BREAKING NEWS පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි?
චන්න ජයවික්‍රම.මිලානෝ සිට........FB
BREAKING NEWS
පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි??
ලබන වසරේ ජනවාරි 13 - 15 දක්වා යෙදීමට නියමිතව තිබූ ශුද්ධෝත්තම පලමුවන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවේ පවතින තත්වය සලකා අවලංගු කිරීමට සිදුවන බව වතිකානු රජය විසින් ශ්‍රී ලංකා රජයට නිල නොවන ආකාරයට දන්වා ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මේ පිළිබඳව වතිකානුව විසින් ඔවුන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා වන අතිපූජ්‍ය කාදිනල් මැල්කම් හිමිපාණන් හරහා ශ්‍රී ලංකා රජයට දන්වා ඇති අතර මේ පිළිබඳව අවසාන මොහොත දක්වා ශ්‍රී ලංකාවේ මාධ්‍යයන්ට කිසිවක් සඳහන් නොකරන ලෙස රජය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගෙන් දැඩිව ඉල්ලා ඇතැයි ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ශුද්ධෝත්තම පාප්තුමාගේ සංචාරය අවලංගු වීම සඳහා ශ්‍රී ලංකාව තුල මේ වන විට පවතින දේශපාලනික මෙන්ම කාලගුණික තත්වයද හේතුවී ඇති බව සඳහන් වන අතර මෙම සංචාරය අවලංගුවීම රජයට හිතවත් කතෝලික ඡන්ද කෙරෙහි බලපෑමක් ඇති විය හැකි බැවින් මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරීම ඡන්දය අවසාන වන තෙක් අත්හිටවන ලෙස රජය කාදිනල් මැල්කම් හිමිපාණන්ගෙන් කාරුණිකව ඉල්ලා තිබේ.
මෙම තත්වය ආරංචි වූ විගස ආණ්ඩුවේ කතෝලික නායකයන් කැඳවා ඇති ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ආයාචනා කොට ඇත්තේ දන්න කවර උපක්‍රමයක් දමා හෝ කවර වියදමක් හෝ දරා වතිකානුවේ තීරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ප්‍රථමව එය වෙනස් කර ගැනීමට උපරිම උත්සාහයක් දරණ ලෙසයි.

Last edited: