කවුරුවත් නැති නිසා ඔන්න මං තනියෙන් හැදුව නිසදැස බලන්නකෝ හොඳද කියලා....
වසර දහතුනක්...,
දුක් වින්ද හීනයක්
දැන් ඉතින් එළිවෙලා,
දුරුත්තම හැඩකරන්...
එක අරමුණක් වෙනුවෙන්ම,
කැප කරපු කඳුළු පොදි,
අද මෙසේ ඇද හැළුනි,
සතුටු කඳුලක් විලස...
විදුබිමෙන් සරසවිබිමට,
වරම්ලද ඒ පිනට,
සදා මං ණයගැතිය
විදු මව්නි ඔඛෙ හදට...
නොනවතුණු ජීවිතය,
එක හීනයක් කරන්,
ජය ගනිමි මා මෙදා,
සරසවි මව්නි ඔඛෙ පිනෙන්...