුලදී කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 27ක් වාර්තා වී ඇති අතර මේ වන විට මියගිය පුද්ගලයින් මුළු සංඛ්‍යාව 175ක් වනවා. ප්‍රංශයේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාවෙන් සීයයට 7ක ප්‍රමාණයක්‌ වයසඅවුරුදු 65ට අඩු පුද්ගලයින් ගේ විම විශේෂත්වයක්.

    මේ වන විට ප්‍රංශයෙන් කොරෝනා රෝගීන් 7,730 ක් වාර්තා වන අතර තත්ත්වය පාලනය කිරිමට එරට සම්පුරණයෙන් වසා දැමීමට එරට ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවා.

    මේ අතර අමෙරිකාවේද කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 97 දෙනෙක් මියගොස් ඇති අතර වෛරසය ආසාධිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 5,010 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අමෙරිකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්‌ සිදුකරමින් එරට ප්‍රධාන පෙලේ වසංගත රෝග වෛද්‍යවරයෙක් වන Anthony Facuci ප්‍රකාශ කර ඉදිරි දින 45 එරටට ඉතා තීරණාත්මක කාලයක් වනු ඇති බවයි. ඉදිරි දින 45 අවසානයේදී අමෙරිකාවේ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදුවනු ඇති බවට ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයද අමෙරිකාවට අනතුරු ඇඟවීමක් සිදුකරමින් සඳහන් කර සිටියේ කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාවට මුහුණදීමේ කාලය වැඩි ඈතක නොවන බවයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අද මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීම තහනම්

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 43 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්යල අංශ පවසයි.

    ඊයේ(17) දිනය තුළ පමණක් නව රෝගින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

    මේ අතර කොව්ඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ක්රිතයාත්මක වීම පාලනය කිරීම සඳහා මෙරටට ගුවන් යානා පැමිණීම අද(18) සිට නතර කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට සති 2 ක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙයි.

    කෙසේවෙතත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සාමාන්‍ය පරිදි මෙරටට පැමිණෙනු ඇති.

    එමෙන්ම මෙරටින් මගීන්ට පිටවීම සහ අතරමැදි ගුවන් මගී හුවමාරු කටයුතු ද සාමාන්‍ය ආකාරයෙන් සිදුවන බව සඳහන්.
     
    • Like
    Reactions: Kolama

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Chaos at KIA

    A friend of mine who arrived for a visit just left from Colombo. She rang me and said the airport is in chaos with so many flights cancelled and with no airline offices open, because of the extended public holidays. People camped all over the floor. Also many people travelling in full disposable overalls, gloves and industrial painters masks. She says it's more or less like a circus.:P

    i can imagine.. since i have seen similar kind of situation. but this is not rear situation to the sri lankan airport.:dull: This must be the worst day if someone is traveling
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉන්දියාවේ රැදී සිටින පිරිස අද ලංකාවට


    විදේශයක සිට පැමිණෙන ගුවන් මගීන් හෝ සංචාරකයින් ශී‍්‍ර ලංකාව තුළට ඇතුළත් කර නොගැනීම අද (18) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වනවා.
    ඒ, ශී‍්‍ර ලංකාවට පැමිණෙන සියළු ගුවන් ගමන් අද මධ්‍යම රාති‍්‍රයේ සිට තාවකාලිකව අත්හිටුවීමත් සමගයි.
    මෙම තහනම කි‍්‍රයාත්මක වන්නේ මගී ප‍්‍රවාහන ගුවන් යානාවලට පමණයි. කෙසේවෙතත් ශී‍්‍ර ලංකාවෙන් පිටවීමට ඕනෑම අයෙකුට අවසර ඇති බවයි ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.
    විදේශ බෞද්ධ චාරිකා සංවිධානයේ මහලේකම් ආචාර්ය මහින්ද හල්ඔළුව සදහන් කළේ මේ වනවිට ඉන්දියාවේ රැදී සිටින පිරිස අද දිනය තුළ මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා මරණ 8000 කට ළං වෙයි-පුද්ගලයින් 81734 සුව අතට

    ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට අට දහසකට ආසන්න වී තිබේ.
    විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අසාධිතයින් එක් ලක්ෂ 98,212 දෙනෙකු රටවල් 165කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තා වී ඇති බවයි.


    කෙසේවෙතත් පුද්ගලයින් 81,734 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද එම වාර්තා සඳහන් කළේය.

    වැඩිම මරණ සංඛ්‍යාවක් චිනයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 3226ක් වෙයි.

    චීනයෙන් අසාධිත පුද්ගලයින් 80,881 දෙනෙකු වාර්තා වන අතර ඉතාලියෙන් 31,506 දෙනෙකු වාර්තා වී තිබේ.

    ඉතාලියෙන් මරණ 2503ක් , ඉරානයෙන් මරණ 988ක් , ස්පාඤයෙන් මරණ 533ක් , ප්‍රංශයෙන් මරණ 175ක්, අමෙරිකාවෙන් මරණ 109ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වැළදුණු 43 දෙනාට විශේෂ වෛද්‍ය කණ්ඩායමක අධීක්ෂණය යටතේ ප්‍රතිකාර

    කොරෝනා ආසාදිත රෝගීන් 43 දෙනා මේ වනවිට විශේෂ වෛද්‍ය කණ්ඩායම්වල අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එහි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ, කිසිදු රෝගීයෙකු බරපතළ තත්ත්වයේ නොමැති බවයි.
    කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 220 කට අධික බව ද ඇය සඳහන් කළා ය.
    මේ අතර මධ්‍යස්ථාන 16 ක නිරෝධායනයට ලක්වන විදේශවලින් පැමිණි පිරිස 2258 කි.
    යුද හමුදාව සඳහන් කළේ, විදේශවලින් අද දිනයේ ද මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනය සඳහා දින 14 ක් අදාළ මධ්‍යස්ථානවල රඳවා තබන බවයි.
    මේ අතර නිරෝධායන ක්‍රියාවලියට මෙතෙක් හසු නොවූ පුද්ගලයින් 1500 – 2000 ත් අතර සංඛ්‍යාවක් මේ වනවිට හඳුනා ගෙන ඇති බව යුද හමුදාව පැවසීය.
    ඔවුන්ගේ නිවෙස් හඳුනා ගනිමින් පවතින අතර ඒවා අන් අයට හඳුනා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විසින් විශේෂිත දැන්වීමක් ඇලවීමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ය.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවන කොරෝනා රෝගියාත් සුවය ලබයි

    ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවන කොරෝනා රෝගියාත් සුවය ලබයි
    ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවන කොරෝනා රෝගියා සුවය ලබා ඇති බව රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.
    ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවන කොරෝනා රෝගියාත් සුවය ලබයි

    ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවන කොරෝනා රෝගියාත් සුවය ලබයි
    ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවන කොරෝනා රෝගියා සුවය ලබා ඇති බව රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.
    ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.


    කෙල වෙයි පුතේ දැන් නම් :(

    හොඳ වුන හින්දද?:rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    🌏 A look at this morning's top COVID-19 headlines:

    China gives go-ahead for researchers to begin human safety tests for an experimental coronavirus vaccine https://cna.asia/2wfk4bR

    The WHO calls for "aggressive" action in Southeast Asia to combat COVID-19 https://cna.asia/2TWqF44

    Australia's PM announces "indefinite ban" on foreign travel for citizens. He's also barring all non-essential indoor gatherings of more than 100 people https://cna.asia/2x30kIv

    Get the latest at cna.asia/covid19
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    🌏 A look at this morning's top COVID-19 headlines:

    China gives go-ahead for researchers to begin human safety tests for an experimental coronavirus vaccine https://cna.asia/2wfk4bR


    Chinese researchers were trying about five different methods to create a vaccine. I believe this is the adenovirus vector-based vaccine they are trialling out now.
    But since they have not released details of the animal trials many cannot predict the effectiveness or any potential side-effects.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අමෙරිකාව පුරාම කොරෝනා පැතිරෙයි

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අමෙරිකාවේ සියළු ප‍්‍රාන්තවල පැතිර ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

    ඒ, 50 වන ප‍්‍රාන්තය ලෙස බටහිර වර්ජිනියා ප‍්‍රාන්තයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු තහවුරු කර ගැනීමත් සමගයි.

    විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 6,443 ක්. ගත වූ පැය 24 තුළ අලූතින් රෝගීන් 1,776 දෙනෙකු හමුවී තිබෙනවා. අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාවද 109 ක් දක්වා ඉහළ ගියේ අලූතින් පුද්ගල මරණ 23 ක් වාර්තාවීමත් සමගයි.

    මෙවන් තත්ත්වයක් තුළ අමෙරිකාවේ ප‍්‍රාන්ත 3 ක ප‍්‍රාථමික මැතිවරණයක්ද මේ වනවිට පැවැත්වෙනවා.

    මේ අතර බි‍්‍රතාන්‍යයේද පුද්ගල මරණ 71 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පැය 24 ක් තුළ නව කොරෝනා මරණ 16 ක් වාර්තාවීම ඊට හේතුවී තිබෙනවා. බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වන මුළු රෝගීන් ගණන 1,950 ක්.

    මේ වනවිට චීනයට වඩා යුරෝපා රටවල කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. ඉතාලිය තුළ රෝගීන් 31,506 දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ 2,503 ක් ද සමගයි. ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 533 ක් වාර්තා වන අතර ආසාදිතයින් ගණන 11,826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    USA

    Screenshot_1.jpg
    22222.jpg
    Screenshot_5.jpg
    Screenshot_2.jpg
    Screenshot_3.jpg
    https://www.worldometers.info/coronavirus/country/us/
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇයි බං එහෙම කියන්නෙ? :eek:


    ඉතාලි ඉදල මෙහෙට පැන්න උන් ඉන්නව සෑහෙනට (ගෙවල් ලග පවුලක්ම ඇවිල්ල හැන්ගිලා ඉදල මාට්ටු උනා)
    හුගක් උන් හොරට පාස්පෝට් හදන් වැරදි තොරතුරු දීල ගිය අය..

    ඉතින් එයා පෝට් එකෙන් පනින්ඩ තව හේතුවක් ඒක..

    දීල තියන තොරතුරු වැරදි නිසා ඉන්න තැන් වලින් හොයාගන්නත් නෑ..

    මෙහෙ අවට දැනට 3ක් වගේ confirm කරල අරන් ගිහින් තියනව..



     
    • Like
    Reactions: Kolama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,762
    2
    54,414
    113
    ඉතාලි ඉදල මෙහෙට පැන්න උන් ඉන්නව සෑහෙනට (ගෙවල් ලග පවුලක්ම ඇවිල්ල හැන්ගිලා ඉදල මාට්ටු උනා)
    හුගක් උන් හොරට පාස්පෝට් හදන් වැරදි තොරතුරු දීල ගිය අය..

    ඉතින් එයා පෝට් එකෙන් පනින්ඩ තව හේතුවක් ඒක..

    දීල තියන තොරතුරු වැරදි නිසා ඉන්න තැන් වලින් හොයාගන්නත් නෑ..

    මෙහෙ අවට දැනට 3ක් වගේ confirm කරල අරන් ගිහින් තියනව..




    දඬුවම් නැතුව බාරවෙන්න අවස්ථාව දීල තියෙනවනෙ, ඒ අයට පොලිසියට කතා කරන්න කියල එස් එම් එස් එවල තියෙන්නෙ නම්බර් එක්ක
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉතාලි ඉදල මෙහෙට පැන්න උන් ඉන්නව සෑහෙනට (ගෙවල් ලග පවුලක්ම ඇවිල්ල හැන්ගිලා ඉදල මාට්ටු උනා)
    හුගක් උන් හොරට පාස්පෝට් හදන් වැරදි තොරතුරු දීල ගිය අය..

    ඉතින් එයා පෝට් එකෙන් පනින්ඩ තව හේතුවක් ඒක..

    දීල තියන තොරතුරු වැරදි නිසා ඉන්න තැන් වලින් හොයාගන්නත් නෑ..

    මෙහෙ අවට දැනට 3ක් වගේ confirm කරල අරන් ගිහින් තියනව..



    :(:dull:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දඬුවම් නැතුව බාරවෙන්න අවස්ථාව දීල තියෙනවනෙ, ඒ අයට පොලිසියට කතා කරන්න කියල එස් එම් එස් එවල තියෙන්නෙ නම්බර් එක්ක

    හුගක් අය කියන්නෙ නෑ..
    ලෙඩේ හැදුන කියල වගේ තේරුනොත් කියයි..
    ඒ වෙද්දි කීයකට බෝ වෙලා තියෙයිද කවුද දන්නෙ.. :(
     
    Status
    Not open for further replies.