කෙනෙක්ට නිවන් දකින්න පෙර කළ කුසල් තියෙන්න ඕනි. දකින දකින පුද්ගලයව නිවන් දක්වන්න බුදුවරුන්ට බෑ.1)buduhamduruwanta siyalu sathywayo niwan dakkana aramunak tibbada?
තුම්හෙහි කිච්චමාතප්පං,
අක්ඛාතාරො තථාගතා
(බුදුවරු නිවන් මග පෙන්වන්නෝය. වීර්ය්‍ය වැඩිම නුඹලා විසින් කළ යුතුය.)
ඇරත් සියලු සත්වයෝ කොහොමත් බෑ. මොකද සියලු සත්වයෝ කිවහම "තිරිසන්,ප්‍රේත, නිරාගාමී භවවල සත්වයොත් අයිතියි. ඔවුන්ට ධ්‍යාන හෝ මාර්ග ඵල ලබන්න බෑ.
සැවොම නිවනට පැමිණ වීමට තියා පවින් වැළැක්වීමටවත් බුදුරජාණන් වහන්සේ උත්සහ කළේ නෑ. ජේතවනාරාමය අසළ ඌරන් මරමින් ජීවත් වූ චුන්ද සූකරට බණ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ වැඩියේ නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ නුවණැත්තන්ට පමණයි.
2)siyalu sathywo kerehi maitreeyak tiyenawada
බුදුවරුන්ට පමණක් නෙවෙයි පසේ බුදුවරු , රහතන් වහන්සේලා පවා සියලු සත්වයන්ට මෛත්‍රි කරති.
මෛත්‍රිය කියන්නේ අද්වේශය. බුදුවරු කිසිවෙකුට ද්වේශ නොකරති. කිසිවෙකු කෙරෙහි ගැටීමක් බුදුවරුන්ට තියා රහතන් වහන්සෙලාවත් නොමැත. කිසිදු අරමුණක් පිළිබද ගැටීමක් හෝ ඇලීමක් උන්වහන්සෙලාට නැත.
ඇරත් මෛත්‍රිය කියන්නේ දසපාරමිතා වලින් එකක්. බෞද්ධ දර්ශනය තුළ මෛත්‍රියට හිමි තැන ගොඩක් වැදගත්. බුදුන්ට දෙන දානයටත් වඩා මෙත් වැඩිම මහානිසංස දෙන්නක් බව වෙලාම සූත්‍රයේ සදහන් වෙනවා.
Laukika jivithe atha arapu ekenkta ehema laukika aramunu tiyenna puluwanda?
බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට හෝ රහතන් වහන්සේලාට ලෞකික අරමුණු නෑ. නිවන යනු ලෞකික සුවයක් නොවේ. පංච ඉන්ද්‍රියන්ගෙන් භුක්ති විදින ලෞකික විදීමක් එහි නැත. නිර්වාණය කරා සත්වයන් මෙහෙය වීම ලෞකික අරමුණක් නොවෙයි. යම් අරමුණක් ඉටු කර ගැනීමෙන් ඔබ බලාපොරොත්තුවන යමක් ඇත. නමුත් බුදුවරුන්ට එසේ නැත.
මධ්‍යම ප්‍රතිපදාව පිළිබද ඔබට නිසි දැනුමක් නැත. මධ්‍යම ප්‍රතිපාදාව කුමක්දැයි කියවා බලන්න.Middle path kiyala dunna ekeneta ehema asimitha maitree ekak tiyenna puluwanda?

