ඕක මෙලෝ වැඩකට ඇති ගස් ජාතියක් නෙමෙයි. ඕවගේ එකක්ම ඕන නම් කෝමාරිකා පැළයක් හිටව ගන්න. ගැස්ට්‍රයිටිස් වලට හොදයි. තව අක්කපාන ගහක් උනත් කාමරේක හදන්න පුළුවන්. ගලක් උඩ උනත් හැදෙනවා. කොළ වලින් ගුණ සම්බෝලයක් හදා ගෙන හරි කන්න පුළුවන්. වකුගඩු ලෙඩ වලට ගුණයි. සේර ගහක්, මදුරු තලා පැලයක්, පැගිරි පැළයක් වගේ ගස් රාශියක් තියෙනවා ඔහොම හිටවා ගන්න පුළුවන්. ටිකක් අමාරුවෙන් ප්‍රාණ ජීව පැළයක් උනත් හදන්න පුළුවන්. ඉස්සර මිනිස්සු කටු තියන ගස් නිතර දෙවේලේ දකින තැන් වල හිටවන්නෙත් නෑලු (ඇත්ත /නැත්ත දන්නේ නෑ). මෙච්චර ජිව විවිදත්වයක් තියන රටේ මිනිස්සු පිටරටින් ගෙනත් පතොක් හිටව ගන්නවා (දේශීය පතොක් විශේෂ කිහිපයකුත් තියනවා). පිටරටින් ශාක / ශාක කොටස් ගෙනල්ල රටේ පැලකරන එකෙන් රටේ තියන ගස් වලට/ සත්තුන්ට අවධානමක් තියන බවත් මතක තියාගනිල්ලා.