මේ මිලගණන්වලට වැටෙන ලාබම වාහනේ තමයි මරුටි 800 එක. සැප නෑ, දුරගමනක් එලෙව්වොත් උරහිස් රිදෙනවා (පවර් ස්ටීරියන් නැතිනිසා) , තෙල් වැඩකරනවා, කැබින් එක කුඩා නිසා ඒසී තියනවා ගල්ටික් වෙන්න, සේෆ්ටි 0 යි, සාමාන්‍යෙයන් 60න් එහා වාහනේ එන්ස්ටේබල් (ඊට වඩා යන්න පුලුවන් බට් අන්ස්ටේබල්), බ්රේක් ඩග් ගාල වදින්නෙ නෑ. අමතර කොටස් සාපේක්ෂව ටිකක් ලාබයි.. ටිකක්.. (ජෙනුවින් දැම්මොත්)' මරුටි සෙන් කියලත් එකක් තියනවා. ටිකාක් හොඳයි මරුටි 800එකට වඩා.
Kia/Hyundey elentra, rio, වගේ සෙඩෑන් තියනවා. කියන්න වරදක් නෑ..හොඳට බලලා ගන්න ගන්නවනං. සොනාට ගන්න යන්න එපාඒකෙ ට්‍රිප්ට්‍රොනික් හරි ඔටෝ හරි ගියර්බොක් ස් එකක් එන්නෙ .. ලංකාවෙ උං දැනටම කාලදාලතියෙන්නෙ. ගන්නවනං 80K වියදම් කරලා ගියර්බොක්ස් එකක් තියන්න බලාගන ගන්න. ඒ වාහනේ නරක නෑ සැප පහසුෂෝක් වාහනයක්. හොඳටම තෙල් කරන්නෙ 90 වගේ පන්නලා යද්දි. තෙල්බොනවා
ඊළඟට FB12,FB 13 තියනවා. පට්ට ගහපු FB14 නුත් ඇති.. හැබැයි FN 14 හෙවත් නිසාන් පල්සර් ගන්න යන්න එපා. පාර්ට්ස් ගණන් සහ තෙල් බොනවා. මේවා පරණයි.. හදන්න වෙයි.. හැබැයි සැප පහසුයි.. තෙලුත් සාධාරණ විදිහට කරනවා
Toyota ee 100 තියනවා. උඩ කතන්දරේම වලංගුයි.
Peugeot 406 එකක් හොයාගන්නත් පුලුව්න වෙයි සමහර විට. ෂෝක වාහනේ.. මකබාස්ලා කාපු නැති එකක් හොයාගන්න වෙනවා. පාර්ට්ස් ගණං.. හැමතැනම හදන්න දාන්නත් බෑ. තෙල් වාහනේ හැටියට කරනවා. 1800CC එක ගන්න එපා 2000CC එක ගන්න. ඒක තෙල් කරනවා අනිකට වැඩිය.
ඊට පස්සෙ ටොයෝටා එලිෆන්ට්බැක් වැගන්ස්, මිට්සුබිෂි ලාන්සර්/මිරාජ්/ ලිබෙරෝ වැගන් තියනවා. මේවා ලොකු ලස්සනක් නෑ. හැබැයි හොඳ සොලිඩ් වාහන. තෙල් කරනවාත් හොඳයි. ඔටෝ එන්නේ 4 Forward. මැනුවල් 5 Forward
ඒ කාලෙ ආපු ඩයිහට්සු මිරා. පරණ ජපන් ඇල්ටො එහෙමත් තියනවා. ඒවත් හොඳයි. විශේෂ නුහුගුණ නෑ.
මොක ගත්තත් බලලා ගණිං හරියට.
Good luck
පරණ වොල්වො, බීමර් , සීට්, ස්ට්‍රාඩා, ඇල්ෆා රෝමියෝ එහෙමත් ඇති. ඒවට නං අතගහන්න යන්න එපා පුතේ. ඒවා නරක නිසා නෙමෙයි. දැන් පරණයි. හරියට මේන්ටේන් කරපුවා ඔය ගාණට නෑ. තියෙන්නෙ හන්දියේ ගරාජ් එකේ හදපු අමට්ටපු , අම්මට සිරි වෙන්න හැක් කරලා දාපු කාර්. එත තියන්න එපා.. සල්ලි ටික වලකට දාලා වහපං. ඒක ලාබයි.