සෑහෙන දවසකින් අලුත් ත්‍රේඩ් එකක් දාන්න හිතුනා
මේ ත්‍රේඩ් එකේ මම විස්තර කරන්න යන්නේ කොහොමද අඩු වියදමකින් සින්ගපූරුවට ටුවර් එකක් ගිහිල්ලා එන්නේ කියලා.
AirTickets
මුලින්ම පටන් ගමු එයාර් ටිකට් වලින්. දැනට යන්න තියෙන අඩුම විදිහ තමයි AirAsia Malaysia හරහා යන එක. ඒත් ඒක ටිකක් කරදරයි Malaysia වල transit එකක් තියෙන හින්දා. ඒත් වියදම හොදටම අඩු කරගන්න පොඩ්ඩක් කට්ට කෑවට කමක් නෑ කියල හිතනව නං එහෙම යන්න පුලුවන්. පැය 1.5ක් transit time තියෙන ටිකට් එකක් හරියට හොයල ගත්තොත් ගන්න පුලුවන්.
දැනට direct flight ලන්කාවේ ඉදලා තියෙන්නේ SingaporeAir සහ SriLankan විතරයි. මේවල ගනන් එක එක කාලවල් වලට වෙනස් වෙනව. හොදම දේ තමයි සතියේ මැද දවස්වල ලන්කාවෙන් ගිහිල්ලා ඊලග සතියේ මැද ආයෙත් එන්න දාගන්න එක. සිකුරදා, සෙනසුරදා, ඉරිදා, සදුදා යන එන එක මගහරින එකෙන් අඩු ටිකට් හොයාගන්න පුලුවන් වෙයි. තව ගොඩක් වෙලාවට SingaporeAir offers තියෙනවා. එයාලගේ වෙබ්සයිට් එකෙන් ඒවා බලාගන්න පුලුවන්.
ටිකට් ගනන් කොහොම වෙයිද කියලා බලාගන්න ඕනේ නං මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න
https://www.hopper.com
Hotels
හොටෙල් නං ඔයාලගේ budget එකට හරියන විදිහ බලල booking.com එකෙන් වගේ බලලා කරගන්න. අඩුම $80-$100 වගේ per night double room එකක් ගන්න පුලුවන් වෙයි. ඊටත් වඩා අඩුවට නං හොයන්නේ, කොහෙ හිටියත් කමක් නෑ වගේ නං capsule hostel එකක bed එකක් $20 per night වගේ වෙද්දි හොයාගන්න පුලුවන්. Hotel එකක් book කරද්දි MRT station එකක් ලග තැනක් බලන්න. ලග කිව්වේ මීටර් 500 - කිලෝමීටරයක් වගේ උනාට කමක් නෑ ඇවිදින්න පුලුවන්.
Capsule hostel
Start the jouney
ඔන්න එහෙනං ගමන පටන් ගමු. මොන flight එකේ හරි ඇවිල්ලා සින්ගපුරුවෙන් ගොඩබැස්ස කියමුකෝ. මුලින්ම airport එකෙන් එලියට යන්න කලින් සිම් එකක් ගන්න. tourist සිම් එකක් සතියකට valid වෙන $12-15 වගේ වෙද්දී ගන්න පුළුවන්. සිම් එක නැතුව wifi use කරන්න විතරක් හිතාගෙන එන්න එපා. පාරවල් හොයාගන්න එහෙම අමාරුවෙයි Google Maps නැතුව. දෙන්නෙක් වගේ එනවා නං සිම් 1ක් උනත් ඇති.
ඊට පස්සේ taxi එකක හොටෙල් එකට ගියොත් ටිකක් ගාන වැඩි. ඒක හින්දා ලාබම විදිහ තමයි train එකේ යන එක. Changi terminal 2 & 3 වල ඉදන් MRT station එකට ඇවිදගෙන යන්න පුළුවන්. ඒත් ඔයා land කලේ terminal 1 හරි 4 ට හරි නං sky train හරි free bus හරි තියෙනවා terminal 2, 3 වලට ඇවිල්ලා station එකට යන්න. station එක ඇතුලට යද්දී office එකක් වගේ එකක් තියෙයි. අන්න එකෙන් ඔයාලට ez-link card එකක් ගන්න පුළුවන්. tourist card කියලා වෙනම එකක් තියෙනවා. ඒක $20 ද කොහෙද වෙන්නේ දවස් 3ක් විතරක් valid. හැබැයි unlimited train bus වල යන්න පුළුවන්. ඒත් මම නං recommond කරන්නේ නොර්මල් අව්රුදු 5ක් valid card එක ගන්න කියලා. අව්රුදු 5ක් ඇතුලත ආයෙත් ආවත් ඒ card එකම use කරන්න පුළුවන්. තව වැඩක් කරන්න පුළුවන්. කලින් singapore ගිය යාලුවෙක්ගෙන් පොඩ්ඩක් ඇහුවා නං එයාලා ගාව ez-link card එක තියෙන්න පුළුවන්. එහෙම උනොත් ඒක topup කරගෙන යන්න තියෙන්නේ.
ez-link card එකක් ගන්නවා නං $12ක් වෙනවා. මේ $12 card එකේ $7ක balance එකක් එක්ක තමයි හම්බ වෙන්නේ.ඒ කියන්නේ card එක ඇත්තටම $5 වගේ තමයි වෙන්නේ. card එකේ balance එක $3ට වඩා අඩු වෙද්දී topup කරගන්න ඕනෙම MRT station එකකින් පුළුවන්. දවස් 3ක් වගේ ඉදලා ඇවිදින්න ez-link card එකේ $20 වගේ උපරිම යයි.
MRT map of Singapore
ලංකාවෙන් යන්න කලින් පොඩ්ඩක් බලල යන්න ඔයාලගේ ඉන්න හොටෙල් එකට ලගම station එක මොකද්ද කියල. station එකක් ලග පාත නැත්නං කරන්න දෙයක් නෑ. Grab taxi එකක් දාගෙන යන්න වෙනවා. Singapore වල Uber නෑ. එක හින්ද කලින්ම Grab app එක download කරගෙන airport එකෙන් සිම් එක ගත්තට පස්සේ setup කරගෙන taxi එකක් බූක් කරන්න පුළුවන්. එත් airport එකේ ඉදන් town එක හරියට යන්න $16-25 විතර ගානක් යයි.
Food
කන්න නං බය වෙන්න එපා එච්චර වියදමක් යන්නේ නෑ. හැබැයි එහෙම කියල famous රෙස්ටුරෙන්ට් වලට ගිහිල්ලා කෑවොත් ගණන් වැඩි.ඒත් ඕනේ තරං පාරවල් අයිනේ කඩ තියෙනවා $5-8 වලට කන්න පුළුවන්. indian කෑම අනිත් ඒවත් එක්ක බලද්දී ටිකක් ගණන්. බුරියානි එකක් $6 වගේ වෙනවා. ලංකාවෙත් කන්න පුළුවන් indian කෑම මෙහෙ ඇවිල්ල කන්න එපා ඉතින්. කන්න අප්පිරියිම නං අව්ලක් නෑ. කෑම තියෙන hawker centre එකකට වගේ ගියොත් ඔයාලට Chinese, Malay, Vietnamese, Korean වගේ කෑම ජාති ගොඩක් හොයාගන්න පුළුවන් $5-8 ට කන්න පුළුවන්. hawker centre කියන්නේ food court වගේ places වලට.
තව කන්න මොනවහරි ගන්න ඕනෙනං FairPrice එකකට වගේ යන්න පුළුවන්. ලංකාවේ FoodCity වගේ එකක්. FoodCity එකක ගන්න තියෙන ඔක්කොම දේවල් වගේ මේකේ තියෙනවා. තව SevenEleven, Cheers වගේ පොඩි පොඩි ශෝප්ස් තියෙනවා. හැබැයි ඒවල ටිකක් ගණන් වැඩි FairPrice එකට වඩා.

හැබැයි මේ දවස් වල ඒත් ගණන් 