Brough Superior

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Lawrence of Arabia පිලිබදව අසා තිබේ නම් හෝ චිත්‍රපටය නරබා තිබේ නම් Brough Superior මෝටර්සයිකලය ගැනත් අසා තිබිය යුතුමය.
    එකල The Rolls Royce of Motorcycles ලෙස හැදින්වූ මෙය වචනයේ පරිසමාත්ප අර්ථයෙන්ම මෝටර්සයිකල් ලෝකයේ Rolls Royce එකක් විය.

    එංගලන්ත ජාතික George Brough මහතා විසින් ආරම්භ කල Brough Superior සමාගම බයික්, සයිඩ් කාර් හා කාර් නිෂ්පාදනය කිරීමට නම් දැරුහ. ඔවුන්ගේ වඩාත්ම ප්‍රචලිත මෝටර්සයිකලය නම් Brough Superior SS100 යි. එය සමාගමේ නිර්මාතෘ George Brough, engine designer Val Page හා මෝටර්සයිකල් රේසින් ධාවක/engine tuner Bert le Vack තිදෙනාගේ දායකත්වයේ අග්‍ර පලයයි.

    1000cc කාණ්ඩයේ මෝටර්සයිකල් වන මෙහි මුල්කාලීන එන්ජිම සදහා, JAP එන්ජින් නමින් ලොව ප්‍රචලිත, එංගලන්තයේ JA Prestwich Industries සමාගම මගින් නිෂ්පාදිත V twin Twin cam එන්ජින් යොදාගත්හ. පසුකාලීනව මේ සදහා Matchless එන්ජින් යොදාගත්හ.

    මේ 1924 වර්ෂයයි. එවකට බොහෝ මෝටර්රථවල උපරිම වේගය 65kmph පමණ වූ අතර Brough Superior හි වේගය 180kmph විය!

    Brough Superior මෝටර්සයිකලය Bert le Vack විසින් ධාවනය කර speed records නවයක් පිහිටුවා ඇත.





     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,495
    15,857
    113
    111
    Gotham
    batman.com
    movie ekat patta.

    Lawrence ge eka
    cef9n3t54da11.jpg
     
    • Like
    Reactions: Bowman