BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    කොරෝනා රෝගීන් ගණන 76 ක් දක්වා ඉහළට




    Thawa poddak wedi wei, eth mehema minissu athule iddi grow wena curve eka adu wenawa. eeta passe flat rate ekakata awama hari :) etakan poddak iwasan inna tiyenne.



    kalin wedi widiyata wedi unanam apita italy wage wenna wenawa
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    සදුදත් ඇදිරි නීතිය ලු , අගහරුවද 6am අයින් කරනවා කිව්වේ දැන් :(
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

    යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගි වූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ සමගම එම පූජාවට සහභාගී වූ යාපනයේ බැතිමතුන් සොයා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

    මේ වන විට දේවස්ථානය වටලා පුද්ගලයන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

    යාපනයේදී උපත ලබා ඇති මෙම පූජකවරයා විසින් මෙහෙයවන ලද සුවකිරීමේ දේව මෙහෙයට 250 කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බව වාර්තා වේ.

    මෙම පූජකවරයා සමීපව ඇසුරුකළ පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ශරීරයේ ඇති වූ උණ සහිත රෝග ලක්ෂණ හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ. එහෙත් එම පුද්ගලයන් දෙදෙනාට නිශ්චිතවම වයිරසය ආසාදනය වී ඇත්දැයි මෙතෙක් කීමට නොහැකි බැවින් පරීක්ෂණ කරන බවත් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.

    යුදහමුදාව, පොලීසිය, ග්‍රාමසේවකවරුන් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ඇතම් බැතිමතුන් පිළිබඳව මේ වන විටත් තොරතුරු ආරක්ෂක අංශ වෙතට ලැබී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය පවසයි.

    මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වයිරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා වෙයි.

    එමෙන්ම එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති සී.සී.ටී.වී. කැමරා උපයෝගී කර ගනිමින් පූජාවට සහභාගී වූ අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු කරන බවත් එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත් උතුරු ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

    යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ බවට සැකකෙරෙන යමක් ශරීරයෙන් පෙන්නුම් කරන්නේ නම් වහාම 021-2227278 යන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලය දැනුවත් කොට රෝහල්ගත වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

    Source: lankadeepa.lk
     
    Last edited:
    Status
    Not open for further replies.