මේ කියල තියෙන ටික හරි
හැබැයි මොනවා තිබුනත් හොඳට හොයල බලන්න.
මේ ලඟදි කොළඹ වාණිජ අධිකරණෙ තිබුන නඩුවකට මම ගියා අපේ කම්පැනි එක වෙනුවෙන්. අපේ නඩුව ගන්නකන් අනික් නඩු අහගෙන හිටිය. එක නඩුවක් තිබුනා, මනුස්සයෙක් ඉඩමක් අරගෙන, ටික කාලයක් ගිහින් ගේ හදන්න පටන් ගන්න ඉඩම සුද්ද කරන්න ගියහම ඉඩමේ ඇත්ත අයිතිකාරයා ඇවිල්ල ඒ ඉඩම එයාගේ කියල. බැලින්නම් ඉඩම විකුණලා තියෙන්නේ වෙන එකෙක්, ඇත්ත අයිතිකාරයා වෙන එකෙක්. අර මිනිස්සු ලෝයර් කෙනෙක් ලවුව ඔක්කොම හොඳට හොයල බලල තමා කරලා තියෙන්නේ. පත්ඉරු පවා බලල. ඒක නිසා හොඳට හොයල බලන්න. ඉඩම ගන්න කලින් වටේ පිටේ අයගෙන් විස්තර අහන්න. හොඳ ලෝයර් කෙනෙක්ට කියල හැම ඩොකියුමන්ට් එකක්ම හොඳට චෙක් කරවන්න.
තව සිද්දියක් තියෙනවා. මේක ලෝයර්ල ගැන. මගේ යාලුවෙක් ඉඩමක් අරගත්තා ඇත්තටම ඉඩම් දෙකක් එකලඟ. ඒ දෙක එකතු කරලා ගත්තම ඉඩම හතරැස් වෙන්න ඕනේ නිසා ඉඩමේ පැත්තක තීරුවක් අල්ලපු ඉඩමේ අයට දීල එයාලගේ ඉඩමෙන් පිටිපස්සේ කෑල්ල යාළුවගේ ඉඩමට ඈඳ ගත්ත. ඒකටත් යාළුවගේ ලෝයර් ඔප්පු හදල ඔන්න වැඩේ ඉවර කළා. ඊට පස්සේ ඒ ඉඩමේ බිල්ඩින් එකක් හැදුව කෝටි 8 ක් විතර වියදම් කරලා. දැන් බිල්ඩිමේ වැඩ ඉවර වෙන්නත් ලඟයි. මේ ලඟදි මොකක් හරි වැඩකට බැංකුවට ඩොකියුමන්ට් වගයක් දෙන්න යනකොට යාලුවට නෝට් වෙලා තියෙනවා අර මිනිස්සුන්ට දීපු කොටස (පර්චස් 6 ක් වගේ) වෙනුවට රෙජිස්ටර් වෙලා ඇවිල්ල තියෙන්නේ රුඩ් එකයි පර්චස් 6 ක් කියල. යාලුවට දෙලෝ රත්වෙලා. රුඩ් එකක් කියන්නේ පර්චස් 40 ක් නේ. අනික ඒ කොටසේ බිල්ඩිමේ කොටසකුත් තියෙනවා. වෙලා තියෙන්නේ ලෝයර් ඔප්පුව හදද්දී කලින් හදපු ඔප්පුවක ටයිප් කරපු ඔප්පුවක් අරගෙන ඒක වෙනස් කරලා හදල තියෙන්නේ. ඒ ඔප්පුවේ තිබුන රුඩ් එක කියන වචනේ අන්තිම පිටුවේ එක තැනක අයින් කරන්න අමතක වෙලා. කච්චේරියේ එවුන් ඉඩම රෙජිස්ටර් කරලා තියෙන්නේ ඒක බලලා. පස්සේ අර ඉඩම අයිති අයට විස්තරේ කියලා. ඒ මිනිස්සුත් හොද අය නිසා අවුලක් වෙලා නැහැ. පස්සේ අර අවුල නිරවුල් කරලා මගේ යාලුවට අර කොටස ලියල දීල. ලෝකේ කාල වතුර බීපු එකෙක් එහෙම උනානම් මගේ යාලුවට වෙන්නේ වහ කන්න. ඔන්න ඔහොමයි ලෝයර්ලගේත් වැඩ. පුලුවන්නම් හොඳ අත්දැකීම් තියෙන පරණ ලෝයර් කෙනෙක්ට කියල වැඩේ කරගන්න. මමනම් කලේ ඒ වගේ හොඳ අත්දැකීම් තියෙන ලෝයර් කෙනෙකුට කියල.