int this
දනුනගේ සේප්පු විවෘත කරයි
http://www.fmderana.lk/sinhala/news.php?nid=6715
February 15, 2010 02:20 pm
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට අද විවෘත කර තිබේ.
කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතාගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි.
ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.525,000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ.
මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇතැයි කියැවේ.