Breaking ! Floods

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    රටපුරා බොහෝ ප‍්‍රදේශවලට අද (19) දිනයේත් වැසි අපේක්‍ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කරන්නේ පසුගිය දිනවල ඇති වූ අඩුපීඩන ප්‍රදේශය මේ වන විට කන්කසන්තුරේට උතුරින් කිලෝමීටර 500 ක් පමණ වූ තත්ත්වයක් යටතේ ස්ථානගත වී ඇති බවයි. එය තව තවත් වර්ධනය වෙමින් ඇති බවත් සඳහන් කළා.

    ඉදිරි පැය 24 තුළදී එම තත්ත්වය සුළි සුළඟක් දක්වා වර්ධනය විය හැකි බවට විශ්වාස කෙරෙන අතර ඒ තුළට ගමන් කරන සුළං පද්ධති ශ්‍රී ලංකාව හරහා ගමන් කරන හේතුවෙන් අද දිනයේ බස්නාහිර, දකුණ සහ වයඹ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේ. මෙම තත්ත්වය මධ්‍යම පළාතට සහ උතුරු මැදටත් බලපාන බවත් ඒ මහතා පැවසුවා.

    රටවටා බොහෝ මුහුදු ප‍්‍රදේශ වරින්වර රළු වීමටද ඉඩ තිබෙන බවත් ධීවර සහ නාවික කටයුතු වලදී ඉතා විමසිලිමත් විය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

    :angry::angry::angry::angry:

    සුලිසුලනුත් එනවද අපෝ යකෝ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මිනිස්සු එකතු වෙන්න ඕනෙ. :yes::yes:
    සුනාමියෙන්, යුද්ද දිනපු එකෙන් ඉගනගත්තෙ නැති එක මේකෙන්වත් ඉගනගමු !
    සුනාමියෙන්, යුද්ද දිනපු එකෙන් ඉගනගත්තෙ නැති ewa me sathiyaka gan waturen igenaganida ban ape ewun :lol:
    :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    සුලිසුලනුත් එනවද අපෝ යකෝ
    සුලිසුලන් එන කතාව නම් බොරුවක් කියල ආරංචි උනා.
    government එකෙන් දෙන official news මිසක් අනික් ඒවා බොරු පතුරන ඒවත් තියෙනව. පොඩ්ඩක් කල්පනාවෙන් හරි source එක හොයල බලන්න :yes:
    http://www.dmc.gov.lk/index_english.htm
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කැලනි ගගේ ජල මට්ටම දිගින් දිගටම තවමත් වැඩි වෙමින් පවතින බැවින් වහාම ආරක්ශා සහිත ස්ථාන කරා යන්න. මේ වන විට වැල්ලම්පිටිය ප්‍රදේශයේ බොහොමයක් ප්‍රදේශ යට වී ඇත. වත්තල ඇතුලු ප්‍රදේශ වලට බස් පමනක් ධාවනය කල හැක.
    මම නම් ඉන්නෙ නුවර. දන්න යාලුවො ඔක්කොටම කියන්න. හොයල බලන්න. මහ රෑ ප්‍රශ්න වැඩී. කාවවත් තනි කරන්න එපා !

    යුද්දෙ දිනපු දවසෙම මෙහෙම වැඩක් අපේ රටට උනේ මම හිතන්නෙ මිනිස්සුන්ට දැන්වත් එකතු වෙලා වැඩ කරන එක ගැන ස්වාභාවධර්මයෙන්ම කියල දෙන්න වෙන්න ඇති. අවුරුදු 7කට කලින් අපි කිරිබත් කෑවෙ පක්ශ පාට මොකුත් නැතුව උනාට මාස 6ක් යනකොට ආය මිනිස්සු බෙදිල. දැන්වත් එකතු වෙන්න කාලෙ හරි. නැත්තන් දේශපාලුවෝ අසරණ මිනිස්සුන්ට බෝලෙ බස්සලා උන් දියුනු වෙනව. මේ වෙසක් එකටවත් පිස්සු මනස්ගාත අතඇරල රටක් විදියට එකතු වෙන්න බලමු. ජපානෙ වගේ ගේමට එන්ටර් වෙමු. :yes::yes::yes:

    ප්‍රේ කරාට වැඩක් නෑ.මිනිස්සු එකතු වෙන්න ඕනෙ. :yes::yes:
    සුනාමියෙන්, යුද්ද දිනපු එකෙන් ඉගනගත්තෙ නැති එක මේකෙන්වත් ඉගනගමු !
    :yes::yes:
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    :angry: :angry: :angry: :angry:

    4rKg5fH.png


    Ridila :D
     
    • Like
    Reactions: nvhcc89