BREAKING NEWS: යෝෂිතට සහ ඩේසි අාච්චිට අධි චෝදනා..🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,615
    113


    යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

    නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවිය.

    මෙහිදී විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියම කෙරුණි.

    ඒ අනුව පූර්ව නඩු විභාග මැයි මස 30වනදා පැවැත්වීමට අධිකරණය නියම කළේය.