Car Stereo එකක් වාහනයකට සම්බන්ධ කිරීම

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Car Stereo එකක් වාහනයකට සම්බන්ධ කිරීම

    කාර් ස්ටීරියෝ පද්ධතියක් හෝ කාර් සෙට් එකක් ලෙස පොදු ව්‍යවහාරයෙන් හැදින්වෙන උපාංගය තුළ වර්ථමානයේදී නම් රේඩියෝවට අමතරව DVD, CD වාදක සහ USB ආධාරයෙන් MP3 ශ්‍රවණය කළ හැකි පහසුකම් දක්නට ලැබෙනවා. මෙවැනි පහසුකම් වත්මන් යුගයේදී අරුමයක් නොවූවද වාහනයකට Car Stereo පද්ධතියක් සවි කිරීමේදී නම් බොහෝ විට විශේෂිත වූ ආයතනයක සහාය පැතීම බොහෝවිට සිදුවන්නක්. වාහනයක් තුළ ගමන් කරන්නාවූ විදුලි පද්ධතිය සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති කම මේ සදහා බලපාන ප්‍රධාන සාධකයක් ලෙස දැක්විය හැකියි. එසේනම් මා මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ කාර් ස්ටීරියෝ පද්ධතියක් වාහනයක බල සැපයුම සමග නිවැරදිව සම්බන්ධ කරගන්නා ආකාරය පිළිබදව ඔබව දැනුවත් කිරීමටයි.

    රථවාහන විදුලි පද්ධතියක් බල ගැන්වෙන්නේ 12V බැටරියකින් හෝ කිහිපයකින් වුවද වාහනයක ප්‍රධාන ස්විචය (Ignition Switch) හරහා ආකාර කිහිපයකට (OFF, ACC, ON, START) විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

    OFF= Vehicle in Off Mode (Key not inside the Keyhole)

    ACC = Accessaries Mode ( Key in the Keyhole & Turn one step)
    ON=Vehicle is ON (Key in the ON Position)
    START=Vehicle is Start Mode

    උදාහරණයක් ලෙස වාහනයේ යතුර ඉවත් කර තිබුණද (OFF) වාහන වල අභ්‍යන්තරයේ ඇති විදුලි පහන් සහ දොරවල් වලට සංවේදී විදුලි පහන් දැල්වීම සිදු වනවා. එසේම වාහනයේ යතුරු පුවරුව තුළට යතුර ඇතුල් කර යතුරු පුවරුවේ 1 වන අවස්ථාව දක්වා (ACC) පමණක් යතුර ගෙන ගොස් තිබියදී එහි බ්ලොවර්, වයිපර් , නළා වැනි විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපාංග ක්‍රියාත්මක වන බවට ඔබ අත්දැක ඇතුවාට සැකයක් නැහැ.එසේම වාහනය පණ ගන්වා ඇති විටෙක පමණක් (ON) එහි ඇති වායුසමන පද්ධතිය බල ගැන්විය හැකි බවත් අප දන්නා කරුණක්. Car Stereo Set එකක් සවි කිරීමේදීත් ඉහතින් සදහන් කළ OFF සහ ACC Modes හරහා ලැබෙන විදුලිය ඒ සදහා ලබා දිය යුතු වනවා.



    සරලවම කියතොත් Car Stereo Set එකක් අභ්‍යන්තරයේ ඇති Memory එලෙසින්ම තබා ගැනීමට සහ එහි ඇති Clock එක නිවැරදිව ක්‍රියාත්මක වීමට නම් ඒ සදහා පැය 24ම ක්‍රියාත්මක වන අඛණ්ඩ බල සැපයුමක්ද, (OFF) වාහනයේ යතුර එහි ස්විච් පුවරුවේ පළවන අවස්ථාව දක්වා හෝ ඉන් ඔබ්බට ගෙන ගොස් ඇති අවස්ථාවක විදුලි බලය ලැබෙන සම්බන්ධතාවයක් (ACC) සහ රාත්‍රී කාලයේදී විදුලි පහන් දල්වා ඇති විටෙක පමණක් විදුලිය ලැබෙන සම්බන්ධතාවයක් (Illumination Source) හරහාත් කාර් ස්ටීරියෝ පද්ධතියකට විදුලි සම්බන්ධතාවය ලබා දිය යුතුයි. මේ සියළුම අවස්ථාවන් සදහා පොදු රිණ (-) අග්‍රයක් දැකිය හැකි අතර යතුරු පුවරුව හරහා අවස්ථානුකූලව ධන විදුලිය ලැබෙන සම්බන්ධතා කිහිපයක් ලබා ගත යුතුයි. මේ වයර් සම්බන්ධතාවයන් සොයාගන්නේ කෙසේද යන්න ඔබට නිතැතින්ම පැණ නැගෙන ගැටළුවක් විය හැකියි!!

    නමුත් ඉතා පැරණි මෝටර් රථයක සිට අති නවීන මෝටර් රථයක් දක්වා සලකා බැලූවද කාර් ස්ටීරියෝ පද්ධතියක් වෙත යොමුවෙන (Wire Harness) සොකට් එකක් දැකිය හැකි වනවා. එනමුත් කාර් ස්ටීරියෝ පද්ධති සියල්ලකම පාහේ මේ පේනුවට ගැලපෙන පේනුවක් දැකිය හැකි වන්නේ නැහැ. උදාහරණයක් ලෙස පැරණි කාර් ස්ටීරියෝ යන්ත්‍රයන්හි සබ් වූෆර් සදහා යොමුවක් නොතිබුණන් වර්ථමානයේදී බොහෝවිට එවැන්නක් දක්නට ලැබෙනවා. මේ නොගැලපීම නිසාම අවසාන විකල්පය වනුයේ සොකට් එක ඉවත් කර එයට අදාල වයර් වාහනයේ සොකට් එකට ගැලපෙන ලෙස සකසා ගැනීමයි.

    මෙහිදී කාර් ස්ටීරියෝ යන්ත්‍රයට අදාල එක් එක් වයර් සම්බන්ධ විය යුත්තේ කුමකටද යන්න දැන ගැනීමට එයට අදාල එක භාවිත කළ හැකි වුවද කහ පැහැයෙන් පැමිණෙන වයරයට OFF Mode විදුලි සම්බන්ධතාවයත් , රතු පැහැයෙන් ඇයි වයර‍යට ACC source සම්බන්ධතාවයත් කළු පැහැති වයරයට Common -V සම්බන්ධතාවයත් තැඹිලි පැහැයෙන් යුත් වයරයට Head Light මගින් පැමිණෙන සම්බන්ධතාවයත් (Illumination Source) ලබා දීම සම්මත රීතියයි. වාහනයේ ඇති කාර් ස්ටීරියෝ යන්ත්‍රයට අදාල socket එකෙහි වයර් අතරින් ACC Source, Standby source සහ Illumination source සොයාගැනීම මල්ටි මීටරයක් භාවිත කිරීම මගින් ඉතා පහසුවෙන් සිදු කළ හැකිය.වාහනයේ යතුර නොමැති විටක පවා විදුලිය පැමිණෙන්නේ 24hrs Standby source තුළින් වන අතර යතුර ACC වෙත යොමු කළ විටෙක විදුලිය පැමිණෙන්නේ ACC Source මගින්ය. එසේම ඉදිරිපස විදුලි පහන් දැල්වීම සදහා ඇති ස්විචය මගින් Park Light දැල්වීමේදී වුවද විදුලිය ලබා දෙන වයරය Illumination Source ලෙසද හදුනාගැනීම කළ හැකිය.




    Source - Electronicinside.com



    ۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞


    Untitled-2.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Thanks....

    good post.. thnx mchn

    good post.. thanks for sharing !!!!


    ado ela machan

    thanks For share

    එල මචන්....


    thankz machan

    good post bro

    patta machoooo.
    thnx :)

    You must spread some Reputation around before giving it to crazybuddy again.

    Thanks Machanla..
    11.gif




    ۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞


    Untitled-2.gif