fissu hadeiLOL malli umba thamath olmaden da inne?...SF ge kaliwath hoyanna wenne naa dan...

fissu hadeiLOL malli umba thamath olmaden da inne?...SF ge kaliwath hoyanna wenne naa dan...

"දෙන්නගෙන් කවුරු දින්නත් මට සතුටුයි"
January 25, 2010
![]()
පසුගිය දිනෙක කටුනායක දහඅටේ කණුව ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් තරඟයක් පැවැත්විණි. එහි විශේෂත්වය වූයේ මෙම තරඟය පැවැත්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ සහ අභාවප්‍රාප්ත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පුත් භානුක ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන් නායකත්වය ගත් කණ්ඩායම් 2ක් අතර වීමය. ඊට සනත් විමලසිරි, දමයන්ත පෙරේරා, ශලිනි තාරුකා, සුප්‍රියා අබේසේකර සහ පාලිත පෙරේරා ආදී නළු නිළියන් ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ. ඔවුන් ද එම කණ්ඩායම් 2ක යටතේ ක්‍රීඩා කළහ.
කාසියේ වාසිය භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ කණ්ඩායමට හිමිවූ අතර ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නාමල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට ලබාදුන්නේය. ඒ අනුව පිටියට පිවිසි නාමල් රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම මුහුණදුන්නේ භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පන්දුවකටය. දක්ෂ පිති හරඹයක යෙදීමට හැකිවූ නමුත් අවසානයේ ඔහුට දැවීයාමට සිදුවූයේ ද ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අතට උඩ පන්දුවක් ලබාදීම නිසාය.
නාමල් රාජපක්ෂගේ කණ්ඩායමට ලකුණු 73ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ භානුකගේ කණ්ඩායම ලකුණු 76ක් ලබාගනිමින් ජය වාර්තා කළේය. මෙම තරඟය සංවිධානය කර තිබුණේ ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. වරක් ඈ අසලට පැමිණි ඇගේ ආධාරකරුවකු ඇය සතුටට පත්වන්නේ කාගේ කණ්ඩායම ජයග්‍රහණය කළහොත් දැයි විමසා සිටියේය. ඇය සිනහව රැඳුණු මුවින් මෙසේ පිළිතුරු දුන්නේය
" ඒ දෙන්නගෙම තාත්තල හුඟක් හොඳ යාළුවො. නාමලුත් මගෙ දරුවෙක්. ඉතිං දෙන්නගෙන් කවුරු දින්නත් මට සතුටුයි. "
karuna kara meweni unusum mohothaka katawath apahasa wana paridiEla kiri
මා අපේක්ෂකත්ව සුදුසුකම් සපුරලා - ෆොන්සේකා