C Cleaner Virus?

Guy Fawkes

Active member
  • Sep 24, 2017
    431
    72
    28
    සී ක්ලීනර් ලෝකය පුරාම භාවිතා කරන, නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක්. පිරිෆෝර්ම් නැමති බ්‍රිතාන්‍ය සමාගමක් නිර්මාණය කල මේ මෘදුකාංගය හා පිරිෆෝම් සමාගමේ දැන් අයිතිය ඇවර්ස්ට් ඇන්ටි-වෛරස් මෘදුකාංගය නිර්මාණය කරන චෙකොස්ලෝවැකියාවේ ඇවර්ස්ට් සමාගමටයි. පරිගණක හාර්ඩ් ඩිස්කයේ නිරන්තරයෙන් එකතුවන අප-දත්ත (junk data) මකාදමා හාර්ඩ් ඩිස්කය පිරිසිදුකොට එහි ක්‍රියාත්මක වේගය හා නිදහස් ඉඩ (free space) වැඩිකරීම Cක්ලීනර් මෘදුකාංගයේ රාජකාරිය වන අතර එම කටයුත්ත ඉතාම හොඳට සිදුකරන නිසා බොහෝ මෘදුකාංග විශ්ලේෂක සේවා සී-ක්ලීනර් මෘදුකාංගයට ඉතා ඉහල ලකුණු ලබාදෙනවා. මේ නිසාම ලෝකයේ දැවැන්ත සමාගම් වල පරිගණක ඇතුලුව පරිගණක මිලියන ගණනක සී-ක්ලීනර් ස්ථාපනය කොට තිබෙනවා.

    කෙසේවෙතත් පසුගිය සතියේ පරිගණක ආරක්ෂණ සේවා සපයන මෝර්ෆිසෙක් හා සිස්කෝ සමාගමේ ටැලෝන් විද්‍යාගාරය, සමහර සී-ක්ලීනර් මෘදුකාංග අමුතු ආකාරයකට හැසිරෙන බව සොයා ගත්තා. මේ හැසිරීම තවදුරටත් විශ්ලේෂණය කල ඔවුන්ට මේ සී-ක්ලීනර් මෘදුකාංග යම් හැකර් කන්ඩායමක් විසින් වෙනස් කොට ඇති බවත්, එම සී-ක්ලීනර් මෘදුකාංවලට සූක්ෂමව ඇතුලත් කොට තිබූ අමතර කේත මාළාවක්, පරිගණකයේ අන්තර්ජාල සබඳතාවය හරහා වෙනත් රටක ඇති සර්වරක් හා සම්බන්ධ වෙමින් එම පරිගණකයේ යම් යම් තොරතුරු සර්වරයට යවන බවත් පෙනී ගියා.

    හැකරුන්ට නොදැනෙන්නට මෙම සර්වරය පිරික්සූ පරිගණක ආරක්ෂණ විශේෂඥයින්ට මෙම සර්වරය මගින් එයට සම්බන්ධවන පරිගණක යම් ඉලක්ක සමාගම් ලැයිස්තුවකට අයත් දැයි සොයා බලන බව පෙනී ගියා. දැනට මෙම ඉලක්ක සමාගම අතර Intel, Google, Microsoft, Akamai, Samsung, Sony, VMware, HTC, Linksys, D-Link Cisco සමාගම් තිබෙන බව හෙලිවී තිබෙනවා.

    එම ඉලක්ක සමාගම් වල පරිගණක හඳුනාගත් විට එම පරිගණකවල ඇති සී-ක්ලීනර් මෘදුකාංගය හරහා එම පරිගණකවල පාළන සියතට ගත හැකි තවත් හැකර් මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට මෙම සර්වරය ක්‍රියාකොට තිබෙනවා. ඒ අනුව මෙම හැකර් ව්‍යාපෘතිය මෙම අධිතාක්ෂණික සමාගම්වල නව තාක්ෂණය හා බුද්ධිමය දේපොල සොරා ගැනීමට හෝ වෙනත් ආකාරයකින් ලාභයක් ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක වන බවට අනුමාන කරනවා.


    image


    source-http://vidya-gaweshana.blogspot.com/2017/09/hacking-c-cleaner.html

    P.S-දැන් අලුත් update එකක් ඇවිල්ල අවුල හදල.පරන version තියන එවුන් update කරගන්න
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පරණ නිව්ස් එකක් මචන්, දැන් අවුල හදලත් ඉවරයි
    ආයෙ අප්ඩේට් කරපන් පහුගිය සති 1 - 4 අප්ඩේට් කරපු උන්
     

    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    පරණ නිව්ස් එකක් මචන්, දැන් අවුල හදලත් ඉවරයි
    ආයෙ අප්ඩේට් කරපන් පහුගිය සති 1 - 4 අප්ඩේට් කරපු උන්

    ela :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හැම එකාම බම්ප් ගාන්න එපා බන්
    රෙප් එකක් එහෙම දාපන් ඌ අළුතෙන් නෙ ඇවිත් තියෙන්නෙ :rolleyes:
    REP +++
     
    • Like
    Reactions: Guy Fawkes