Budunge Rasthiyaduwa

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    පොත් අටමගලක සහ ගුවන් විදුලි නාට්‍ය කිහිපයක නම් වටා රට පෙරළීමට තරම් දරුණුව ඇති වී තිබෙන කතා බහ එක්තරා අතකට සමස්ථ සමාජයේ ම නිරුවත හෙළි කිරීමට සමත් වී ඇත. එම නිර්මාණ වල අන්තර්ගතය කුමක් වුවත්, කුමන අරමුණකින් එකී නාමකරණයකට ගියාදැයි නිෂ්චිතව ම විවරණය කල නොහැකි වුවත් එම නිර්මාණ සමාජයට මුදා හළ පිරිසට මේ සමාජය පිළිබඳව සංකීර්ණ පාඩමක් සරලව මුළු රටට ම කියා දීමට හැකි වී ඇති බව නම් කිව යුතුම ය. එනම් "මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු" බවයි.

    දැඩි හාහූවට ලක් ව ඇති එකී පොත කිසිසේත් ම උත්කර්ෂයට ලක් නොවිය යුතු එකකි. කෙටියෙන් කියතොත් එය එහි නමට සම්බන්ධයක් නැති අන්තර්ගතයක් සතු තවත් පොතක් පමණක් බව එය හොරෙන් කියවූ සැවොම කියන්නකි. එනම් මෙය අතිශය ප්‍රසිද්ධියක් ලැබිය යුතු පොතක් නොවන බවයි. නමුත් සිදු වූයේ අනෙකකි. මේ පොතේ නාමය දඩ මීමා කොට ගෙන මෙරට පාරම්පරිකව සහ උප්පැන්නයෙන් බෞද්ධ යන පට්ටම අලවා ගත් බහුතරයක් දෙනා මේ පොත අනවශ්‍ය මට්ටමින් විවේචනය කර මුළු රට ම හඳුනන පොතක් බවට පත් කලේ ය. නෙගටිව් මාකටින් හෝ පොසිටිව් මාකටින් හෝ එය මාකටින් ය. දුර දිග නොබැලූ එකී බෞද්ධ කොට්ඨාශය මේ පොත, තලු මරමින්, කතුවරයා කෙරෙහි වෛරී සහගතව ඔහුට පාඩු ගෙන දීමේ අදිටනින් PDF මාධ්‍යයෙන් සකසා ජනතාව අතර හොරෙන් බෙදා හැරියේ ය. මූල්‍යමය අතින් නැතත් අදාල කතුවරයා එය ලිවීමට දැරූ ප්‍රයත්නය සාර්ථක වී ඇත. පොත් නොකියවන සහ එම පොතට ගරහනා අය ද එම පොත කියවන්නට යෙදුනේ තමාගේ උතුම් බෞද්ධකම හුවා දක්වා තම වෛරී ගින්නට පිදුරු දැමිය හැකි කොනක් පොතේ අන්තර්ගතය තුලින් සොයා ගෙන තව තවත් කතුවරයා ඇතුළු වාරණය පිටු දැකීමට පෙරමුණ ගත් කලාකරුවන්ට ද පහර එල්ල කිරීමේ ඒකායන අදිටනිනි. මේ සියල්ලටම හේතු වූයේ පොතේ නම මිසක අන්තර්ගතය නොවේ. ගුවන් විදුලි නාටක ත්‍රිත්වයකට ද එහි නිර්මාණකරුට ද මේ හා සමාන අර්බුධයකට මුහුණ පෑමට සිදු වුනි. "අවාසනාවට ඇත්ත කතාවක්" වත් අසන්නේ නැති මිනිසුන් ඉදිරියේ දී විකාශය වීමට නියමිත ගුවන් විදුලි නාටක කීපයක් පිළිබඳව ඉන් දැන ගත්හ. එය ද පෙර කී බෞද්ධයින්ගේ ම වික්‍රමයක ප්‍රතිඵලයකි.

    හොඳ ම ටික ඇත්තේ ද මේ ඇතුලේ ම ය. එකී බහුතර නාමික බෞද්ධ ප්‍රජාව ඔය තරම් ශ්‍රද්ධාවන්තව දිවි හිමියෙන් දහම සහ ශාසනය සුරැකීමටත්, එයට කිසිදු අගෞරවයක් සිදු වන්නට නොදී රැක ගන්නටත් පෙළඹෙන්නේ නම්, බුදු රජාණන් වහන්සේ දෙසු දහම අනුගමනය නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරන්නට සිදුවේ. ඒ මන්ද කියතොත් පළමු වශයෙන් සියළු සත්ත්වයින්ට මෛත්‍රී කරන්නට දෙසූ බුද්ධ දේශනාවට ඔවුන් අගෞරව කර ඇත්තේ අන්‍ය සහ විරුද්ධ මතධාරීන්ට වෛර කිරීමෙනි. දෙවනුව විකිණීමට ඇති පොතක් හොරෙන් PDF මාධ්‍යයට හරවා බෙදා හැර පංචශීලයේ සොරකම් නොකිරීමේ සිකපදය අමු අමුවේ ම බිඳ දැමීමෙනි. තෙවනුව අන්‍යන්ගේ සිත් රිදවෙන පරිදි තර්ජනාත්මක බසින් හා පරුෂ වචනයෙන් වාග් ප්‍රහාර එල්ල කිරීමෙනි. එයින් ද නොනැවතෙන එම අසරණ බෞද්ධ කැළ බුදු දහම සුරකින්නට තෝරා ගන්නේ අනුන්ගේ කුණු ඇවිස්සීම ය. අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන සෙවීම උතුම් ය යන බුද්ධ වචනය ද මොවුන් මෙහි දී තකන්නේ නැත. අවිචාරවත් වාචාලත්වය, පුරුදු කල යුතු දහම් කරුණක් වූයේ කොයි වකවානුවේ ද යන්න සොයා බැලිය යුත්තකි. බුදු දහමින් නොලැබෙන සැප මිත්‍යාවෙන්, මත්පැණින්, දේශපාලන වහල්භාවයෙන්, අනුන්ට කෙලවා හෝ සොයා යන මේ බෞද්ධයන්ගෙන් චාරවත් හැසිරීමක් කෙසේ නම් බලාපොරොත්තු වෙන්න ද? දෙදහස් වසරක මහා ලොකු සංස්කෘතියක් තුන්සිය හැට පස් දවසේ ම කබල් ගානවා හැර වෙන වැඩක් ඔවුන්ට නැති මුත් "සෙක්ස්" සොයා ලෝකෙන් ම එක ය. අහෝ මෙහෙමත් පරස්පර විරෝධී වැඩ!

    කලා නිර්මාණ වල නම් වලින් ඇවිලෙන ගිණි, ශාසනය සැබැවින් ම වළපල්ලට ඇද දමා ඇස් පනාපිට වැජඹෙන සතුරු රැල දවන්නට නොඇවිලෙන්නේ මන්දැයි ඔවුන් ඔවුන්ගෙන් ම හෘද සාක්ෂ්‍යයන්ගෙන් විමසා ප්‍රශ්න කල යුතුව ඇත. ශ්‍රමණ වෙස් ගත් චීවරධාරීන් පවා විවිධ සංවිධානාත්මක කල්ලි නිමවා මෙරට මන්ද මානසික බෞද්ධ පිරිස් එක් රැස්කොට ගෙන අමුතු ම දහමක් පතුරවමින් නිදහසේ සැරිසරයි. කලා නිර්මාණ වල නාමකරණයන්ට විරුද්ධව ඇරෙනා කටවල්, ශාසනය විනාශ කර රට ද අවුලනා චීවරධාරීන් ට විරුද්ධව නොඇරෙන්නේ මන්දැයි මේ රටේ වගකිව යුත්තන්ගේ සිට මහා නායක, අනු නායක, සංඝ නායක වහන්සේලාගෙන් විමසිය යුතුම ය. එය එසේ වීම ම රට ම දන්නා තවත් හිනා නොයනා විහිළුවකි. එම විහිළු වලට ප්‍රිය රසිකත්වයක් ද රට පුරා ඇත. මඩ ගොහොරුවක බැස සිට අනුන්ගේ රෙදි වල තුත්තිරි වලට දෙස් දෙවොල් තියනා මිනිසුන්ට මීට එහා රස්තියාදුවක් තව කොයින් ද?

    භූමි තෙල් වැදි ගැරඬි මෙන් නොහැසිරී බුද්ධිමත් ව කටයුතු කර තීරණ වලට එළැඹීමට තරම් සංවරශීලී හැදියාවක් උගතුන් හැටියට සාදා ගන්නට කාලය දැන් එළඹ ඇත. එසේ නොවුනහොත් උගත් බුද්ධිමතුන් අතරේ මෝඩයින් ලෙස කැපී පෙනෙන්නේ ද තමා ම ය. එතැනින් එහාට තර්ක විතර්ක අනවශ්‍ය ය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොතට බනින එකෙන් වෙන්නෙත් පොත මාකට් වෙන එක. පොතට බනින උන්ට බනින එකෙන් වෙන්නෙත් පොත මාකට් වෙන එක :baffled:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    Marketing monava vethath Lankave godak ayata thaama therenne ne kohomada open / social media valin virudda adahas prakasha karanne kiyala. Ekata hethuva thaama Lankavata ewa anik ratavalvalata saapekshava aluth nisa vennethi. Apey aya hithata ena ona harupayak liyala daanava sanvarayak nethuva. Gossip site ayatath therenne nae vena rataval vagey edit karanna oney kiyala. International site vala comments kiyevvama venasa hondata therenava.

    Koheda ithin ewa kiyavanna English denumakvath thiyanavayae. English valatath bena bena inna ayane mehe vedihariyak!



    :lol: