Buddhism vs Christianity: homosexuality

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    how does Buddhism react to homosexuality?

    In Sri Lankan history, there are almost no records of homosexuality ever mentioned right?

    Catholic Church didn’t have a totally neutral opinion towards this matter. But the concept of homosexuality historically existed in the western society. Which means the church didn’t completely suppress it although they didn’t accept it.

    now, what about the Buddhism history? Having no historical records means there were no homosexual south Asians? Or did the religion manage to fully suppress it?

    I’d like to know your opinions about this.
     
    Last edited:
    • Like
    Reactions: Deviyo

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    well..Most of Kiriyans no nothing about buddhism..better ask it form a well educated reputed monk.

    I imagine the obvious answer they will spit out is “our religion is totally neutral towards this matter but we never had homosexuals in our society till now”. Also, homosexuality is a word that makes Sri Lankan Buddhists very uncomfortable in the real world.

    Anyway thanks for the idea.
     
    • Like
    Reactions: bokaRaj

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,435
    164,679
    113
    එකමත් එක රටක
    " බෞද්ධ සංස්කෘතිය තුල සමරිසියන් පීඩාවට පත් කිරීමක් නොවීය. බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක් ගැන සඳහන් වේ. එසේම බුදුන් ගේ රූපයට ඇළුම් කල වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උපකල්පනය කල හැකිය. කච්චායන තෙර කෙරෙහි ඇළුණු සෝරෙයිය සිටුවරයා තුලද මතු වූයේ සමරිසි හැඟීම්ය.

    අතීත ලංකාවේ සමලිංගිකයන් ලිංගික පාපයේ වරදකරුවන් ලෙස සලකා ඝාතනය කිරීම් ගැන වාර්තා නොවේ. එසේම කේරෝස් ,රොබට් නොක්ස් , පර්සිවෙල් යනාදීන් ගේ වාර්තා වල සමරිසියන් කෙරෙහි තිබූ සමාජ එදිරියක් ගැන සඳහනක් නැත . ඇතැමෙක් විශ්වාස කරන පරිදි මහා කවි කාලිදාස සහ කුමාරදාස රජු අතර සමරිසි සබඳතාවක් තිබී ඇත. අතීත ශ්‍රී ලාංකික ග්‍රාමීය සමාජයේ සමලිංගිකත්වය නම් කරන ලද්දේ පන්සලේ සෙල්ලම යනුවෙනි. සමලිංගිකත්වය සඳහා වෙනත් සිංහල භාෂිතයක් නොවීය. සමලිංගිකත්වය කෙරෙහි අතීත ලාංකිකයා දක්වන ලද්දේ මධ්‍යස්ථ ස්වභාවයක් බව පෙනී යයි. "

    link
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,259
    7,107
    113
    I imagine the obvious answer they will spit out is “our religion is totally neutral towards this matter but we never had homosexuals in our society till now”. Also, homosexuality is a word that makes Sri Lankan Buddhists very uncomfortable in the real world.

    Anyway thanks for the idea.
    as far as I know you can’t be a monk if you’re gay. and have many rules and regulations to keep it that way.

    early days homosexuality is a rarely occurred l.its out of control atm as buddhism says.
    buddhism don’t discriminate LBGRQ+ and what ever in it. better to read the Pitaka to get full picture.
    anyway, this thread is going to ended up in a fight as usual.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    " බෞද්ධ සංස්කෘතිය තුල සමරිසියන් පීඩාවට පත් කිරීමක් නොවීය. බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක් ගැන සඳහන් වේ. එසේම බුදුන් ගේ රූපයට ඇළුම් කල වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උපකල්පනය කල හැකිය. කච්චායන තෙර කෙරෙහි ඇළුණු සෝරෙයිය සිටුවරයා තුලද මතු වූයේ සමරිසි හැඟීම්ය.

    අතීත ලංකාවේ සමලිංගිකයන් ලිංගික පාපයේ වරදකරුවන් ලෙස සලකා ඝාතනය කිරීම් ගැන වාර්තා නොවේ. එසේම කේරෝස් ,රොබට් නොක්ස් , පර්සිවෙල් යනාදීන් ගේ වාර්තා වල සමරිසියන් කෙරෙහි තිබූ සමාජ එදිරියක් ගැන සඳහනක් නැත . ඇතැමෙක් විශ්වාස කරන පරිදි මහා කවි කාලිදාස සහ කුමාරදාස රජු අතර සමරිසි සබඳතාවක් තිබී ඇත. අතීත ශ්‍රී ලාංකික ග්‍රාමීය සමාජයේ සමලිංගිකත්වය නම් කරන ලද්දේ පන්සලේ සෙල්ලම යනුවෙනි. සමලිංගිකත්වය සඳහා වෙනත් සිංහල භාෂිතයක් නොවීය. සමලිංගිකත්වය කෙරෙහි අතීත ලාංකිකයා දක්වන ලද්දේ මධ්‍යස්ථ ස්වභාවයක් බව පෙනී යයි. "

    link

    මචන් මම දන්නවා ඕක තමයි බෞද්ධයෝ කියන උත්තරේ කියල. එත් මට තියෙන ප්‍රශ්නේ සමලින්ගිකත්වයට විරුද්දතාවයකුත් නැතුව සම ලින්ගිකයොත් නැතුව සමාජේ තිබුනේ කොහොමද කියන එක. සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් උන සමාජයක් ලංකාවේ තිබුනේ නැහැනේ. ඒ කියන්නේ සමලින්ගිකයෝ ප්‍රසිද්දියේ සාමාන්‍ය විදියට ජිවත් උන සමාජයක් තිබුනේ නැහැනේ.
    as far as I know you can’t be a monk if you’re gay. and have many rules and regulations to keep it that way.

    early days homosexuality is a rarely occurred l.its out of control atm as buddhism says.
    buddhism don’t discriminate LBGRQ+ and what ever in it. better to read the Pitaka to get full picture.
    anyway, this thread is going to ended up in a fight as usual.

    yes this topic attracts those who are with extreme opinions. Although I hope it won’t happen here.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    බුදුදහම "සමලිංගිකත්වයට" රිඇක්ට් කරන්නේ නැහැ. බුදුදහම රිඇක්ට් කරලා තියෙන්නෙ "ලිංගිකත්වයට". බුදුන්ගේ අසූහාරදහසක් ධර්මස්කන්ධයෙන් වැඩිමනක් දේශනා කරලා තියෙන්නෙ හීනවූ ග්‍රාම්‍යවූ "මෛතූන්‍ය ධර්මයෙන්" වැලකුනු බ්‍රහ්මචර්යාව රකින භික්ෂූන්ට. ඒ නිසා සමලිංගිකත්වය විශේෂයෙන් වෙන්කොට ප්‍රතික්ශේප කිරීමක් කර තිබෙන බවක් සූත්‍ර විනය පිටකයේ නැති බව තමා විද්වත් මතය. නමුත් අටුවාවට එනවිට සමහර අර්ථ දැක්වීම් වලදි සමලිංගිකත්වය විවේචනයට ලක්වෙනවා. ඒ වගේම පන්ඩක කියන වචනයට තවමත් නිවැරදි අර්ථ විවරණයක් නැහැ.

    (මෙතනින් පල්ලෙහාට තියෙන්නෙ මගෙ පෞද්ගලික අදහස්)

    යමක් සාහිත්‍ය හෝ ඉතිහාස පොත්වල සඳහන් නොවුනායි කියා ඒ දේවල් සිද්ධ නොවුනායි කියලා ඒකාන්තව කියන්න අපිට අපහසුයි නේද?

    අද අපි සමලිංගිකත්වය තේරුම් ගන්න විදිහටද එදා ඉන්දියාවෙ, ලංකාවෙ සමලිංගිකත්වය තේරුම්ගත්තෙ, අර්ථවිවරණ කලේ? බටහිර ලෝකය දෙවියන් විසින් නිර්මාණය කරනලද ජෙන්ඩර්ස් දෙකක් ගැන කතාකරන කාලෙ ඉන්දියාව ජෙන්ඩර්ස් තුනක් සඳහන් කලේ කොහොමද? අතීත ඉන්දියාවෙ පිරිමි දෙදෙනෙක් ලිංගිකව එක්වෙනකොට "යටත්" පිරිමියාට එක හැඳින්වීමකුත් "ලිංගුව ඇතුල් කරන්නාට" තවත් හැඳින්වීමකුත් ලැබෙන බවත් මම අහලා තියනවා. එතකොට මේ දෙන්නා සමලිංගිකද නැතිනම් එතනත් ඒ මොහොතට නමුත් ගැහැණු පිරිමි හැසිරීමක් දෙදෙනාට උරුම වෙනවද? මනසින්ම හදාගත්ත මනසින්ම නිර්මාණය කෙරුනු සංකල්පවලට වාස්ථවික යථාර්ථයක් පනවාගැනීමෙන් හෙම්බත් වෙමුද...?

    මේ තමා බෞද්ධයෙක් විදිහට මම, සමලිංගිකත්වයට මේ වගේ ෆෝරම් එකකදි රිඇක්ට් කරන විදිහ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,435
    164,679
    113
    එකමත් එක රටක
    එත් මට තියෙන ප්‍රශ්නේ සමලින්ගිකත්වයට විරුද්දතාවයකුත් නැතුව සම ලින්ගිකයොත් නැතුව සමාජේ තිබුනේ කොහොමද කියන එක. සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් උන සමාජයක් ලංකාවේ තිබුනේ නැහැනේ. ඒ කියන්නේ සමලින්ගිකයෝ ප්‍රසිද්දියේ සාමාන්‍ය විදියට ජිවත් උන සමාජයක් තිබුනේ නැහැනේ.
    සමලිංගික හැගීම් තියන උන් ඕන තරම් ඉන්න ඇති. හැබැයි උන්ට ඒ වගේ තව එකෙක් ප්‍රසිද්දියේ හොයාගන්න අද වගේ බැරි වෙන්න ඇති.
    අද ඕවට වෙනම කණ්ඩායම් හැදිලා ඉන්නවනේ. ගෑනු පිරිමි වගේ බාහිරෙන් හොයාගන්න අමාරුයි. (නපුංසක උන් නෙවෙයි මම කියන්නේ.)
    කොහොමත් ඉස්සර ඔය කොලු සීන් කියන එක විහිලුවට කියන බොරුවක් කියලා මම හිතන් හිටියේ. :rofl: දැන් ඉන්න පොඩි උන් ඔහොම එකක් තියනව කියලා දන්නවා.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    265328049_4594474780607196_3118644067861287990_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    මචන් මම දන්නවා ඕක තමයි බෞද්ධයෝ කියන උත්තරේ කියල. එත් මට තියෙන ප්‍රශ්නේ සමලින්ගිකත්වයට විරුද්දතාවයකුත් නැතුව සම ලින්ගිකයොත් නැතුව සමාජේ තිබුනේ කොහොමද කියන එක. සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් උන සමාජයක් ලංකාවේ තිබුනේ නැහැනේ. ඒ කියන්නේ සමලින්ගිකයෝ ප්‍රසිද්දියේ සාමාන්‍ය විදියට ජිවත් උන සමාජයක් තිබුනේ නැහැනේ.
    අපේ ඇගේ තියෙන වෙනසක් අමුතුවෙන් උලුප්පල ගත්තොත්නෙ අපි ඒක ගැන වදවෙන්න පටන්ගන්නෙ. ඒ කාලෙ මිනිස්සු එහෙම ලින්ගිකත්වය ගැන ලොකුවට වද වෙන්න නැතුව ඇති. ලින්ගිකත්වය සමද විසමද කියන එක හොයන නිසානෙ ප්‍රශ්නෙ.

    homosexuality is a mental disorder and can be effectively cured.
    ඒක ලෙඩක් නෙවෙයි.
    ------ Post added on Dec 10, 2021 at 7:33 AM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන් මම දන්නවා ඕක තමයි බෞද්ධයෝ කියන උත්තරේ කියල. එත් මට තියෙන ප්‍රශ්නේ සමලින්ගිකත්වයට විරුද්දතාවයකුත් නැතුව සම ලින්ගිකයොත් නැතුව සමාජේ තිබුනේ කොහොමද කියන එක. සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් උන සමාජයක් ලංකාවේ තිබුනේ නැහැනේ. ඒ කියන්නේ සමලින්ගිකයෝ ප්‍රසිද්දියේ සාමාන්‍ය විදියට ජිවත් උන සමාජයක් තිබුනේ නැහැනේ.
    සිංහල වෙදකමෙන් සමලිංගිකත්වය නපුන්සකත්වය නිට්ටාවටම සුව කරන්න පුළුවන්.

    ඉස්සර එහෙම සුව කරපු නිසයි සමලිංගික සමාජයක් ඒකාලේ නොතිබ්බේ.

    සාමාන්‍ය ඇඟකට වඩා එයාලාගෙ ඇඟවල් වල නිල කිහිපයක් අක්‍රීයයි. ඒවා නැවත ක්‍රියාත්මක කෙරුවාම විකෘති වුණ සිහිය ප්‍රකෘති වෙනවා.

    අපේ ඇගේ තියෙන වෙනසක් අමුතුවෙන් උලුප්පල ගත්තොත්නෙ අපි ඒක ගැන වදවෙන්න පටන්ගන්නෙ. ඒ කාලෙ මිනිස්සු එහෙම ලින්ගිකත්වය ගැන ලොකුවට වද වෙන්න නැතුව ඇති. ලින්ගිකත්වය සමද විසමද කියන එක හොයන නිසානෙ ප්‍රශ්නෙ.

    ඒක ලෙඩක් නෙවෙයි.
    ------ Post added on Dec 10, 2021 at 7:33 AM
    ඒ දොස්තරලාටයි ඕක ලෙඩක් නොවෙන්නේ.
    ------ Post added on Dec 10, 2021 at 7:37 AM
     
    Last edited:
    • Haha
    Reactions: timetraveler1921

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    සිංහල වෙදකමෙන් සමලිංගිකත්වය නපුන්සකත්වය නිට්ටාවටම සුව කරන්න පුළුවන්.

    ඉස්සර එහෙම සුව කරපු නිසයි සමලිංගික සමාජයක් ඒකාලේ නොතිබ්බේ.

    සාමාන්‍ය ඇඟකට වඩා එයාලාගෙ ඇඟවල් වල නිල කිහිපයක් අක්‍රීයයි. ඒවා නැවත ක්‍රියාත්මක කෙරුවාම විකෘති වුණ සිහිය ප්‍රකෘති වෙනවා.

    ඒ දොස්තරලාටයි ඕක ලෙඩක් නොවෙන්නේ.
    ------ Post added on Dec 10, 2021 at 7:37 AM
    කොහෙද ඕකට බෙහෙත් කරන්නෙ ලගම තියෙන ආයුර්වේදෙන්ද? එක වෙද මහත්තයෙක් කියපන් ඕකට බේත් කරන.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොහෙද ඕකට බෙහෙත් කරන්නෙ ලගම තියෙන ආයුර්වේදෙන්ද? එක වෙද මහත්තයෙක් කියපන් ඕකට බේත් කරන.
    ඕනම දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් දන්නවා ඔය වෙදකම කරන්න, උඹේ සීයා දන්නෙ නැති වුණාට. 😄😄🤓
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    how does Buddhism react to homosexuality?

    In Sri Lankan history, there are almost no records of homosexuality ever mentioned right?

    Catholic Church didn’t have a totally neutral opinion towards this matter. But the concept of homosexuality historically existed in the western society. Which means the church didn’t completely suppress it although they didn’t accept it.

    now, what about the Buddhism history? Having no historical records means there were no homosexual south Asians? Or did the religion manage to fully suppress it?

    I’d like to know your opinions about this.

    Mchn once I read a book බුදු දහම සහ ලිංගිකත්වය - ආචාර්ය චාමින්ද ජී හේවගේ (මට මතක විදියට )
    දැන් මේක google සර්ච් කරත් එන්නේ නෑ වගේ.:(
    ඒ මනුස්සය PhD එකට කරපු research ඒක.
    References ත්‍රිපිටකයෙන් සහ ආශ්‍රිත පරණ පොත් වලින්. ඒක කියෙව්වම පිස්සු හැදෙනවා.
    ධර්මය ස්වාක්ඛාත වෙන්නේ කොහොමද කියල ආපහු තේරෙනවා.

    උදාහරණයක් විදියට ගත්තොත් ස්වයන් වින්දනය සම ලිංගිකත්වයට වැට බැදලා තියෙන විදිය ඒකාලේ සමහර හාම්දුරුවරු මෙහෙණින් වහන්සේලා කරපු විදිය , බුදු හාමුදුරුවෝ ඒ ආශ්‍රිතව පනවපු විනය නීති, හැම දේම තියෙනවා ඔය පොතේ.

    මට ඔය පොත හම්බුනේ අහම්බෙන් මගේ පවුලේ කෙනෙක්ට කර්තෘ තිළිණයක් විදියට ලැබුණු එකක් වගේ මතක . මට පොත හම්බුනෝත් මන් pics ටිකක් අරන් දාන්නම්
     
    • Love
    Reactions: kasunigamage