Budget 2016 Live Update (අයවැය)

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මේ රටේ දැන් නම් ඉඳලා වැඩක් නෑ. පර්මිට් එකක් හරි අවුරුදු 5 කට සැරයක් ඉස්සරහට හම්බුවේවි කියලා හිතන් හිටියේ. ඒකටත් ඇරියා කියන්නේ රට යන එක සැපයි.කාලකණ්ණි. :growl::growl:
    :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ රටේ දැන් නම් ඉඳලා වැඩක් නෑ. පර්මිට් එකක් හරි අවුරුදු 5 කට සැරයක් ඉස්සරහට හම්බුවේවි කියලා හිතන් හිටියේ. ඒකටත් ඇරියා කියන්නේ රට යන එක සැපයි.කාලකණ්ණි. :growl::growl:
    වාහන පර්මිට් එකට හුකාපයිට් වුනාද? :angry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    14:32 - ඉඩම් නිවාස අධ්‍යාපනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවද රවී කරුණානායක මහතා පැවැසීය

    14:16 - මෙවර ඉදිරිපත් කරනේනේ නිදහස් ශ්‍රී ලංකාවේ 69 වැනි අයවැයයි.

    69?
    69 ක් නෑ හුත්** පුතෝ :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;19317981 said:
    වාහන පර්මිට් එකට හුකාපයිට් වුනාද? :angry:

    ඔව් බං ඒකටත් කෙළලා. මදැයි අවුරුදු 5 කට සැරයක් පර්මිට් එකක් අරගෙන ඒකෙන් වාහන ගෙන්නලා ගාණ තියන් විකුණලා ප්‍රො‍ෆිට් ගන්න හැදුවා. :growl::growl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mokahari kokkahak hoyan adawa... mokada ban me hinaganno wagene adanne. me tika kiyawapan dan :lol:

    (ලංකා ඊ නිව්ස් -2015.නොවැ.20, ප.ව‍. 7.15) ගෑස් මිල රුපියල් 150 කින්ද, බූමිතෙල් මිල රුපියල් 10 කින්ද ටින්මාලු රුපියල් 125 කින්ද කඩල හාල්මැස්සන් පරිප්පු කිරි පිටි මිල අඩුකරමින්ද වකුගඩු රෝහලක් සහ පිලිකා රෝහල් 3 ක් අලුතින් ගොඩ නගමින්ද, අභ්‍යන්තර ගුවන් තොටුපොලවල් 3 ක් ගොඩ නගමින්ද උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල සියයට 30 කින් වැඩි කරමින්ද පොලිස් ස්ථාන වැඩිකරමින්ද රට වෙනසකට යොමුකරවන යහපාලන ආණ්ඩුවේ මංගල අය වැය මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද ඉදිරිපත් කෙ‍ළේය.

    ශුන්‍ය අයවැය සංකල්පය යොදා ගනිමින් නිර්මාණය කළ යහපාලන ආණ්ඩුවේ විප්ලවකාරී මංගල අයවැය යෝජනා සැකැවින් මෙසේය.

    උලු කර්මාන්තය වසර තුනක් දක්වා ආදායම් බද්දෙන් නිදහස් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    රුපියල් මිලියන 25ක වැඩි වාර්ශික ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ පහසුකම් දෙනබවත් ගුවන්තොටුපොළේ VIP පහසුකම්, රජයේ ආයතනවලදී ප්‍රමුඛතාව, රජයේ උත්සව සඳහා ආරාධනය, ජනපති හා අගමැති අතර හමුවක් ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    පිටරටක සිට ලැබෙන ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකළ ඩොලර් ශත 9 ගාස්තුව ඩොලර් ශත 3 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    සූදු බද්ද වාර්ශිකව මිලියන 400ක් දක්වා වැඩිකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    වැට් බදු නිදහස් සීමාව මිලියන 12ක් කරන අතර සිල්ලර හා තොග වෙලදාම බද්දෙන් නිදහස් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    උපයන විට ගෙවන බදු නොගෙවන සීමාව රුපියල් මිලියන 2.4ක් කරන අතරම ඊට වැඩි ඉපයීම් සඳහා 15%ක එකම අගයක බදු අයකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 169/- කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    භූමිතෙල් මිල රු. 10 කින්ද අඩු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් මිල රු. 150 කින් අඩුකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    හාල් මැස්සෝ කිලෝවක උපරිම සිල්ලර මිල 410ක් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    කඩල කිලෝ එක උපරිම සිල්ලර මිල රු. 169/- ලබාදීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    කට්ට කරවල කිලෝ එක උපරිම සිල්ලර මිල 1100/- ක්ද, සාලයා කිලෝවක උපරිම සිල්ල මිල 425/- කට නියම කරනබව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ටින් මාලු ග්‍රෑම් 425ක ටින් එකක මිල රුපියල් 125කින් අඩුකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    දේශීය කිරි ග්‍රෑම් 400 පැකට්ටුවක උපරිම මිල රුපියල් 295ක් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ලොකු ලූණු සඳහා විශේෂ වෙළදපොල බද්ධ කිලෝග්‍රෑමයට රුපියල් 25කින් අඩුකරන අතර ඒ අනුව රුපියල් 85-95ක් පමණ මිලදී ගත හැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    භාණ්ඩ 11ක මිල අඩුකිරීමට කටයුතු කරනවා. අර්තාපල් සඳහා විශේෂ වෙළදපොල බද්ධ කිලෝග්‍රෑමයට රුපියල් 25කින් අඩුකරන අතර ඒ අනුව රුපියල් 75-85ක් පමණ මිලදී ගත හැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    විගමික සේවකයන්ගේ අවම වැටුප මසකට ඇමෙරිකානු ඩොලර් 300ක් කරන ලෙසට විදේශ රුකියා ඒජන්සි වෙත යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    කැළණිවැලි දුම්රිය මාර්ග නවීකරණයට රුපියල් මිලියන 450ක් වෙන්කරන අතර කැළණි පාලම හරහා කොළඹට ප්‍රවේශ වන මාර්ගය නවීකරණයට රුපියල් මිලියන 4000ක් වෙන්කරන බවත් මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල, පොලොන්නරුව, මුලතිව් හරහ යාපනයට දීර්ඝ කරන බවත් අධිවේගී මාර්ග දෙපස කර්මාන්ත ඉදිකරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    විදේශ දූත මණ්ඩල සේවයේ යෙදී පිරිසට විධිමත් පුහුණුවක් ලබාදීමටත් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ වියදම් රජය විසින් දැරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    විශ්‍රාමික සමාජික අරමුදල් විචක්ෂණ ක්‍රියාවලිය සිදුකිරීමට ආයතනයක් ස්ථාපිත කිරීමට යෝජනා කරන අතර 2016 ජනවාරි මස සිට අලුතින් සේවයට බැඳෙන රජයේ නිලධාරීන්ට විශ්‍රාම වැටුප් දායකත්වයක් ලබාදීමට කටයුතු කරන අතර වෘත්තීය සමිති එකඟතාව මත සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල් ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    දේශීය ආයතන හා එක්ව බස්රථ නිශ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යනය කිරීමට ලංකා ගමන ගමන මණ්ඩාලයට යෝජනා කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    රජයට වාහන මිලදී ගැනීම මින් ඉදිරියට සිදු නොකරන බවත් මෙහෙයුම් කල්බදු ක්‍රමයට වාහන රජයට ලබා ගන්න බවත් තමන්ගේ වාහන රජයේ සේවය වෙනුවෙන් භාවිත කරන රාජය නිලධාරීන්ට මසකට රුපියල් 50000ක් ලබා දෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    දිගන, බදුල්ල හා පුත්තමේ අභ්‍යන්තර ගුවන්තොටුපොළ තුනක් ඉදිකරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    දක්ෂිණ අධිවේගය හා කටුනායක අධිවේගී මාර්ගය කළමණාකරනයට විශේෂ ඒකකයක් පිහිටුවන බවත් ඒ සඳහා ආයෝජනයට පෞද්ගලික අංශයට එක්වෙන ලෙස ආරාධනා කරන බවත් නොරොච්චෝලේ බලාගාරය සුරැකුම්කිරීමට කාර්යය ඒකකයක් ස්ථාපිතකරන බවත් ඒ හරහා අයිතියේ වෙනස් නොවෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
    රජයේ ආයතන හා පොලීසිය ජාලගත සන්නිවේදන ක්‍රමය උපයෝගී කරමින් සම්බන්ධ කිරීමට රු. මිලියන 250 ක් ලබාදීමට කටයුතු කරන අතර ජාතික පොලිස් ඇකඩමිය මගින් රථවාහන පොලිස් නිලධාරින්ගේ තාක්ෂණික පුහුණුව වෙනුවෙන් රු. මිලියන 100 ක් ලබාදිමට කටයුතු කරන අතර වසර දෙකක කාලයක් කාලයක් ඇතුළත පොලිස් නිලධාරීන්ගේ වැටුප් විශමතා ඉවත්කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    පොලිස් ස්ථාන සංඛ්‍යාව 428 සිට 600 දක්වා වර්ධනය කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    වකුගඩු රෝගයෙන් පෙළෙන ප්‍රදේශ සඳහා රුධිර කාන්දු කරණ මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමට රුපියල් මිලියන 6500ක්, මින්නේරියේ වකුගඩු රෝහලක් ඉදිකිරීමට රුපියල් මිලියන 2000ක්, පිළිකා රෝහල් තුනක් ඉදිකිරීමට රුපියල් මිලියන 3000ක්, කුරුණෑගල හා යාපනය රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්, ජංගම ආරෝග්‍ය ශාලා සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය..

    පාසල් වල භාවිත කර නැති ඉඩම් පෞද්ගලික අංශය හා එක්ව වගා කිරීමට කටයුතු කරන බවත් එම ආදායමෙන් කොටසක් පාසල් සඳහා ලබාදිය යුතු බවත් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික ආදායෙමන් 5.51% ක් ලබා දී තිබෙන අතර අධ්‍යාපනයට මිලියන 90000ක් වෙන්කර තිබෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් ලබා ගැනීමට අවුරුදු තුනක ණයක් දෙන බවත් සියලුම විශ්වවිද්‍යාල වයිෆයි කලාප බවට පත්කිරිමට රුපියල් මිලියන 300ක් වෙන්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    මාලඹේ මහපොළ විශ්වවිද්‍යාලක් ආරම්භ කරන අතර එහිදී තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, කලමණාකරණය ඇතුළු පාඨමාලා හැදෑරීමට අවස්ථාව දෙන බවත් ඒ සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    අයවැයෙන් උසස් අධ්‍යාපනය සඳහා කරන වියදමේ සියයට 30ක වැඩිවීමක් කර තිබෙන බවත් 2018 වනවිට සියලු සරසවි සිසුන් නේවාසිකාරගාර පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් විදේශ සිසුන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන්ට අවශ්‍ය මූලය පහසුකම් දෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා සියලු ගුරුවරුන් සඳහා වසර 05ක පුහුණු කාලයක් ලබාදීමට කටයුතු කරන බවත්, දිවයිනේ සියලු පාසල්වලට සනීපාරක්ෂක සේවා ලබාදීමට මිලියන 4000ක්, විදුලි පහසුකම් ලබාදීමට මිලියන 2000ක්, ප්‍රාථමික පාසල් 1000 ක් සඳහා රු. මිිලියන 1000 ක් ලබාදෙන අතර ද්වීතික පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 15000ක්, අවධානය යොමු නොවූ පාසල් සඳහා මිලියන 30000ක, වැවිලි ක්ෂේත්‍ර යේ පාසල් සඳහා මිලියන 250ක්, විද්‍යාගාර ලබාදීමට මිලියන 450ක්, දන්ත සෞඛ්‍ය නැංවිමට මිලියන 250ක් ලබා දෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    පසුගිය අයවැයෙන් රු. 2500 ක් ලබා දුන් පෞද්ගලික අංශයට හැර අනෙකුත් පෞද්ගලික අංශයේ වැටුප මාසිකව රු. 2500ක් වැඩි කිරීමට කටයුතු කරන අතර පෞද්ගලික අංශයේ සේවකයන් සතියකට දින 05 සේවා කාලයක් ස්ථිර කරන බවත්, ඒ හරහා ඔවුන්ට වැඩි විවේක කාලයක් ලැබෙන අතරම ආයතන වල පරිපාලන වියදම් අඩුවෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    රජයේ හා පෞද්ගලික අංශ සේවකයන් සඳහා අර්ධකාලීන රැකියා ක්‍රමයක් ස්ථාපිත කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    කොටස් වෙළෙඳ පොළේ සිදුවිය හැකි දුර්වලතා මගහරවා ගැනීම සඳහා විනිමය පනත සංශෝධනනය කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    පාසලකට ඇතුළත් වෙන සිසුන් සඳහා රුපියල් 250ක අවම වටිනාකමකින් යුත් බැංකු ගිණුමක් විවෘත කිරීමට බැංකු ආයතනය එකඟ වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    යතුරුපැදි හා ත්‍රිරෝද රථ තක්සේරු ගාස්තුව රුපියල් 2500ක් කිරීමට යෝජනා කරන අතර අනෙක් වාහන සදහා එම අගය රුපියල් 15000ක් වන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    දේශීය බැංකු සඳහා විදේශ වෙළඳපලට ඇතුළත්වීම ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    බැංකුවලින් ණය ලබාදීමේදී 10%ක කෘෂි කර්මාන්තය සඳහා වෙන් කිරීමට යෝජනා කරන බවත් එය මහ බැංකුව මගින් අධීක්ෂණය කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ගාලු කොටුව සංවර්ධනයට මිලියන 500ක් වෙන්කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ඇගලුම්, සපත්තු හා විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 15ක් ආනයනයේදී බදු ඉවත්කරන බවත් පෞද්ගලික හෝටල් ඉදිකිරීමේදී බදු සහන ලබාදෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    මේසන්, විදුලි හා ඇලුමිනියම්, වඩු වැඩ පුහුණුවන තරුණියන් 7000 කට ඒක අයෙකුට රු. 10,000 බැගින් ලබාදිම සඳහා මිලියන 500 ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ඉදිකිරීම් සඳහා යොදා ගන්නා වානේ හා ඉදිකිරීම් සඳහා යොදාගන්නා උපකරණ ආනයන බදු ඉවත් කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ඉදිකිරීම් සඳහා පැමිණෙන විදේශ සමාගම් දේශීය ඉදිකිරීම් සමාගම් සමගම් කටයුතු කළ යුතු බවත් නිවාස දේපළ සීමා කිරීමේ නීති වර්තමානයට ගැලපෙන ලෙස වෙනස් කරන බවත්, නව ග්‍රාමීය නිවාස යොජනා ක්‍රම ඉදිකිරීමට යෝජනා කරන බවත්, ඒ සඳහා රු. මිලියන 4500 ක් ලබාදිමටත් එක් නිවසකට රුපියල් ලක්ෂ තුනක අදියර ගත ණයක් දෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    මුඩුක්කු ජනතාවගේ ගැටලු විසඳීමට පෞද්ගලික අංශය හා එක්ව නිවාස 150000ක් තැනීමට කටයුතු කරන අතර උෟණ උපයෝජිත ඉඩම් නිවාස ඉදිකිරීමට යොදාගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ඉඩම් සඳහා බැංකුවක් ස්ථාපිත කරනවා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ආනයන හා අපනයන බැංකුවක් ස්ථාපිත කරන අතර ඒ සඳහා රුපියල් බිලියන 25ක අරමුදල් ලබාදෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    අපනයන සංවර්ධන කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    දේශිය හා විදේශීය ආයෝජකයන් ආරක්ෂා කිරීමට නිති ගෙනෙන විදේශිකයන්ට ඉඩම් කුලීබදු පදනම යටතේදී ලබාදීමේදී අයකරන බදු ඉවත්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ආයෝජනය දියුණු කිරීම සඳහා ආයතනයක් ස්ථාපිත කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    රජයේ ආයතන සියල්ල ජාල ගත කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ධීවර හා කෘෂි කලාප බිහිකිරීමට රුපියල් මිලියන 2000ක් වෙන්කරන බවත් ධීවර හා කෘෂි කලාප බිහිකිරීමට රුපියල් මිලියන 2000ක් වෙන්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    රන් ආනයනයේදී බලපත්‍ර 50ක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින්නන්ට සහන දායි ණය ලබාදෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    අලි මිනිස් ගැටුම නිරාකරණ කිරීම සඳහා වසර-03 ක් රු. මිලියන 4000 ක් ලබාදෙනවා

    පරිසර දූෂණය වළක්වා පරිසර සමතුලිතතාව වර්ධනයටත්, ජීව සම්පත් සංරක්ෂණ සඳහාත් මිලියන 2000ක් ලබාදිමටත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යෝජනා කරන ලැබීය.

    ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්තවයට වැඩි කිරීමට පොදු පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරන අතර කෘෂි ව්‍යවසායන් පිහිටුවා ග්‍රමීය සංවර්ධනය ගමකට මිලියන 1500ක් බැගින් මිලියන 21000ක් වෙන්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    පුවක් නිශ්පාදනය වැඩිකර වාණිජ වශයෙන් එය නිශ්පාදනය කිරීමටත් අපනය අරමුණ අනුව අගය එකතු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    පොල් නිශ්පාදනය පුනතරුත්තාපනයට රුපියල් මිලියන 250ක් වෙන්කරන අතර තේ මිශ්‍ර කිරීමේදී අගය වැඩි කිරීමට කටයුතු කරන බවත් සිලෝන් ටී (Ceylon Tea) නාමය නොවෙස්ව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    දේශී්‍ය කුකුළු මස් නිෂ්පාදන පුළුල් කිරීමට කටයුතු කරන බවත් මැදපෙරදිග ආදී රටවල්වලට මෙන්ම නව වෙළෙඳ පොළවල් කරා කුකුළු මස් අපනයනය කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ධීවරයාට රුපියල් මිලියනයක ජිවිත රක්ෂණයක් ලබා දෙනබව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 325 සිට 295 දක්වා අඩු කරන අතරම දේශීය කිරි ගොවියා නගා සිටුවීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    පළතුරු විජලනය වැළැක්වීම සඳහා වන කර්මාන්තවල යෙදෙන ව්‍යාපාරිකයක් සඳහා යන්ත්‍ර සූත්‍ර ආනයේදී බදු වලින් නිදහස් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    කීරි සම්බා වී සඳහා රුපියල් 50ක්, සම්බා වී සඳහා රුපියල් 40ක් හා නාඩු වී සඳහා රුපියල් 38ක උපරිම මිලක් නියම කරන බවත් ඒ හරහා සහල් කිලෝවක් රුපියල් 65ක මිලකට ලබාගැනීමට අවස්ථාවන් සලසන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    කෘෂි අස්වනු නෙලන කාලයේදී මිල අඩුවීම වැළැක්වීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වෙයන් යුතු ගබඩා සකස්කරන බවත්, කෘෂි අස්වනු නෙලන කාලයේදී මිල අඩුවීම වැළැක්වීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වෙයන් යුතු ගබඩා සකස්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    එසේම කෘෂි උපකරණ ආනයනයේදී බදු සහන ලබාදිමටත් වියළි මිරිස්, අර්තාපල්, ආදී කෘෂි භෝගවලින් රට ස්වයං පෝෂිත කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    සුපිරි වෙළදසැල් වලින් කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් සඳහා ඉඩක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවපාරියක් සඳහා ණය ලබාගැනීමේදී අැප ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ශුද්ධ මූල්‍ය ව්‍යාපාර පාලනයට පනතක් ඉදිරිපත් කර ඒවා පාලනය කරන බවත් ශුද්ධ මූල්‍ය ආයතන වාර්ශික ගාස්තුවක් යටතේ ලියාපදිංචි කළ යුතු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    වෙළදපොළ අරමුණු කරගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    සියලු ව්‍යාපාති ආරම්භ කිරීමට ප්‍රථම පාරිසර සහතිකයක් ලබාගැනීමට කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    අධ්‍යාපන ක්‍රමය හරවත් හා නවීකරණ විය යුතු බවත් අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසිමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    රජයේ ණය සියයට 72ක් වන බවත් එය ජාත්‍යන්තර පිළිගත් අගය අනුව ඉතා ඉහළ අගයක් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    විශ්‍රාම වැටප් පිරිවැය ජනතාවට දැරිය හැකි ආකාරයට සකස් කරන බවත් විශ්‍රාම වැටුපේ අඩු නොකරන බවත්, රජයට සේවකයන් බදවා ගැනීම අඩු නොකරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    2016 ජනවාරි මාසයේ සිට අමාත්‍යාංශවල වෙන්කළ මුදල් වියදම් කළ ආකාරය නියාමනය කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    අයවැය සකස් කිරීමට ශුන්‍ය අයවැය සංකල්පය යොදා ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    බදු ආදායම් අඩු වි ඇති අතර ඒවා වැඩි කිරීමට කටයුතු කරන බවත් බදු වලට අදාළ නීති යල්පැන ගිය ඒවා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ගෙවීමට ඇති ණය ප්‍රමාණය වැඩිවී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    විදෙස් රටවල වල සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙසත් එවැනි ආයෝජන අත්‍යාවශ්‍ය බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    මත්තල ගුවන්තොටුපොළ මොනරුන්ට රජදහනක් බවත් හම්බන්තොට වරායෙන්ද අපෙක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ජාතික ආරක්ෂාව උදෙසා නව ක්‍රියාමාර්ග ගන්නා බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    රාජපක්ෂ සමය ඉතිහාස ගත වන්නේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුනොවූ කාලසීමක් බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. එසේම එම සමයේ ආර්ථිකය දිගින් දිගටම ප්‍රපාතයකට ගිය බව ඔහු කීවේය.

    2001 සිට 2002 කාලය තුළ යළිත් වරක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නව ආර්ථික දැක්ම අනුව ආර්ථික වර්ධන වේගය හොඳ මට්ටමකට පැමිණි බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    1994 වසරේ පැවැති පොදු පෙරමුණ ආණ්ඩුව ආර්ථිකය නැංවීමට වඩා ත්‍රස්තවාදය අවසන් කිරීමට කටයුතු කළ බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    ඉඩම් නිවාස අධ්‍යාපනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    කෘෂිකර්ම නිෂ්පාදන සහ අපනයන සඳහා වැඩි සැළකිල්ලක් යොමු කර ආසියාවේ ධාන්‍යගාරය ලෙස ශ්‍රී ලංකාව යළි ස්ථාපනය කරන බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    වෙළදපොල නිදහසේ ක්‍රියාත්මක වීමට ඇති බාධා ඉවත්කරන බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    රජයේ අරමුණ වන්නේ සමෘද්ධිමත් රටක් ‍ගොඩනැගීම බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    පසුගිය රජය සමයේ බටහිර ලෝකයේ සමග සම්බන්ධතාවය අඩු මට්ටමක පැවැති අතර නව රජය පත්වීමත් සමග බටහිර ලෝකයේ සම්බන්ධතා ධනාත්මක වර්ධනය කර ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    පසුගිය මාස 10 තුළ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථිකයේ විශාල වෙනසක් සිදු වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.



    ;););););););););)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්ටර්නෙට් ගාස්තු වැඩි කලේ නෑ නේද බොලව්.. ඩේටා අඩු කලෙත් නෑ නේද බොලව්..:nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    12274233_10208471060721845_3782145069802982104_n.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,219
    113
    මොන හු#තක් ද බං ලයිසන් එක 15000 යි දුම් සහතිකය 5000 ඔක්කොම 20000 කට කෙලවෙනවා.

    :lol:

    oka import karanakota gewana ekak.

    වාහන ආනයනයේදී සෑම වාහනයක් සදහාම හිමිකම් සහතිකයක් ලබාගත යුතු අතර ණයවර ලිපි විවෘත කිරීමේදී එය අත්‍යවශ්‍යයි.

    යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සඳහා හිමිකම් ගාස්තුව රුපියල් 2000 ක් වන අතර මෝටර් රථයක් සඳහා රුපියල් 15000 ක් වනු ඇති.

    වෙනත් ඕනෑම වාහනයක් සඳහා රුපියල් 10,000 ක් අය කරන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    - http://newsfirst.lk/sinhala/2015/11/පාර්ලිමේන්තු-මන්ත්‍රීව-5/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,219
    113
    Sri Lanka to end feudal serfdom in vehicle taxation

    ECONOMYNEXT - Sri Lanka's Finance Minister Ravi Karunanayake has proposed the end tax free cars given to the elected ruling cars and state workers, which freedom advocates say will help create tax equity and justice.

    "I propose to abolish all the vehicle permits granted under different schemes, including to Parliamentarians," Finance Minister Ravi Karunanayake said in the text of a budget for 2016.

    "However, I ensure all government officers will be financially compensated for the benefit foregone.

    "Further, all the vehicles purchased to the Government will be subject to all applicable taxes and necessary allocations will be provided in the budget."

    Sri Lanka has operated a feudal style tax system where private citizens were taxes as much 270 percent when buying a car and legislators who made the tax laws in the country were exempt and state workers who collected the taxes only paid part of the taxes.

    Such feudal style tax privileges were not operated even during colonial rule. The tax free cars were given in the 1980s. Under President Ranasinghe Premadasa legislators imported BMW's which became popular among rich people in the country.

    Provincial councillors were then given SUV, which later came to be known as the Mitsubishi Pajero Palath Saba model. The United National Party also stopped state workers from paying taxes, which was re-started by President Mahinda Rajapaksa.

    The President is still exempt from income tax, which remains an unfinished business for campaigners who want to build a free country. (Colombo/Nov20/2015)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේසන්, විදුලි හා ඇලුමිනියම්, වඩු වැඩ පුහුණුවන තරුණියන් 7000 කට ඒක අයෙකුට රු. 10,000 බැගින් ලබාදිම සඳහා මිලියන 500 ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    18:05 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැකියා වර්ධනයට රුපියල් මිලියන 50ක්

    lol

    මන්දබුද්ධික දේශපාලන අරමුදල :P
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "කෘෂි අස්වනු නෙලන කාලයේදී මිල අඩුවීම වැළැක්වීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වෙයන් යුතු ගබඩා සකස්කරන බවත්, කෘෂි අස්වනු නෙලන කාලයේදී මිල අඩුවීම වැළැක්වීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වෙයන් යුතු ගබඩා සකස්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය."

    උදා- මත්තල වී ගබඩාව
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    2001 සිට 2002 කාලය තුළ යළිත් වරක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නව ආර්ථික දැක්ම අනුව ආර්ථික වර්ධන වේගය හොඳ මට්ටමකට පැමිණි බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    1994 වසරේ පැවැති පොදු පෙරමුණ ආණ්ඩුව ආර්ථිකය නැංවීමට වඩා ත්‍රස්තවාදය අවසන් කිරීමට කටයුතු කළ බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

    රවීගේ කටට හක්ක පටස් එකක් තියන්න ඕනේ මේ ගහන කෙබ්බ වලට. ඕවා අහන ඉන්න බැරුව තමා ලොක්කා නිදාගෙන තියෙන්නේ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රවීගේ කටට හක්ක පටස් එකක් තියන්න ඕනේ මේ ගහන කෙබ්බ වලට. ඕවා අහන ඉන්න බැරුව තමා ලොක්කා නිදාගෙන තියෙන්නේ.

    :lol::lol::lol: Hakka Patas are badly needed :lol::lol::lol:
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    rawi kynr demalek okta sinhala baha oka name aka hadagna ine okage name aka karunanyayaka newei yakoo