Buddhism question

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඇත්තටම ඔතන නිපුන ගැන කියන්න ඔයාට දත්ත මදි 🙂. ඒක හැම වෙලාවෙම එහෙමයි . ඔහොම කඩා බලන්න ඕන හැබැයි අන්තිමට material ,data level වල ලොකු වෙනසක් නෑ😉

    ඔවු ෆ්‍රිකුවන්සි රෙන්ජ් එකක කොටසක් තමයි මැටිරියල් කියන්නෙත්, මෙහෙම දෙයක් තියෙනවා මැටිරියල් ලෙවල් එකක තමයි ඩෙටා වදින්නෙ, ඔවා ඔක්කොම යන්නෙ ඉලෙක්ට්‍රො ගනයට, රෙසනස් වලින් තමයි විශ්ව ක්‍රියා වලිය වෙන්නෙ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,907
    113
    සියල්ලෙන් පිට ගැන අදහසක් ගන්න බෑ කිව්වොත් වඩා නිවැරදියි මගෙ හිතේ... තියෙනව කියන්නවත් නෑ කියන්නවත් අපේ මානසික වපසරිය මදි... මේවා වචන වලින් විස්තර කරන්න බෑ කියන දේට හොඳ නිදසුනක් :-)

    සියල්ලෙන් පිට අදහසක් ගන්න බැ කිව්ව ගමන්ම...පිටක් ඇත හෝ නැත හෝ ඇත/නැත, නමුත් වපසරිය මදි නිසා එය කිව නොහකිය...

    බැලුවොත් පෙනේ අයෙත් අන්තෙටමයි යන්නෙ..

    ඔය විදිහට නෙවෙයි බුද්ද දෙශනාව, රාගක්කයො දෙශක්කයො මොහක්කයො නිබ්බානන්

    බව නිරොදෙන් ජාති නිරොද වෙනවා

    රුපයෙන් වෙදනාවෙන් .................... සංකාරයෙන් තොරව වි‍ංඥානය පැවැත්මක් කියලා නැ

    අනිදස්සන වි‍ංඥානය දාලා තියෙන්නෙ මනට දම්ම ගට්ටනය කරන ආවාස්තා කියන්න දම්මායතන සම්බන්ද

    වි‍ංඥානය කියන්නෙ දැනිමට, දැනිම හදන්නෙ අවිද්‍යවෙන් සංකාර කරලා

    පටිච්චසමුප්පාද නිරොදෙ කො වි‍ංඥානයක්

    සංකාර පච්චයා වි‍ංඥාන, සංකාර නිරොදො වි‍ංඥාන නොරොදො

    ඔතන (අනිදස්සන) වින්නානය කියන්නෙ නිවනට මට මතක විදිහට...
    ------ Post added on Dec 25, 2023 at 11:51 AM
     
    • Like
    Reactions: nipund and MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    සියල්ලෙන් පිට අදහසක් ගන්න බැ කිව්ව ගමන්ම...පිටක් ඇත හෝ නැත හෝ ඇත/නැත, නමුත් වපසරිය මදි නිසා එය කිව නොහකිය...

    බැලුවොත් පෙනේ අයෙත් අන්තෙටමයි යන්නෙ..
    ඔව් ඉතිං, කොහෝම කිව්වත් ඕක තක්කෙටම වචන වලින් කියන්න බෑ, කොහෙන් ගියත් අන්තෙකම තමයි...
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔතන (අනිදස්සන) වින්නානය කියන්නෙ නිවනට මට මතක විදිහට...
    ------ Post added on Dec 25, 2023 at 11:51 AM

    අනිදස්සන දම්මායතන පටිපන්න රුපන් කියලා තියෙන්නෙ, දම්මායතන විදියට ඇත්තෙ නාම ගොත්ත වෙන්න ඔන
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,907
    113
    ඔව් ඉතිං, කොහෝම කිව්වත් ඕක තක්කෙටම වචන වලින් කියන්න බෑ, කොහෙන් ගියත් අන්තෙකම තමයි...

    කෙනෙක් අහුවොත්...වපසරිය වැඩි උන ද්වසට...සියල්ලෙන් පිට ඇත ද නැතිද කියල?

    අනිදස්සන දම්මායතන පටිපන්න රුපන් කියලා තියෙන්නෙ, දම්මායතන විදියට ඇත්තෙ නාම ගොත්ත වෙන්න ඔන

    (දීඝනිකායේ කේවට්ට සූත්‍රයෙන්)

    “විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං
    එත්ථ ආපො ච පඨවී තේජෝ වායෝ න ගාධතී
    -
    එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අනං ථූලං සුභාසුභං,
    එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති,
    විඤ්ඤාණස්ස නිරෝධෙන එත්ථෙතං උපරුජ්ඣති.”
    තේරුම:-

    ඉහත දැක් වූ ගාථාවන්හි එන “විඤ්ඤාණං අනිදස්සනං අනන්තං, සබ්බතෝපභං” යන වචන විශේෂයෙන් සැලකිය යුතු වචන සතරෙකි. විඤ්ඤාණං යන වචනය පිටකත්‍රයේ බොහෝ තැන්වල යෙදී තිබෙන්නේ සිතය යන අර්ථය දැක්වීමටය. මෙහි ඒ වචනය යොදා තිබෙන්නේ නිවනය යන අර්ථය සඳහා ය. ඤාණ යනු සාමාන්‍යයෙන් ප්‍ර‍ඥාවට නමෙකි. වි යන්න නොයෙක් අර්ථයන්හි යෙදෙන උපසර්ගයෙකි. මෙහි වි යන උපසර්ගය මුලය යොදා ඇති ඤාණ යන්නෙන් කියැවෙන්නේ, නිවන සාමාන්‍ය ඥානයෙන් නොව ලෝකෝත්තර මාර්ගඵල චිත්තයන්හි යෙදෙන විශිෂ්ටඥානයෙන් දත යුත්තක් වන බවය. නිවන පෘථග්ජනයන්ට ඇතිවන සාමාන්‍ය ඥානයට විෂය දෙයක් නො වන බව එයින් කියැ වේ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    මානසික වපසරිය කියන ස‍ංකල්පයෙන් ඔයාව limit කරගන්නවාද මන්ද 🤷
    අපි කැමති වුනත් නැති වුනත් එකෙන් අපිව limit වෙනව නේද? ඒකනේ අපි ඒක පුළුල් කරගන්න උත්සහවන්ත වෙන්න ඕනි...
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කෙනෙක් අහුවොත්...වපසරිය වැඩි උන ද්වසට...සියල්ලෙන් පිට ඇත ද නැතිද කියල?

    (දීඝනිකායේ කේවට්ට සූත්‍රයෙන්)

    “විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං
    එත්ථ ආපො ච පඨවී තේජෝ වායෝ න ගාධතී
    -
    එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අනං ථූලං සුභාසුභං,
    එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති,
    විඤ්ඤාණස්ස නිරෝධෙන එත්ථෙතං උපරුජ්ඣති.”
    තේරුම:-

    ඉහත දැක් වූ ගාථාවන්හි එන “විඤ්ඤාණං අනිදස්සනං අනන්තං, සබ්බතෝපභං” යන වචන විශේෂයෙන් සැලකිය යුතු වචන සතරෙකි. විඤ්ඤාණං යන වචනය පිටකත්‍රයේ බොහෝ තැන්වල යෙදී තිබෙන්නේ සිතය යන අර්ථය දැක්වීමටය. මෙහි ඒ වචනය යොදා තිබෙන්නේ නිවනය යන අර්ථය සඳහා ය. ඤාණ යනු සාමාන්‍යයෙන් ප්‍ර‍ඥාවට නමෙකි. වි යන්න නොයෙක් අර්ථයන්හි යෙදෙන උපසර්ගයෙකි. මෙහි වි යන උපසර්ගය මුලය යොදා ඇති ඤාණ යන්නෙන් කියැවෙන්නේ, නිවන සාමාන්‍ය ඥානයෙන් නොව ලෝකෝත්තර මාර්ගඵල චිත්තයන්හි යෙදෙන විශිෂ්ටඥානයෙන් දත යුත්තක් වන බවය. නිවන පෘථග්ජනයන්ට ඇතිවන සාමාන්‍ය ඥානයට විෂය දෙයක් නො වන බව එයින් කියැ වේ.

    වි‍ංඥානය කියන්නෙ දැනිමට, දැනිම හදන්නෙ අවිද්‍යවෙන් සංකාර කරලා

    පටිච්චසමුප්පාද නිරොදෙ

    සංකාර පච්චයා වි‍ංඥාන, සංකාර නිරොදො වි‍ංඥාන නොරොදො

    අවුල ලිහෙනවා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,907
    113
    වි‍ංඥානය කියන්නෙ දැනිමට, දැනිම හදන්නෙ අවිද්‍යවෙන් සංකාර කරලා

    පටිච්චසමුප්පාද නිරොදෙ

    සංකාර පච්චයා වි‍ංඥාන, සංකාර නිරොදො වි‍ංඥාන නොරොදො

    අවුල ලිහෙනවා

    දැනීම කියන්නෙ වෙදනාව....වින්නනය දැන ගැනීම කියල තමයි ගන්නෙ..

    වින්නානය එක එක තැනදි එක එක විදිහට දැක්වෙනව...සිතට, දැනගැනීමට. ඔය අවස්තවෙදි නිවනට...කොන්ටෙක්ස්ට් එක හරියට තේරුම් ගත්තාම ලිහන්න අවුලක් ඇති වෙන්නෙ නැ.
     
    • Like
    Reactions: nipund

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    කෙනෙක් අහුවොත්...වපසරිය වැඩි උන ද්වසට...සියල්ලෙන් පිට ඇත ද නැතිද කියල?
    එයාට කියන්න තියෙන්නෙ ඒ ගැන කියන්න වපසරිය වැඩිවෙනකන් ඉන්න වෙනව කියල :-)
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    දැනීම කියන්නෙ වෙදනාව....වින්නනය දැන ගැනීම කියල තමයි ගන්නෙ..

    වින්නානය එක එක තැනදි එක එක විදිහට දැක්වෙනව...සිතට, දැනගැනීමට. ඔය අවස්තවෙදි නිවනට...කොන්ටෙක්ස්ට් එක හරියට තේරුම් ගත්තාම ලිහන්න අවුලක් ඇති වෙන්නෙ නැ.
    වෙදනාව කියන්නෙ පන්චස්කන්දෙන් එකක් විතරයි, රුප දැනගන්නෙත් වි‍ංඥාන, වෙදනාත් වි‍ංඥාන, සංකාරත් වි‍ංඥාන දැනගන්න එකත් වි‍ංඥාන,

    වෙදනා වෙන්නෙත් අවිද්‍යා පච්චයා සංකාර කරලා, පස්ස පච්චයා වෙදනා, රාග සම්පර්ශ වෙදනා, (විපාක සැප දුක නෙවෙයි)
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    අපි කැමති වුනත් නැති වුනත් එකෙන් අපිව limit වෙනව නේද? ඒකනේ අපි ඒක පුළුල් කරගන්න උත්සහවන්ත වෙන්න ඕනි...
    ඉන්න තැන් නිවෙන්න 💥🙂
    හොයන එකමයි ගින්න
    ඇයි හොයන්නෙ? මොකෙන් කාව ගලවන්න ද? කාගෙ මොන වපසරිය ද?

    සැ.යු මේක හැමොටම අදාල නෑ.

    ඔවු ෆ්‍රිකුවන්සි රෙන්ජ් එකක කොටසක් තමයි මැටිරියල් කියන්නෙත්, මෙහෙම දෙයක් තියෙනවා මැටිරියල් ලෙවල් එකක තමයි ඩෙටා වදින්නෙ, ඔවා ඔක්කොම යන්නෙ ඉලෙක්ට්‍රො ගනයට, රෙසනස් වලින් තමයි විශ්ව ක්‍රියා වලිය වෙන්නෙ
    "මොනාහරි " කියලා ගන්න වෙනවා. ඒත් මොනාහරි කියලා ගන්න එකම නම් අවුල ?
    ------ Post added on Dec 25, 2023 at 12:48 PM
     
    • Like
    Reactions: MalSeven

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    "මොනාහරි " කියලා ගන්න වෙනවා. ඒත් මොනාහරි කියලා ගන්න එකම නම් අවුල ?
    ------ Post added on Dec 25, 2023 at 12:48 PM

    ඔය කියලා තියෙන එකට තාතාගතයො බාහිය දාරුචිරියට කියපු දෙශනාව

    දිට්ටෙ දිට්ට මත්තන්
    සුතෙ සුත මත්තන්
    මුතෙ මුත මත්තන්
    වි‍ංඥානෙ වි‍ංඥාන මත්තන්

    මොනා හරි කියලා ගත්ත ගමන් අවිද්‍යා පච්චයා සංකාර වෙනවා ක්‍රියාවලියක් බල ගැන්වෙනවා

    මොනා හරි කියලා ගන්න එක තමයි අවුල අවිද්‍යාව
     
    • Like
    Reactions: nipund

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ඉන්න තැන් නිවෙන්න 💥🙂
    හොයන එකමයි ගින්න
    ඇයි හොයන්නෙ? මොකෙන් කාව ගලවන්න ද? කාගෙ මොන වපසරිය ද?

    සැ.යු මේක හැමොටම අදාල නෑ.
    ඉන්න තැන් නැතිවෙන්නෙත්;
    හොයන එක ගින්නක් වෙන්නෙත්;
    කෙනෙක්ගේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්න එක්න්නෙත්;

    අපි අපේ මානසික වපසරියෙන් ගෝචර කරගන්න බැරි දේවල් හිතන්න ගියහම නේද නිපුන් මහත්තය? මෙහෙම අකරතැබ්බ වලට පත්නොවී ඔය මානසික වපසරිය ප්‍රඥා ඉන්ද්‍රිය පූර්ණ කරගැනීම දක්වා පුළුල් කරගැනීමට දීල තියෙන ක්‍රමවේදය සතර සතිපට්ඨානය නොවේද? :-)
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉන්න තැන් නැතිවෙන්නෙත්;
    හොයන එක ගින්නක් වෙන්නෙත්;
    කෙනෙක්ගේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්න එක්න්නෙත්;

    අපි අපේ මානසික වපසරියෙන් ගෝචර කරගන්න බැරි දේවල් හිතන්න ගියහම නේද නිපුන් මහත්තය? මෙහෙම අකරතැබ්බ වලට පත්නොවී ඔය මානසික වපසරිය ප්‍රඥා ඉන්ද්‍රිය දක්වා පුළුල් කරගැනීමට දීල තියෙන ක්‍රමවේදය සතර සතිපට්ඨානය නොවේද? :-)

    සතිපට්ඨානයට කලින් ලොකු කොටසක් තියෙනවා, දිට්ටිය කැඩුන අයට විතරයි සතිපට්ඨානය තෙරෙන්නෙ වඩන්න පුලුවන්, ප්‍රඥාව එන්නෙ පටිච්චසමුප්පාදයෙන්, වඩන්න ඔන කුසල මුල පටිච්චසමුප්පාදය, දුරු කරන්න ඔන අවිද්‍යාව, අවිද්‍යා මුල පටිච්චසමුප්පාදය
     
    • Like
    Reactions: MalSeven and nipund

    මානසික වපසරිය කියන එක නිර්වචනය කරගන්න වෙනවා 😉

    කියලා තියෙන්නේ ප්‍ර‍ංඥා, සමාධි ,වීර්‍ය්, සති, 1+ (මතක් වෙන්නෙ නෑ) පහෙ සම බල සිතක් විසින් සොවාන් ඵල චිත්තය හදනවා කියලා නේද ? ඔය ටික සම බල වෙලා සෙට් වෙන්න ඕන ටිකට පාරමිතා කියන්න පුළුවන් .
    පාර පටන් ගන්න තැන ගැන ඇත්තටම තර්කය සාපේක්ෂයි 😉. කතා කරන කෙනා ගෙ මතය කඩන්න දෙපැත්ත පෙන්නනවා මිසක් 😉😉😉
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    සතිපට්ඨානයට කලින් ලොකු කොටසක් තියෙනවා, දිට්ටිය කැඩුන අයට විතරයි සතිපට්ඨානය තෙරෙන්නෙ වඩන්න පුලුවන්, ප්‍රඥාව එන්නෙ පටිච්චසමුප්පාදයෙන්, වඩන්න ඔන කුසල මුල පටිච්චසමුප්පාදය, දුරු කරන්න ඔන අවිද්‍යාව, අවිද්‍යා මුල පටිච්චසමුප්පාදය
    දිට්ටිය කැඩුන කියන්නෙ සෝවාන් ඵලයෙන් පසුවද?

    මානසික වපසරිය කියන එක නිර්වචනය කරගන්න වෙනවා 😉

    කියලා තියෙන්නේ ප්‍ර‍ංඥා, සමාධි ,වීර්‍ය්, සති, 1+ (මතක් වෙන්නෙ නෑ) පහෙ සම බල සිතක් විසින් සොවාන් ඵල චිත්තය හදනවා කියලා නේද ? ඔය ටික සම බල වෙලා සෙට් වෙන්න ඕන ටිකට පාරමිතා කියන්න පුළුවන් .
    පාර පටන් ගන්න තැන ගැන ඇත්තටම තර්කය සාපේක්ෂයි 😉. කතා කරන කෙනා ගෙ මතය කඩන්න දෙපැත්ත පෙන්නනවා මිසක් 😉😉😉
    මේවා නිර්වචනය කරන්න ගියොත්, නොයෙකුත් මත වාද නිසා වචන වල හිර වෙනව 😄

    ශ්‍රද්ධා, වීර්‍ය්, සති, සමාධි, ප්‍රඥා (බල ධර්ම) හරියට set වෙන්නෙ පාරමිතා වලින් විතරක් කිව්වොත් ප්‍රශ්නයක් නෙමෙයිද නිපුන් මහත්තය? එතකොට කර්මයෙන් සියල්ල සිදුවෙනව වගෙ නෙමෙයිද?

    තර්කය කොහොමත් සාපේක්ෂයි, මතයක් කඩනවට වඩා දෙයක් ඉගෙන ගැනීම මට වැදගත් .
    ------ Post added on Dec 25, 2023 at 2:14 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    දිට්ටිය කැඩුන කියන්නෙ සෝවාන් ඵලයෙන් පසුවද?

    ඔවු සොවාන් වෙනවා කිවුවට තෙරෙන්නෙ නැ, පටිච්චසමුප්පාදය දකින්න ඔන අවිද්‍ය මුල පටිච්චසමුප්පාදයයි, කුසල මුල පටිච්චසමුප්පාදයයි තෙරුම් ගන්න ඔන, උදා වෙන විදියයි වැය වෙන විදියයි තෙරුම් ගන්න ඔන

    දිට්ටිය කැඩුන් නැතුව අනුශය බිදින්න බැ, ආනා පාන සතිය සම්පුරනයෙන් වඩන්න බැ

    මොහය දුරු කරන්න පටිච්චසමුප්පාදය දැකලා තියෙන්න ඔන, රාග දෙශ දුරු කරන්න පුලුවන් සමත වලින් මුලින් උපුටන්න නම් මොහය දුරු කරන්න ඔන, මොහය දුරු කරන්න විපස්සනාව ඔන විපස්සනා කරන්න අනිච්ච දුක්ක අනත්ත ඔන, අනිච්ච දුක්ක අනත්ත වලට පටිච්චසමුප්පාදය ඔන, බාවනා කරන්න තියෙන්නෙ අරි අටගි මග, කුසල මුල පටිච්චසමුප්පාදය, කුසල මුල පටිච්චසමුප්පාදය තවත් විදියකින් කිවුවොත් සතර සතිපට්ටානය අරි අටගි මගත් එකමයි ඉන්ද්‍රිය බාවනාවත් එකමයි

    අවිද්‍යාව දුරු කරන්න බැ පටිච්චසමුප්පාදය දකින් නැතුව
     
    • Like
    • Love
    Reactions: nipund and MalSeven

    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    දිට්ටිය කැඩුන කියන්නෙ සෝවාන් ඵලයෙන් පසුවද?

    මේවා නිර්වචනය කරන්න ගියොත්, නොයෙකුත් මත වාද නිසා වචන වල හිර වෙනව 😄

    ශ්‍රද්ධා, වීර්‍ය්, සති, සමාධි, ප්‍රඥා (බල ධර්ම) හරියට set වෙන්නෙ පාරමිතා වලින් විතරක් කිව්වොත් ප්‍රශ්නයක් නෙමෙයිද නිපුන් මහත්තය? එතකොට කර්මයෙන් සියල්ල සිදුවෙනව වගෙ නෙමෙයිද?

    තර්කය කොහොමත් සාපේක්ෂයි, මතයක් කඩනවට වඩා දෙයක් ඉගෙන ගැනීම මට වැදගත් .
    ------ Post added on Dec 25, 2023 at 2:14 PM
    චුල්ල වේදල්ල සුත්‍රය තියෙනවා කර්මය කර්මය බවින් දන්නවා නම් සෝවාන් කියලා .
    කර්මය හේතුවක් නොවන ප‍ංචස්කන්ධයක් /experience එකක්. කලින් දැනුමක් නැතුව අලුත් දැනුමක් ගැන උදාහරණයක් හිතාගන්න බෑ. 🤔
    කර්මයෙන් තොර පංචස්කන්ධයක් තියෙන්න බෑ නේද
    කෝමත් කර්ම බන්දු. කර්ම යෝනි
    පාරමිතා සෙට් උනත් පණිවිඩය තියෙන්න ඕන කියලා තියෙනවා නෙ . බුද්ධ ශුන්‍ය කාලවල එහෙම වෙන්න පුළුවන් අය ඉන්නවා කියලා තියෙනවා නේද ?"imho" randomness එකක් තියෙනවා කියලා හිතෙන්නේ 🙂
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,907
    113
    දැන් ඔය තර්කය පිලිබඳ මතයම ගනිමුකෝ, අපි හැමෝම යම් නිගමනයකට ඇවිල්ල තියෙනව සමස්ථයක් වශයෙන් තර්කය සාපේක්ෂයි ඒ නිසා කෙනෙක් එකෙන් යමක් ප්‍රත්‍යක්ෂ කිරීම ගැටළු සහිතයි කියල... දැන් මේ කියන නිගමනයත් තියෙන්නෙ අපිට ගෝචර වෙන වපසරිය ඇතුලෙ නෙමෙයිද? බැරි වෙලාවත් ඔය වපසරිය තව වැඩිවූනොත් අපේ මේ නිගමනය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ දේ මම පෙන්නන හදන්නෙ, අපිට අපේ වපසරිය තුල ප්‍රත්‍යක්ෂ වෙන දේවල් අවශ්‍යයි, මේ ප්‍රත්‍යක්ෂය නෙමෙයිද අපිව ඊළඟ දේට drive කරන්නේ?

    ඔතන තර්කය ෆේල් වෙන්නෙ තර්කය සාපෙක්ශ නිසා නෙවේ...සාපෙක්ශ තර්කය නිසා වෙන්න පුලුවන්...කෙනෙකුගෙ තර්කය අනෙක් කෙනාගේ තර්කයට සාපෙක්ශව වැරදි හෝ වැරදි වෙන්න පුලුවන් වීම්...මෙතන තියෙන ප්‍රශ්නය තර්කයම තේරුමක් නැති වීම..

    උදාහරනයකට...කෙනෙක් නිල පාටයි, කහ පාටයි එකතු උනාම කොල පාටයි කියනව..තවත් කෙනෙක් කොලපාටයි රතුපාටයි එකතු උනාම තැබිලි පාටයි කියනව..

    ඕක අහන අන්දෙයෙකුට ඔය තර්ක යස අගයට පාවිච්චි කරන්න පුලුවන්...කෙනෙක් ඇහුවොත්...නිල්පටයි, කහ පාටයි, රතු පාට තුනම එකතු උනාම...එයා කියයි...තැබිලි පාට කියල එයා දන්න තර්ක වලින් හරියටම...ඒත් එයාට ඔය එක පාටක්වත් ගොචර නැ...දන්නෙත් නැ...ඔය එක තර්කයෙකින් වත් ඔය එක පාටක් ගැන් කිසිම් ප්‍රත්යක්ශයක් ගන්න බැ...කොටින්ම කිව්වොත්, ඔය තර්ක කිසිම වැඩක් නැ...

    ඔබතුමන්ලා ඔය dilann,Candid-B, Rontmir වගෙ මහත්තුරු එක්ක කරන තර්ක ඔය මම උඩ කියපු දේට කදිම නිදසුන් සපයනව.

    මෙතන කරන්නෙත් අන්දය කරන වැඩේම තමයි...තමන් අහල කියල තියෙන දේවල් වලින් තමන්ට ගෝචර නැති දෙයක් ගැන තර්ක කරන එක...හරියට අන්දයො දෙන්නෙක් අර කිව්ව පාට තුන එකතු උනාම කෙනෙක් රතු කියල තර්ක කරනව, තව කෙනෙක් දුබුරු කියල තර්ක කරනව. වැරදි නැ...නමුත් වැඩක් නැ..ගෝචර වෙන්නෙ නැ...ප්‍රත්යක්ශයක් ලබන්න බැ.

    ඔබතුමා...පටිච්චසමුපාදය තර්කයෙන් පෙන්නනකොටත් ඕක තමයි මම කිව්වෙ...ඔබතුමා එලිමෙන්ට් ටික වෙරිෆයි වෙන්නෙ...නිත්ය කරගෙන...

    ඔය එක තර්කෙකින්වත්...නිවන කියල යමක් තියෙනවද...මෙන්නෙ මේ මාර්ගය කරාම (සතර සතිපට්ටනය ) හරියටම එතනට යනවද කියල පෙන්නන්න පුලුවන් ද බලන්න...ඒ දෙක වත් බැරි නම්...මොනව කරන්නද ඔය තර්ක වලින්...

    අන්තිම උදාහරණය දුකක් නෙමේ ද?
    අපි කරන "සියල්ල" ඊට වෙනස් ද?

    අන්දයට සාපෙක්ශව නම්...නොදන්න ඩොමේන් එකක් නොදැනීම දැනෙන දුකක් වෙන්න විදිහක් නැ..
    තර්කයෙන් නම් කෙරෙන්නෙ...අපි නොදන්න ඩොමේන එක දන්න එකෙන් පෙන්නගන්න දගලන කොරන්න බැරි වැඩක් තමයි..
    ------ Post added on Dec 26, 2023 at 9:14 AM
     
    • Like
    Reactions: nipund

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එතකොට ඌට පණ තියෙනවා ද කොහොම ද දන්නේ? වෙන තැනක ඉපදිලා ද?

    විඤ්ඤානය නැති සතෙක් නෑ නේ.
    නේව සඤ්ඤ නා සඤ්ඤ බඹ ලොවොත් සිත නැති වෙන්නේ නෑ ලු. සඤ්ඤාව සියුම් වෙනවා මිසක්.

    බ්‍රේන් ඩෙඩ් උනාම එක්කෝ මැරිලා යනවා ඇති. චුති සිත -> ප්‍රතිසන්ධි සිත. නැත්නම් සඤ්ඤාව විතරක් ලොස්ට් වෙලා මනෝ විඤ්ඤාණ (භවාංග) සිත් පරම්පරාවක් යනවා ඇති 🤷🏻
    umbe post eke assumption ekak thiyanawa ne winjanaya nathi sathek na kiala. eka oppu kara gattada?