CAR එකක් ගන්න යන්නෙ

John_Watson

Member
Jul 15, 2023
19
19
3
මිනිස්සු කොටසක් ඉන්නවා මහන්සියෙන් ඉගෙන ගෙන රස්සාවක් කරලා පරිස්සමෙන් ඉතුරු කරලා ඇල්ටො කාර් එකක් අරෙගෙන ඒක සතුටින් පරිහරණය කරනවා.

තවත් සමහරු ඉන්නවා ඉගෙන ගෙන රස්සාවකුත් කරලා පොඩියට බිස්නස් එකකුත් කරලා ටොයොටා කොරොල්ලා වගේ කාර් එකක් අරගෙන ඒක සතුටින් පරිහරණය කරනවා.

තව සමහරු ඉන්නවා පරම්පරාවෙන් මුදල් ලැබිලා, හොඳට ඉගෙන ගෙන, බිස්නසුත් කරලා ෆෙරාරි වගේ කාර් එකක් අරගෙන ඒක සතුටින් පරිහරණය කරනවා.

මේ වාහනවල ඉන්ධන පරිභෝජනයෙත් සෑහෙන වෙනසක් තියෙනවා කියලා හැමෝම දන්නවා නේ.

කොහොමද හොඳට ඉගෙන ගෙනත් නැති, හරි හමං රස්සාවකුත් නැති, ආදායමකුත් නැති එකෙක් ඇවිල්ලා අර කලින් සඳහන් කරපු තුන් දෙනාට

" ඕවට වියදම් කරපු සල්ලි අපරාදේ"

" කොච්චර තෙල් නාස්ති වෙනව ද? "

" ඔය සල්ලිවලින් දුප්පත් මිනිස්සු කීදෙනෙක්ට කන්න දෙන්න තිබ්බ ද? "

" ඒ සල්ලිවලින් පිළිකා රෝහලට බෙහෙත් අරන් දෙන්න තිබ්බා නේ ද? "

ඒක නිසා ඕවා විකුණලා හෙට ඉඳන් පාරේ බස් එකේ පලයං කියලා කිවුවොත්?

මට තේරෙන්නෙ නෑ. ඇයි සමහරු අනික් මිනිස්සු හම්බු කරපුවා වියදම් කරන විදිය ගැන වදවෙන්නෙ කියලා.

මිනිස්සු දේවල් කරන්නේ තමන්ගේ හැකියාවේ ප්‍රමාණෙට.

කම්කරුවො වගේ අය බීඩී බිලා කසිප්පු ගහද්දි, විධායක ශ්‍රේණියේ තනතුරුවල ඉන්න අය ගෝල්ඩ්ලීෆ් බීලා බියර් ගහනවා. ඊට උඩ තනතුරුවල ඉන්න අය ඩන්හිල් බීලා බ්ලූ ලේබල් ගහනවා.

මිනිස්සු කසාද බැන්දත්, පාටියක් දැම්මත්, දන් දෙන්න ගියත්, පින්කම් කරන්න ගියත් ඒ වගේ තමයි !

බුදු හාමුදුරුවෝ නිවන් මාර්ගය ඕක නෙමෙයි කියලා කොසොල් රජතුමා ගේ අසදෘශ මහා දානය ප්‍රතික්ෂේප කරෙත් නෑ.

මම ශාක්‍ය වංශිකයෙක් කියලා, ළාදුරු රෝගියෙක් ඔහුගේ කුණුවෙලා වැටිච්ච ඇඟිල්ලත් එක්ක දීපු දානේ ප්‍රතික්ෂේප කරෙත් නෑ.

මම සියල්ල අත්හැරිය කෙනෙක් කියලා අනේපිඬු සිටුතුමා කහවණු පනස් හතර කෝටියක් වියදම් කරලා පූජා කරපු ජේතවනාරාමේ ප්‍රතික්ෂේප කරෙත් නෑ.

හොඳ දෙයක් හොඳ විදියට දකින්න බැරි. පිරිසිදුවට පිළිවෙලට කරන දෙයක් අගය කරන්න බැරි. තව එකෙක් දියුණු වෙද්දි බලන් ඉන්න බැරි කුහක මානසිකත්වයෙන් පැසවන මිනිස්සු ඉන්නකං මේ රට ගොඩදානවා බොරු !

================
එස්.ජී.
 

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    5,202
    1
    10,955
    113
    comparison kiyanne sinhalunge jana walama thiyana deyak ban. kochchara kiwwath wadak na owa atha araganna baha.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,229
    412
    83
    Panadura
    ලංකාවේ උන් පට්ට කුහකයි බන්.තමන්ට නොලැබෙන දේ අනුන්ට ලැබෙනකොට පට්ට තරහක් තියෙන්නේ උන්ට.දැන් බලපන් a/l හොදට පාස් වෙලා ගවර්මන්ට් කැම්පස් එකකට යන උන් එක්ක a/l යන්නතම් පාස් private campus යන උනුයි ෆේල් උන උනුයි පට්ට තරහකින් ඉන්නේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    6,687
    5,735
    113
    facebook එකෙ දාන ඒවා මේකෙ සෙට් වෙන්නෙ නැ ඉතිං.... :cool: :rofl:
     
    • Haha
    Reactions: Cypress

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    42,872
    2
    39,067
    113
    comparison kiyanne sinhalunge jana walama thiyana deyak ban. kochchara kiwwath wadak na owa atha araganna baha.
    පොඩි කාලෙ ඉඳලම බ්‍රේන් වොශ් කරන්නෙ එහෙමනේ, නැන්දගෙ පුතා මොන්ටිසෝරි යන කාලෙ ඉංග්‍රීසි පොතුත් කියෙව්වා, එහාගෙදර එකා වාර විබාගෙ අහවල් විෂයට අච්චරයි අහවලාගෙ දුව ශිෂ්‍යත්වෙට මෙච්චරයි කියල අවුරුදු 5-6 ඉඳන්ම පටන් අරන් රස්සා කරල කසාද බැඳල වාහන අරං ගෙවල් හදල ළමයි හදනකොටත් "මෝටිවේට්" කරනව, ළමයගෙ ළමයින්ටත් එහෙමම කරනව, මැරෙනකංම කම්පෙයා කර කර තමයි ඉන්නෙ :yes:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    5,202
    1
    10,955
    113
    පොඩි කාලෙ ඉඳලම බ්‍රේන් වොශ් කරන්නෙ එහෙමනේ, නැන්දගෙ පුතා මොන්ටිසෝරි යන කාලෙ ඉංග්‍රීසි පොතුත් කියෙව්වා, එහාගෙදර එකා වාර විබාගෙ අහවල් විෂයට අච්චරයි අහවලාගෙ දුව ශිෂ්‍යත්වෙට මෙච්චරයි කියල අවුරුදු 5-6 ඉඳන්ම පටන් අරන් රස්සා කරල කසාද බැඳල වාහන අරං ගෙවල් හදල ළමයි හදනකොටත් "මෝටිවේට්" කරනව, ළමයගෙ ළමයින්ටත් එහෙමම කරනව, මැරෙනකංම කම්පෙයා කර කර තමයි ඉන්නෙ :yes:
    දැන් යන රට අනුවත් කම්පෙයා කරනවා. ඒ විතරක් නෙවෙයි රට ගිහින් ගන්න ගෙවල් වාහන රස්සා ළමයි කරන ඩිග්රි අනුවත් කම්පෙයා කරනවා. :ROFLMAO:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    4,185
    4,488
    113
    owa europe wala samahara minissu atharath thiyanawa.. un USA wage thaniyen goda yanawata wada community eke kattiya ekka set wela help karan unge acceptance eken jeewath wena ekatai salakanne..
    sharing kiyana eke loku value ekak dakinawa..
    too rich unawa hate karanawa, samaharu muntama kiyanawa..
    samaharu german, portugal wage ratawala native rich suddo pawa USA walata kamathi ekai..
     
    • Like
    Reactions: John_Watson

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    15,962
    22,392
    113
    මැදමහනුවර
    ලංකාවේ උන් පට්ට කුහකයි බන්.තමන්ට නොලැබෙන දේ අනුන්ට ලැබෙනකොට පට්ට තරහක් තියෙන්නේ උන්ට.දැන් බලපන් a/l හොදට පාස් වෙලා ගවර්මන්ට් කැම්පස් එකකට යන උන් එක්ක a/l යන්නතම් පාස් private campus යන උනුයි ෆේල් උන උනුයි පට්ට තරහකින් ඉන්නේ.
    ඇයි ඒකෙ අනිත් පැත්ත?? යහමින් සල්ලි තියන අම්මලා තාත්තලා ළමයිව දෙතුන් පාර ඒලෙවල් කරවන්නැතුව ප්‍රයිවට් කැම්පස් දැම්මම ඒක බලන් ඉන්න බැරි උඹ වගේ උන්
     

    John_Watson

    Member
    Jul 15, 2023
    19
    19
    3
    ලංකාවේ උන් පට්ට කුහකයි බන්.තමන්ට නොලැබෙන දේ අනුන්ට ලැබෙනකොට පට්ට තරහක් තියෙන්නේ උන්ට.දැන් බලපන් a/l හොදට පාස් වෙලා ගවර්මන්ට් කැම්පස් එකකට යන උන් එක්ක a/l යන්නතම් පාස් private campus යන උනුයි ෆේල් උන උනුයි පට්ට තරහකින් ඉන්නේ.
    හරියට හරි
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    17,984
    3,729
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය compare කරන්න ගිහිං වෙන උන් එක්ක තරඟෙට වාහන ගෙවල් අරං show off කරන එක සිංහලුන්ගෙ පුරුද්දක්, සල්ලි ටිකක් අතපත ගෑවෙන්න ගත්තම... (පට්ට assets තියෙන passive income වලින් හම්බ කරන උන් නෙවෙයි හොඳේ), අන්තිමට කෙලවෙනව එහෙමත් නැත්තම් ආයෙ ඇන ගැහුව වගේ එතනම එරිල ඉන්න පුළුවන් අවුරුදු ගානක් (ආයෙම ණය වෙවි ඉන්නත් පුළුවන්)

    ඔය mentality එකෙන් එලියට එන්න අමාරුයි, ආවොත් ගොඩ :D
     
    • Like
    Reactions: John_Watson