කටුනායක ගුවන් ගමන් නවතී : විදුලියත් නෑ : 4000ක් වර්ජනයේ
කටුනායක අන්තර්ජාතික ගුවන්තොටේ 4000ක් පමණ සේවකයෝ අද උදේ වර්ජනයක් ඇරැඹූහ. ඉල්ලීම් පහක් මුල් කරගෙන ඔවුහු මේ වර්ජනය ගෙන යති.
ගුවන් තොටුපොළේ සියලු කටයුතු ඇන හිට ඇත.
අද උදේ උදේ 10.03ට විදුලිය විසන්ධි වූ අතර 10.45 පමණ සේවකයෝ විදුලි ජනන යන්ත්‍ර ඇති පෙදෙස්හි බලය සියතට ගෙන විදුලිය විසන්ධි කර දැමූහ.
මින් මොහොතකට පෙර ගුවන්තොටේ දුරකතන ද ක්‍රියා විරහිත විය.
රුපියල් දස දහසක දීමනාවක්, වෛද්‍ය රක්ෂණයක්, 4%ක ආපදා ණය, පිය පුතු පදනම මත රැකියා, ආරක්ෂක අංශය ප්‍රධානියා ගැන පරීක්ෂණයක් අරඹීම ඇතුළු ඉල්ලීම් පහක් මත ඔවුහු මේ වර්ජනය කරති.
http://www.lankadeepa.lk/index.php/top_story/273652