Bus Accident by Hitting an Elephant

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    අධිවේගී මාර්ගයක දී අලි පැටවෙකු බස් රථයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. මෙම අනතුරින් අලි පැටවා එම ස්ථානයේ දීම මියයන අතර බස් රථයේ රියදුරාට ද බරපතල තුවාල සිදුවෙනවා.

    අදාළ අලි පැටවා අධිවේගී මාර්ගය හරහා ගමන් කරනු දැක මෝටර් රථයක් මාර්ගයේ පසෙකට කර නවත්වන අතර එම මෝටර් රථයේ සිටින්නෙකු සිය ජංගම දුරකතනයෙන් අලිපැටවාව වීඩියෝ ගත කරන්නේ ඊළඟ තත්ත්පරයේ දී සිදුවන විනාශය පිළිබඳ හෝඩුවාවක් හෝ නොදැන යි.

    එසැණින් වේගයෙන් පැමිණෙන බස් රථය සැණෙකින් අලි පැටවාගේ ගැටෙන අතර එය නතරවන්නේ අලිපැටවාත් රැගෙන බොහෝ දුර ගිය පසුව යි.

    බස් රථයේ රියදුරා මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා සිටියත් ඔහු රෝහල් ගත කිරීමට බොහෝ වේලාවක් ගතවන්නේ මෙම ගැටීමත් සමග ඔහු බස් රථයේ කොටස් තුළ සිරව සිටීම නිසා යි.

    මෙම බිහිසුණු අනතුර තායිලන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූවක්වන අතර අදාළ අලි පැටවා එරට සත්ත්ව සුභසාධන ආයතනයක් භාරයේ සිටි සත්ත්වයෙකු බව යි පැවසෙන්නේ.