Breaking News: වෙළෙඳපොළේ ගෑස් හිඟයක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඩොලර් අර්බුදය හමුවේ ගෑස් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ ඉන්ධන අර්බුදය මධ්‍යයේ මේ වන විට වෙළෙඳපොළේ ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව සහ අලෙවි නියෝජිතයන් පවසන්නේ වෙළෙඳපොළ තුළ යළිත් වරක් ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

    ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ ඉකුත් සිකුරාදා සිටම ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි. ඒ අනුව ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල් සඳහා ද ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නතර කර තිබේ.

    ගෑස් රැගත් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති අතර ඩොලර් අර්බුදය හමුවේ මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම ගැටලුවට හේතු වී ඇති බව ලිට්‍රෝ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට මේ වන විට බලපෑම් එල්ල වී තිබේ.


    අරුණ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අඩෝ තව මාස 6කින් මොනව වෙයිද කියලා හිතෙනකොට හිතට ලොකු බයක් දැනෙනවා බං.
    ගෑනි දර ලිපේ උයන්නෙ ගෑස් ටික ඉතුරු කර ගන්න
    වැඩ කරගන්න විදිහක් නෑ මේ කරන්ට් එක කපන සීන් එක නිසා. පවර් ටූල් වලින් අමාරුවෙන් ශේප් වෙනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අපිට කලින් වගේ දර සෑයවල් වල මිනී පුච්චන්න පුළුවන්.
    තරු පහේ හෝටල් වල ගෑස් නැති නිසා නිකන්ම තරු ටික ගැලවිලා වැටෙයි. කරන්ට් එකත් නැති ඉන්ඩක්ෂන් කුකර් වලින් ඇති තේරුමකුත් නෑ.
    බේකරි වල දර ලිපේ පාන් හදයි.