Car tax අඩුවෙනව ද එතකොට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Car tax අඩුවෙනව ද එතකොට



    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය 2019 මඟින් යෝජනා කළ පරිදි මුදල් පනත සංශෝධනය කරමින්, මෝටර් වාහන මත පනවන ලද බද්දට යටත් වනුයේ සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් වන අතර, කුඩා කාර් රථ කිසිවකටත් මෙම නව බද්ද අදාළ වන්නේ නැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    එමෙන්ම, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහනද මෙම සුඛෝපභෝගී බද්දට අයත් නොවන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේය.

    අදාල නිවේදනය වැඩිදුර පහතින් දැක්වෙයි.

    “මෙයට පෙර ද්විත්ව කැබ් රථද සුඛෝපභෝගී බද්දට යටත් කර තිබූ නමුදු නොවැම්බර් මස 01 දින සිට එය ඉවත් කරනු ලැබේ.

    මෙම සුඛෝපභෝගී බද්ද 2019 මාර්තු 06 දින සිට ක්‍රියාත්මක වන අතර මාර්තු 06 ට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව බදු අදාළ වනු ඇත. 

    මෙම නව රෙගුලාසි අනුව රු. ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජීප් රථ ආනයනයේදී එම සීමාව ඉක්මවන මුදලට පමණක් සුඛෝපභෝගී බද්ද අයකරනු ලැබේ.

    දෙමුහුන් වාහන වල වටිනාකම (CIF Value)  රු. ලක්ෂ 40 ඉක්මවූ විට වැඩිවන එම මුදලට සුඛෝපභෝගී බද්දක්ද, විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක වටිනාකම රු. ලක්ෂ 60 ඉක්ම වූ විට වැඩි වන මුදලට ද සුඛෝපභෝගී බදු අයකරනු ලැබේ.

    මෝටර් රථ සඳහා වූ තාක්ෂණය දියුණ වීමත් සමග වාහනවල සුඛෝපභෝගීභාවය තීරණය කරනු ලබන්නේ එන්ජින් ධාරිතාව මත නොව වාහනයකට ඇතුළත් විශේෂාංග මත ය.

    ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 1800ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා ද සිලින්ඩර් ධාරිතාව 2300ට අඩු ඩීසල් කාර් සහ ජීප් රථ සහ කිලෝ වොට් 200ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත අය කරනු ලබන බද්ද නොවැම්බර් මස 01 දා සිට ඉවත් කරනු ඇත. 

    එහෙත් ඔක්තෝබර් මස 31 වැනි දා වන තෙක් ණයවර ලිපි විවෘත කර 2020 අප්‍රේල් 21 වැනි දිනට පෙරාතුව ආනයනය කර නිශ්කාෂණය කරන වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වේ.

    තව ද, කුඩා ප්‍රමාණයේ වාහනවලට මෙම සුඛෝපභෝගී බදු අයනොකරන බව අවධාරණය කෙරේ.

    ඒ අනුව Toyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua යන මාදිලිවල වාහන මෙම සුඛෝපභෝගී බද්දට අදාළ නොවේ. 

    තව ද Axio, Premio සහ Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද  මෙම සුඛෝපභෝගී බද්දට යටත් වන්නේ නැත.


    Ada Derana.



    ඒ කියන්නෙ ලක්ශ 35 අඩු වාහන වලට දැන් තියන luxury tax එක අහක් වෙනවා කියන එක ද:eek:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    වැඩි කරපු ගාණ අඩු කරනව,ජන්දෙ ළගයිනේ.:D