බුර්කා දමා මූණත් වසා විභාගේට ඇවිත් -නාවලපිටියේ විභාග මධ්‍යස්ථානයක් කැළඹෙයි – ශාලාධිපති නීතිය අකුරට කරද්දී දෙමව්පියෝ යකා නටයි
බුර්කාව පළඳා විභාග මධ්‍යස්ථානය තුළට මුස්ලිම් ශිෂ්‍යාවන් ඇතුළත් වීමට ශාලාධිපතිනිය ඉඩ ලබානොදීමේ සිද්ධියක් මුල් කරගනිමින් නාවලපිටිය ශාන්ත මේරි විභාග මධ්‍යස්ථානයේදී නොසන්සුන් වූ දෙමාපියෝ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට පැමිණිලි කිරීමට ඊයේ (07දා) පියවර ගෙන තිබේ.
මෙම විභාග මධ්‍යස්ථානයේ මුස්ලිම් ශිෂ්‍යාවන් 16 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටින අතර ඔවුන් සියලු දෙනාගේ පර්දාවන් ඉවත් කරන ලෙස දැනුම් දීම නිසා ඔවුන්ගේ විභාග මානසිකත්වය ගිලිහී ව්‍යාකූල තත්ත්වයට පත්වීමෙන් නිසිලෙස විභාගයට පෙනී සිටීයට නොහැකිවූ බව එම සිසුන්ගේ දෙමාපියෝ චෝදනා කරති.
විභාගය මධ්‍යස්ථානය අසල ඇතිවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමග ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආනන්ද ප්‍රේමසිරි මහතා එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළේය.
Nethfm
Last edited:



