CashWagon.....

dise72

Member
Sep 23, 2015
112
14
0
Cashwagon ණය ගෙවන්න විදිහක් නෑ. මොකක්ද එකේ ප්‍රතිඵලය
 

dise72

Member
Sep 23, 2015
112
14
0
රෝසි ආච්චි;25276605 said:
ගෙවන්න බැරිනම් ගත්තේ ඇයි?

අරගෙන ගෙවාගෙන ආවා.... නමුත් දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ගෙවන්න විදිහක් නෑ.... ජඩ කමටවත් පඩත්තරකමටවත් නොගෙවා ඉන්නවා නොවෙයි. දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක ඉදිරියට මාස 2-3ක් කන්න බොන්න.. අඩුම ගානේ රතුහාල් ටිකක් අරං කැඳ ටිකක් බොන්නවත් අතේ කීයක් හරි තියාගන්න වේවි කියලාමයි හිත කියන්නේ......
 
Last edited:

FrogBreeder

Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    අරගෙන ගෙවාගෙන ආවා.... නමුත් දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ගෙවන්න විදිහක් නෑ.... ජඩ කමටවත් පඩත්තරකමටවත් නොගෙවා ඉන්නවා නොවෙයි. දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක ඉදිරියට මාස 2-3ක් කන්න බොන්න.. අඩුම ගානේ රතුහාල් ටිකක් අරං කැඳ ටිකක් බොන්නවත් අතේ කීයක් හරි තියාගන්න වේවි කියලාමයි හිත කියන්නේ......

    uba elakiri enne kohomada?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,472
    113
    Fantasy
    මචන් මන් දන්න යාලුවෙක් හිටියා. ඌ 15 000ක් නයට අරන් ඕකෙන්. පොලිය විතරක් 36000ක් ගෙව්වා.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    2020 අවුරුද්ද මැදක් වන තෙක් ක්‍රියාත්මක වූ CASHWAGON නමැති ජංගම දුරකතන හරහා ක්ෂණික ණය ලබා දුන් ආයතනය ක්‍රමක්‍රමයෙන් අඩපන වූ අතර, දැනට එම ජංගම දුරකතන මෘදුකාංගයද ක්‍රියාත්මක නොවේ.
    නමුත් එම කාලයේ එම ආයතනයෙන් ණය ලබා ගත් පිරිස පිළිබඳ තොරතුරු එහි සේවකයන් පිරිසක් විසින් සොරාගෙන එම ණය අය කර ගැනීමේ උත්සාහයක් පිළිබඳ වාර්තාවේ.
    නීතිඥ ආයතනයක සේවකයෙක් (නීතිඥයෙක් බව පවසන) ණය ලබා ගත් අයගේ දුරකථන අංකයට කථා කර CASHWAGON ආයතනය ගෙවීමට ඇති ණය ප්‍රමාණය පිළිබදව පවසා, මේ වන විට පොලිසියට මූල්‍ය වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් කර ඇති බවත්, ඉදිරියේදී නඩුවක් සම්බන්ධයෙන් නොතීසියක් ලැබිය හැකි බවත් නඩුවක් ගොනු කරනු ලබන බවත් දන්වා සිටී. ඔහු ඉතා දක්ෂ ලෙස නීතිමය ක්‍රියාදාමය විග්‍රහ කරන අතර මින් කලබලයට පත් වන ණය ලාභියා ඉතා ඉක්මණින් ණය පියවා දමා නඩු මගින් නිදහස් වීමට කැමැත්ත පල කරනු ලබයි.
    මෙම Cashwagon ආයතනය දැනට අක්‍රියව පවතී. එම ආයතනයේ කාර්යලක්, වෙබ් අඩවියක් හෝ මෘදුකාංගයක් ක්‍රියාත්මක නොවේ. එම සමාගම විසින් නිකුත් කළ ණය ආපසු ලබා ගැනීමට වෙනත් ආයතනයකට බලයක් තිබිය නොහැක. විශේෂම කාරණය වන්නේ ඔවුන් cashwagon ආයතනය නමින් තිබූ බැංකු ගිණුම් වෙත නොව වෙනත් බැංකු ගිණුම් වෙත හිග ණය ගෙවන ලෙසට කරන බලපෑමයි. එම තොරතුරු තහවුරු කිරිමට ව්‍යාජ ලිපි ඉදිරිපත් කරන අතර එම ලිපිවල කිසිම නමක් හෝ තහවුරු කල හැකි තොරතුරු නොමැති ඇත බලයලත් අත්සන් කරු නමින් ව්‍යාජ අත්සනක් යොදා ඇත.

    මෙම කරුණ දක්වනුනේ පුද්ගලික හේතුවක් නිසා නොවන් බවත් රැවටීමකට ලක් විය හැකි අය බේරාගැනීමට පමණි.
     
    Last edited: