Bus eke sex karala maattu

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    දැරියක් අපයෝජනය කරමින් සිටි කොන්දොස්තර මාට්ටු


    පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් බස් රථයක් තුළ ලිංගික අපයෝජනයට ලක් කරමින් සිටි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු හොරොව්පතාන බස් නැවතුම්පළේදී හොරොව්පතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සිසුවියගේ දෙමව්පියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට පත් වූයේ හොරොව්පතාන කුඩාපට්ටිය ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.

    සිසුවියද හොරොව්පතාන කුඩාපට්ටිය ප‍්‍රදේශයේම පදිංචිකාරියක් බව පැවසේ.

    මෙම සිසුවිය පසුගිය 10 වැනිදා පෙරවරුවේ හොරොව්පතාන නගරයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියකට යන බව සිය දෙමවුපියන්ට පවසා නිවසින් පිටව ගොස්, උපකාරක පන්තිය නිමවී ආපසු නිවසට පැමිණීම ප‍්‍රමාදවීම නිසා ඇගේ දෙමවුපියන් එදින සවස ඇය සෙවීමට හොරොව්පතාන නගරයට පැමිණ තිබේ.

    දෙමාපියන් සිසුවිය සොයමින් සිටියදී අදාළ බස් රථ ගාලේ එක් බස් රථයක් තුළ සැකකාර බස්රථ කොන්දොස්තරවරයා බස් රථයේ පසුපස අසුනේ සිසුවිය සමඟ ලිංගික හැසිරීම්වල නිරතව සිට ඇත.

    පසුව දෙමාපියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දන්වා ඇත.

    පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී සැකකාර කොන්දොස්තරවරයා මීට පෙර අවස්ථා කීපයකදීම සිසුවිය ලැගුම් හල්වලට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව අනාවරණය වී තිබේ.

    පසුව සිසුවිය අධිකරණ නියෝගයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට රෝහල්ගත කිරීමටත්, සැකකරු කැබිතිගොල්ලෑව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටත් හොරොව්පතාන පොලිසිය පියවර ගෙන ඇත.


    Code:
    SLmirror