You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අබේවර්ධන බාලසූරිය මහතාගේ ගීතයක් මා ඊයේ රාත්රියේ පද පේලි අතරට එක් කලේ, අද දින ඔහුගේ අකල් මරණය ගැන අසන්නට නම් නොවේ.එහෙත් දෛවයේ සරදමක් මෙන් අද ආරංචිවූ මේ පුවතින් මා අතිශයින් කම්පා වීමි. අපගේ ආදරණීය ගායකයින් මෙසේ අකාලයේ මිය යාම, ගීත රසිකයින්වු අපට දරා ගත නොහැකි වේදනාවකි. දරාගත නොහැකි පාඩුවකි.
මිනිසකු විලස ඉපදුනු පල ලබන්නටත්, අවසන් හුස්ම පොද නොබියව හෙලන්නටත්, අද ඔබට හැකි වුනා. අද ඔබ මලත්, හෙට ඔබ උන් සුවඳ ඇති. කොයිතරම් දෛවෝපගත ගීතයක්ද !
ඔබට නිවන් සුව ලැබේවා !
අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසකු විලස ඉපදුනු පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට
දහදිය දියවුනේ නෑ මාලිගාවල
කඳුලැලි වැටුනෙ නෑ නිවටුන් දෙපා මුල
ගත හැඩි දැඩි වුනේ ළඳුවල කැලෑවල
කරගැට මතුවුනේ නගුලට උදැල්ලට
මහ කෙත් රණ බිමට වැදගෙන උදළු කෙටි
මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැති
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇති
අබේවර්ධන බාලසූරිය
http://www.mediafire.com/?mjogn4iy4wo