CANON DSLR or NIKON DSLR

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කැනන් ද, නිකොන්ද?


    header.jpg


    කවුරුත් අහන , කාටත් තියන ප්‍රශ්නයක් !
    හරි ඉතින් කැනන්ද නිකොන්ද?
    ඕක නිකන් උඹෙ අම්මද හොඳ මගෙ අම්මද හොඳ වගේ ප්‍රශ්නයක් තමයි
    එතකොට දැන් පෝස්ට් එක ඉවරද?
    නෑ, අපි ටිකක් වැඩිදුර කතාකරමු.
    මුලින්ම කියන්න ඕන මමනම් උග්‍ර නිකොන් ලෝලියෙක් කියන එක. ඒත් මම උත්සහ කරන්නම් පුළුවන් උපරිමෙන්ම මේ කතාව පක්ශපාතී නොවී කරගෙන යන්න. "ඒත් නිකොන් තමයි හොඳම" :P




    කැමරාවකින් වෙන්න ඕන තියන දේ ස්වභාවික විදියටම පෙන්නන එකයි. ඒකෙන් අර නවදැලිහේනේ වකදාගිය වැඳිරි මැහැල්ලව පට්ට කෑල්ලක් විදියට පේනවනම් ඒකිගෙ කොල්ලට ඇර වෙන එකෙක්ටවත් ඒ කැමරාවෙන් වැඩක් වෙන එකක් නෑ. මොකද කියනවනම් පේන්නෙ යතාර්තය නෙමෙයිනෙ :D
    දැන් ඉතින් මම යතාර්තය කිව්වෙ වර්න ගැන මිසක් කර්මයවත් අහවල් එකක්වත් ගැන නෙමෙයි.​




    එහෙනම් කියන්නම්කො ඇයි මම කැනන් එකක් ගන්න ගියේ කියල, කැනන්වල පාට මාර ගතිනෙ බන්. කොහොමහරි සල්ලි මදි නිසා අරක අරං ආවා. ඒක අරං තමයි මම ඉගනගත්තෙ. ඒ කාලේ මට ඕව ගැන අහගන්න තරම් කෙනෙක් හිටියෙ නෑ, කඩ්ඩ පොලිශ් නෑ, කම්පියුටරේ තිබ්බට නෙට් නෑ. ඉතින් හැමදාම වගේ මගේ උදව්වට හිටිය යාලුවට කියල ඕක ගැන රිවීව්ස් හොයාගෙන , නෙට් එකේ තියන හොඳ වගේම කුනු කතාත් අහගෙන වෙබ් පේජස් බරගානක් කැෆේ ගිහින් බාගෙන ඇවිල්ල ගෙදර ශබ්දකෝශ පෙරලගෙන කියවල කියවල අවදානමක් අරං තමා ඕක ගත්තෙ. දන්න තරමින් ඒ වෙනකන් ඒක ලංකාවෙ තිබ්බද මංදා. වගකීමක් නැතුව ගන්නවට වඩා වගකීමක් එක්ක ගනිද්දි 29000 වැඩී, අනික උන් ගාව බඩු නෑත් එක්ක. කොහොමහරි වගකීමක් නැතුවම ගත්තා අවදානමක් එක්ක. ඕක අරං තමයි මම ඉගනගත්තෙ කැමරාවල තියන බට්න්ස්වලින් එහාගිය අනං මංඅං ගැන.
    දැන් මම කිව්වනෙ කැනන්වල පාට මරු කියල, එහෙනම් කියන්නම්කො අවාසනාවකට ඇත්ත කතාවකුත්.​



    සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා වෙඩින් වලට එහෙම ගියාම ඇවිල්ල ඉන්න වෙඩින් ෆොටෝග්‍රැෆර් ගන්න පින්තූරෙට ඔලුව දාආ බලනව. " ශාහ් මරු කැමරාවනෙ, මොකක්ද කැමරාව, මොකක්ද ලෙන්ස් එක?" "අහවල් කැනන් එක with අහවල් ලෙන්ස් එක" කිව්ව ගමන් ගියා ගත්තා ආවා. කෝ , ෆොටෝවල පට්ට පාට නෑනේ :O අනේ බන් ඔය කැමරාවෙ තියන Picture control වලින් කරපු වැඩක්. දැන් තියන Compact Cameraවක පවා තමන්ට ආස විදියට පාට වෙනස්කරගන්න පුළුවන්.​



    අනේ මංදා කතාකරන්න ගත්ත එකද කියවන්නෙ කියල. කොහොමහරි හැම කැමරාවෙම ඔය මෙගා පික්සල් කියන දෙයට වඩා ගොඩක් දේවල් තියනව. ඒ දේවල් ඕන කරන්නෙත් නොයෙක් දේවල් සඳහා. පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. තාක්ශනිකම පැහැදිලි කිරීමක් නොවෙයි.​



    ආසාවට වගේ වීඩියෝ එකක් බලල ඉමුකො​


    Nikon


    Canon




    Mega Pixel
    කැමරාවේ සෙන්සරය මතට පතිතවන ආලෝකය අපිට Digital මාධ්‍යයේ දත්ත ගොනුවක් ලෙස දුන්විට එහි ඇතුලෙ තියන පික්සල් ගනන. මේ ගාන වැඩිවෙන්න වෙන්න ෆොටො එකක විස්තරාත්මක බව වැඩිවෙනව. ලොකූ ප්‍රින්ට් එකක් Quality Loss එකක් නැතුව ගැනීමේ හැකියාව වැඩිවෙනව!නමුත් එකම ප්‍රමානයේ සෙන්සරයකට යෙදෙන පික්සල් ගනන වැඩිවෙන තරමට ෆොටෝ කොලිටි කිහිප ආකාරයකින් අඩු වෙන්න පුළුවන්. වර්නවල නිවැරදි භාවය වගේම Noise වැඩිවෙනව. නමුත් මෙය න්‍යායාත්මක කාරනාවක් පමනයි, හොඳ ප්‍රොසෙසර් එකක් මගින් යම් තරමකට එය නිවැරදි කරගත හැකිය. fb දාන්නනම් මෙගා පික්සල් 3 ඇති :P කැමරාවට අදාල Sample Pictures මගින් අදාල කැමරාවේ ඡායාරූපවල තත්වය ගැන යම් අදහසක් ලබාගත හැක.



    Focus Point ගණන

    img_05.png

    DSLR කැමරාවල රූපරාමුවේ ඔබ කැමති ස්තානයක් Focus කරගැනීමේ හැකියාව ඔබට සපයා දෙනු ලබයි. කම්මැලිනම් කැමරාවෙ auto දාගන්නකො. අදාල Points කීයක් තිබේද යන්න මෙයින් පැහැදිලිවෙයි. අඩු මිලට ඇති කැනන් කැමරාවල පොයින්ට්ස් 9 ද, නිකොන්වල 11ද, ඉන්පසු 19, 39, 51 වැනි ප්‍රමානයක්ද තිබේ. එයට අමතරව සලකාබැලිය යුතු තවත් දෙයක් ඇත. එනම් අදාල Focus Point ගනන අතරින් කීයක් Cross type pointsද යන්නයි. අදාල ආකාරයේ Focus Point ගනන වැඩිවන තරමට හොඳයි. මක්නිසාදයත් Cross typeවල සංවේදීතාව වැඩිය. අඳුරු මොහොතක focus කරගැනීමට මේවා ඉවහල් වේ. සියලුම කැමරාවල මැද පොඉන්ට් එක මේ වර්ගයට අයත්වේ. නමුත් කැමරාවේ තත්වය වැඩිවනවිට Cross type ගනන වැඩිවේ.






    ISO අගය

    ISO.jpg

    මේ මත ඡායාරූපයේ ගුනාත්මක බව මෙන්ම කෙතරම්දුරට අඩු ආලෝක පරාසයක් තුල ඡායාරූප ගතහැකිදැයි යන කරුනු රඳා පවතී. නමුත් කැමරාවේ තියන උපරිම ISO අගය භාවිතාකරමින් සාර්තක ඡායාරුවක් ලබාගත නොහැක්කෙ එවිට නොයිස් වැඩිවීම නිසාය.




    FPS- Frames Per Second තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන

    never_miss.jpg

    තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන කියන්නෙ තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගාන.
    මේ එක්කම බලන්න ඕන දෙයක් තමයි එක දිගටම ගන්න පුළුවන් ගනන. උදාහරණයක් ලෙස ගත්තොත් මගේ නිකොන් ඩී7000 කැමරාවෙ ෆොටෝ 15 ගන්න පුලුවන් ( JPG, Large, fine qaulity ) තප්පරයට 6 බැගින්. ඔය 15 අරං ඉවර උනාට පස්සෙ ඒ 15 මෙමරි කාඩ් එකට යනකම් ඉන්න වෙනව.
    ඔබට ඉක්මනින් සිදුවන දෙයක් ඡායාරූපයට නැගිය යුතුනම් මෙය වැඩිවන තරමට හොඳයි




    bit ගනන
    මෙය බොහෝ කැමරාවල සමානයි. JPG 12bit සහ RAW 14bit වැනි වර්න ප්‍රමානයක් තමයි බොහෝ කැමරාවල තියෙන්නෙ.



    Shutter Reliability
    බොහෝ කැමරාවල මෙම අගය 1 00 000 . එනම් කැමරාවේ Shutter එක ( ද්වාරය ) සඳහා දෙනු ලබන සම්මත ගනනය කිරීමයි. ඉතාමත් සරලව ගතහොත් ෆොටෝ කීයක් ගන්න පුළුවන්ද යන්නයි. ඒත් බොහෝවිට 1 00 000 ගන්න කලින් ශටර් එක නැතත් වෙන මොකකටහරි වැඩේ වෙනව.



    Dynamic Range
    ගතික පරාසය ලෙස හඳුන්වයි. ආලෝකයේ අඳුරුම තැන සහ ආලෝකමත්ම තැන් දෙක අතර කැමරාවට හසුකරගත හැකි ප්‍රමාණය මෙලෙස හඳුන්වයි. මෙම අගය වැඩිවෙන තරමටම හොඳයි.


    ඉතින් කැමරාවක් ගන්න අදහසක් තියනවනම් හොඳම දේ තමාගේ අත ඇති මුදල බලලා ඒ අනුව ගත හැකි කැමරාව තෝරගෙන ඒවාගැන තමන්ම අධ්‍යනය කිරීම. ඒ සඳහා අන්තර්ජාලය වගේම ඒවා භාවිතා කරන අයගේ උපදෙස් ලබාගන්නටද හැක.
    එලෙසම www.snapsort.com වැනි වෙබ් අඩවියකින් පුළුවන් කැමරා දෙකක් සංසන්ධනය කරන්න. මෙම අඩවියේ ඇති දත්තයන් නිවැරදි උවද ඔවුන් ලකුනු දෙන ස්වභාවය ගැටලුකාරී නිසා අදාල දත්ත පමනක් යොදාගැනීම හොඳය! තවද ඒ සඳහා http://www.dpreview.com/products/compare/cameras/ අඩවියද භාවිතාකල හැක.
    ඒ වගේම නොයෙක් මාදිලියේ කැමරා බාවිතාකරන්නන් ගැන අපි සෑදූ ලැයිස්තුවක් මෙතන තිබේ, ඒවා කැනන් සහ නිකොන් ලෙස වෙන වෙනම ලයිතුගතකර ඇත. ඒවා භාවිතා කරන්නන් සමග ඔබට අවශ්‍ය විස්තර ලබාගැනීමටත් හැක.

    ඒ වගේම කැමරාව මිලදී ගැනීමත් සමගම පහත උපංග ගත හැකිනම් තවත් හොඳයි!
    Memory Cards
    Card Reader
    UV Filter
    Lens Hood (සමහර කාච සමග නොමිලේ ලැබෙයි)
    Lens Cleaning kit
    Camera Bag/ Backpack


    එහෙනම්, ජයවේවා!
    බොරුවට මරාගන්න එපා, ජාතියක් ඇදගෙන කෙලගන්නෙ තමා ගැනවත් විස්වාසයක් නැති ඔටුවො :D




    ඡායාරූපකරණය පිලිබද අනෙකුත් ලිපි


    01 DSLR Camera Lovers [Nikon D7000] <3
    <~CLICK HERE~>

    02 කැමරාවක් ගමු
    <~CLICK HERE~>

    03 Buy A DSLR
    <~CLICK HERE~>

    04 DSLR Photography - Basic :)
    <~CLICK HERE~>
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Canon and nikon dekama hodai :yes:hebai matanum nikon thamai hariyan ne ma:cool:canon colors mata set wenne ne,nikon hoda natural colors thiyena photos enawa :cool:eka habi taste eka anuwa thamai wenne,samahara un canon colors walata kamathi:cool:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Canon and nikon dekama hodai :yes:hebai matanum nikon thamai hariyan ne ma:cool:canon colors mata set wenne ne,nikon hoda natural colors thiyena photos enawa :cool:eka habi taste eka anuwa thamai wenne,samahara un canon colors walata kamathi:cool:

    mamath dan try karanne Nikon D610 ekakata yanna ;)
    full-frame anika thiyana ewwa mewwath hodai :)
    gaanath adui.etha salli thamaawla :sorry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Nice thread bro.
    Mage nam adahasa ganna model eke brand eka nemei features price ekath ekka compare karala eeta passe camerawak thora ganna kiyana eka.

    Mokada dan photo ganna hama ekama wage post production ekak karanawa. ithin ona colour ekak ganna puluwan ona widiyakata.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mama nikon....ai dannawada...danna kale idan use kare eka.dan 3 weni cam eka.so Canon gathoth apahu eke system ekata purudu wenda wenawane.ita wada lesi Nikon ekema inna eka...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ela machan... mama gawa tiyenne Sony HX-300 super zoom bridge cam ekak...



    oka... mama meka gatte ape gedara ayatath use karanna puluwan wena vidihata. hebei matath photography gena loku awabodayak ne. tika tika igena ganna hithagena thamai oka gatte :D
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ela machan... mama gawa tiyenne Sony HX-300 super zoom bridge cam ekak...



    oka... mama meka gatte ape gedara ayatath use karanna puluwan wena vidihata. hebei matath photography gena loku awabodayak ne. tika tika igena ganna hithagena thamai oka gatte :D

    Meke machan kochra zoom ekak thiyenawada?:)
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Nice thread bro.
    Mage nam adahasa ganna model eke brand eka nemei features price ekath ekka compare karala eeta passe camerawak thora ganna kiyana eka.

    Mokada dan photo ganna hama ekama wage post production ekak karanawa. ithin ona colour ekak ganna puluwan ona widiyakata.

    mamath mamath brand passe duwanne na
    apata thiyana eka cam eke thiyanawa nam e athi
    anthimata brand passe giyama apata ona de ganna wenne na
    mama nam thiyana site walin puluwan tharam compare karala thama ganne
    eth nikon walata mama asai mokada pic eke quality ekawadi nisa
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mama nikon....ai dannawada...danna kale idan use kare eka.dan 3 weni cam eka.so Canon gathoth apahu eke system ekata purudu wenda wenawane.ita wada lesi Nikon ekema inna eka...

    ow mamath canon use karala thiyanawa 1000D & 550D
    Nikon canon eke wenasak nathi tharam mokada thiyana ewa serama wage ekai
    use karana name thamawenas wenne.mata nam ona ekak.mamath Nikon walata Godak kamathi
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ela machan... mama gawa tiyenne Sony HX-300 super zoom bridge cam ekak...



    oka... mama meka gatte ape gedara ayatath use karanna puluwan wena vidihata. hebei matath photography gena loku awabodayak ne. tika tika igena ganna hithagena thamai oka gatte :D

    mata mathakai meh baande
    Omanthei Train trip eka yana dawase genawa wage mathakai
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mata mathakai meh baande
    Omanthei Train trip eka yana dawase genawa wage mathakai

    ne ban, uba a kiyanne kadiyage cannon eka, oka gatte ita passe ban, aussi walin gennuwe. oka thama Siedles gawa ne, okata kalin eka HX200v eka mehe 90k wenawa, mata 300 ekata une 65k wage aussi walin genakota...

    oka gena mokada malli hithanne... mage mattamata hodai, hebei man thama asawen inne HX200v ekata ban... eka 30x unata hodai kiyala hithenawa