වැල්ලවාය - මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල උනාවටුන ප්‍රදේශයේදී, එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් අද(15) අලුයම සිදුවූ අනතුරකින් තිරෝද රථයේ ගමන් කරමින් සිටි රියදුරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර දරුවන් දෙදෙනා සහ බිරිඳ බරපතල තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කෙරුනා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි නිශාන්ත දේවප්‍රිය බණ්ඩාර නැමැති අයෙක් වන අතර මෙම පිරිස අම්පාර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටින අතර මෙම අනතුර සිදු වී ඇතිබව වාර්තා වනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි නිශාන්ත දේවප්‍රිය බණ්ඩාර නැමැති අයෙක් වන අතර මෙම පිරිස අම්පාර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටින අතර මෙම අනතුර සිදු වී ඇතිබව වාර්තා වනවා.