Bye Fonseka

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
Lokuma Pawa denna Fonsekata sorryma wela :lol:

රණවිරුවන්ට ජෙනරාල් එපා වෙලා
fonseka.jpg

ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නියැළුණු රණවිරුවෝ ඉල්ලා අස්වෙති. පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් හා ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ අය මෙසේ අස් වී තිබේ.සරත් ෆොන්සේකා මහතාගේ අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත නිසා ඉල්ලා අස්වෙන බව ඔවුහු පවසති.

ඉකුත් ජනාධිපතිවරණයේ දීත්, අනතුරුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදීත්, හිටපු හමුදාපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ රණවිරුවන් මේ වනවිට අමතක කැර දමා ඇතැයි චෝදනා කරන ඔවුහු හිටපු හමුදාපතිවරයා යුද හමුදාවේ ගෙනගිය දරදඬු පාලනය දේශපාලන ව්‍යාපාරය තුළද ක්‍රියාත්මක කරන බව ඊයේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුහු අනාවරණය කළහ.

ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තරග කළ අවස්ථාවේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්, ආසන සංවිධායකවරුන් හා මහ මැතිවරණයේ දී ආසන සංවිධායකවරුන් මෙන්ම මන්ත්‍රීධූර අපේක්ෂකයන් ඇතුළු නායකයෝ ඊයේ කොළඹ දී මේ බව පැවසූහ.

හිටපු හමුදාපතිවරයා සමඟ එක්වූයේ ඔහු රණවිරුවෙකු ලෙස මැතිවරණවලට තරග කළ නිසා බව මෙහිදී ඔවුහු කියා සිටියහ. හිටපු හමුදාපතිවරයා කන්න දුන් අත සපාකන කෙනෙකු බවත්, කළගුණ නොදත් තමන් තනිවම කැපී පෙනෙන්ට උත්සාහ දරන කෙනෙකු බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයෝ අනාවරණය කළහ.
ත්‍රිවිධ හමුදාවේ සේවය කැර විශ්‍රාම ගෙන සිටි විශාල පිරිසක් රණවිරුවන් වශයෙන් හිටපු හමුදාපතිවරයා සමග එක්වුණේ ඔහු රණවිරුවෙකු ලෙස මැතිවරණවලට ඉදිරිපත් වූ නිසා බව මෙහිදී ඔවුහු අවධාරණය කළහ.

රණවිරුවන් වශයෙන් ක්‍රියාකාරී දේශපාලනයට එක්වූ අයට මැතිවරණවලින් පසුව ඇතිවූ ගැටලු සහගත අවස්ථාවලදී හිටපු හමුදාපතිවරයා මඟ හැර සිටි බවට ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස කටයුතු කළ අය මෙහිදී චෝදනා කළහ.

ජනාධිපතිවරණයෙන් පසුව හිටපු හමුදාපතිවරයා තමාගේ පෞද්ගලික කරුණු හා අවශ්‍යතාවන් වෙනුවෙන් පමණක් පෙනී සිටි බව මෙහිදී පෙන්වාදුන් රණවිරු නියෝජිත පිරිස ඉදිරියේදී රණවිරු සංකල්පයක් හිටපු හමුදාපතිවරයා තුළ නැතැයි තමන්ට දැනුම් දුන් බවත් හෙළි කළහ.

හිටපු හමුදාපතිවරයා සෑම විටම තමා ඉස්මතුවීමට ක්‍රියා කරන කෙනෙකු බව මේ වනවිට තමන්ට අවබෝධ වී තිබෙන බව මේ මාධ්‍ය හමුවේදී පෙන්වා දුන් නියෝජිත පිරිස හිටපු හමුදාපතිවරයාට රට ගැන හැඟීමක් හෝ කැක්කුමක් නැතැයි තමන්ට අවබෝධ වී තිබෙන බවද කීහ.

ජනතා විමුක්ති පෙරමුණේ රූකඩයක් බවට මේ වනවිට හිටපු හමුදාපතිවරයා පත්ව සිටින බව පවසන රණවිරු නියෝජිතයෝ, එම පක්ෂය දිගින් දිගටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පක්ෂයක් බවද පෙන්වා දුන්හ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ විවිධ තනතුරු දැරූ ත්‍රිවිධ හමුදාවේ සේවය කැර විශ්‍රාම ගොස් සිටින විශාල පිරිසක් මේ මාධ්‍ය හමුවට පැමිණ සිටියහ. කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉකුත් මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂක හා ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපතිවරයාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ හිටපු පරිපාලන නිලධාරී කපිතාන් සංජීව කඳන ආරච්චි මහතා මෙහිදී අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා මැතිවරණවලින් පසුව රණවිරුවන් අමතක කර දමා ඇතැයි පැවැසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂක මේජර් සමන්ත කල්‍යාණරත්න මහතා ද අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා කිසිම අවස්ථාවක තමන්ගෙන් සිදුවෙන වරදක් පිළිගැනීමට අකමැති අයෙකු බව පැවැසීය.

“ඉදිරියට රණවිරු කතාවක් නැහැ. රතු සහෝදරයන් සමඟ තමයි ඉස්සරහට වැඩ කරන්ට වෙන්නේ” කියා ඔහු පැවැසූ බවද මේජර් වරයා සඳහන් කෙළේය.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරන නිලධාරී කපිතාන් උදය දිසානායක කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් මේජර් නිශාන්ත මල්ලිකාරච්චි මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.






:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:


මෙන්න මේක පොඩ්ඩක් බලන්න
itn එක බලල මොනාවත් තීරනය කරන්න යන්න එපා


Sri Lanka's defence secretary, Gotabaya Rajapaksa, says General Sarath Fonseka will be executed





මෙන්න sf ගෙ උත්තරේ



http://www.megavideo.com/?v=W8S69W98



දෙකම හොදට අහල බලන්න



ඔය ලැජ්ජාවට තමය් උන්ටික සල්ලිවලට බාගෙන තියෙන්නෙ

:lol::lol::lol::lol::lol::lol::lol:


සරත් ෆොන්සේකා මහතාගේ අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත නිසා ඉල්ලා අස්වෙන්න
ඕනනම් මෙච්චර දවස් ඉන්න ඕනද?????


:frown::frown::frown::frown:

පොඩ්ඩක් හිතල බලන්න
 

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
lol...thank god.....

think if this moron had been made president....:no::no::dull:

i told back then during the presidential elections...MR may be corrupted but he is an "intelligent" leader....unlike SF....he would have sunk sri lanka by now if he had won the election....:dull::dull::nerd:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එදත් කිව්ව , අදත් කියනව , කොච්චර හොදට ඉන්න තිබ්බ මිනිහෙක්ද??
     

    Similar threads