Campus කෙල්ලන්ට කොල්ලන්ට ආරාධනා ...

gcrsuraweera

Junior member
  • Jan 29, 2009
    180
    14
    18
    Piliyandala
    Campus කෙල්ලන්ට කොල්ලන්ට ආරාධනා ...


    Campus කෙල්ලන්ට කොල්ලන්ට සහ සොබාදහමට ලැදි අයට ආරාධනා ...

    දැනට ලංකාවේ සංචාරක තොරතුරු ඇතුලත් වෙබ් අඩවි කොතරම් තිබුනත් ලංකාවම ආවරණය වන පරිදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවි ඉතාමත් අල්ප හෝ නොමැති තරම්ය, තිබුනත් තොරතුරු වල නිරවද්යතාවය පිලිබඳ ගැටළු මතුවේ, එසේත් නොමැති නම් Travel Agency මගින් පත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වල බොහෝ විට නිවැරදි Contact Details සහ Price Details අඩංගු නොවේ.

    එම නිසා නිවැරදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දැඩි ආශාවක් මා තුල විය, එම අරමුණ මාස කිහිපයක දැඩි කැප කිරීමකින් සපල කර ගැනීමට Software Engineer ලෙස සේවය කරන මා හට එතරම් අපහසු වුයේ නැත .

    වාසනාවකට මෙන් ඊට ගැලපෙන Domain Name එකක්ද ලැබුණි (www .LankaTravelGuide.com).

    එහෙත් මේ සඳහා තොරතුරු එකතු කර ගැනීම තනිවම කල නොහැක්කකි. මේ සඳහා අන්යන්ගේ උදව් බලාපොරොත්තු වුනෙමි . සහයෝගය ලබා දීම සඳහා Travel Agency කිහිපයක් සහ Hotels කිහිපයක් ඉදිරිපත් වූ නමුදු මම ඒ සඳහා එකඟ නොවුයේ ඊට වඩා වෙබ් අඩවියේ ස්වාදීන බව වඩා වැදගත් වන බැවිනි. තවද මෙයින් මුදල් ඉපයීමේ කිසිදු පරමාර්තයක්ද නොමැති අතර කිසිදු වෙළඳ දැන්වීමක් හෝ මෙහි පල නොකිරීමට මම දැඩි ලෙස වග බලාගෙන ඇත්තෙමි.


    ලංකාවේ සුන්දර තැන් වල තොරතුරු ඉදිරිපත් කරන අතරම ඒවා විනාශ නොකර සුන්දරත්වය විඳ ගන්නා ආකාරය දැනුවත් කිරීම මෙම වෙබ් අඩවියේ අරමුනයි.

    Lanka Travel Guide Team එකක් ලෙස වැඩ කිරීමට කැමති ඔබට සුහද ආරාධනයයි ...

    ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අගයන්නෙමු.

    Vacant:

    LTG Photographer: ලංකාවේ ඔබ සිටිනා ප්‍රදේශයේ හෝ සුන්දර තැන වල චායාරූප ලබා ගැනීම

    LTG Article writer: ඔබ දන්නා සුන්දර ස්ථාන ගැන තොරතුරු ලබා ගැනීම

    LTG Translator: සිංහල > English පරිවර්ථනය


    ඔබ විසින් සැපයෙන සියලු දේ ඔබගේ අනන්‍යතාවය සහිතව පල කිරීමට වගබලා ගන්නෙමු ...

    email : [email protected]

    Phone: 0722 982 982/ 0777 726 534
     
    Last edited:

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    ඔය නමට හදපු මගේ පරන ඩිසයින් එකක් තියෙනවා ඒක ඕනනම් එවන්නම් මොඩිෆයි කරලා... හොඳ නම් ලෝගෝ එකට දාගනින් මචන් :):):):):)
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඕකට තොරතුරු/ෆොටෝ සපයන අයට ගෙවීමක් කරානම් හොඳයි. මොකද ඕක සංචාරක ව්‍යාපාරය හා සම්බන්ද දෙයක්. ඒ වගේම වැදගත් තොරතුරු /ෆොටෝ දෙන කෙනා දෙන්නේ තමන්ගේ බුද්ධිමය දේපලක්. ඔයා කෙසේ වෙතත් ඕක බලන ගොඩක් දෙනා ඕකෙන් අදායම ගානට හොයා ගන්නවා (පොළොන්නරුවේ ඉන්න පුද්ගලික ගයිඩ් කෙනෙක් පැයක විස්තර කිරීමක් කරන්නත් රු 2000 ක් අවමය ගන්නවා. ඉතින් කැමති කෙනෙකුට පුළුවන් වෙබ් එක කියවලා ශේප් එකේ ගයිඩ් කෙනෙක් වෙලා අදායම උපයන්න. මේ එක උදාහරණයක් විතරයි.) අනික ගෙවීමක් යටතේ ලබා දෙන තොරතුරු /ෆෝටෝ වල ගුණාත්මක බව හා විශ්වසනීයත්වය වැඩියි. එහෙම නොවුනොත් සයිට් එක "පොදු වැසිකිළියක " තත්වයට යන්නත් බැරි නෑ.