ඉස්සර තිබ්බ කැල්කියුලේටර් වොච් මතකද? අපි පොඩිකාලෙ ඉතින් sci-fi මූවි එකකින් ගෙනාව අයිටම් එකක් වගේ ඕකක් දැක්කම. නොස්ටැල්ජියාව සහ භාවිතයට තියෙන පහසුව නිසා මාත් ඕකක් ගත්තා 2014දි පුංචි බොරැල්ලෙ තිබ්බ විමලධර්ම ස්ටෝ එකෙන්. Casio CA-56 මොඩ්ල් එක. රුපියල් 5000ක් ඒ කාලෙ. ඇත්ත කතාව ඉතින් කැල්කියුලේටර් පාට් එක එච්චර පාවිච්චි උනේ නෑ. ඩිස්ප්ලේ ඒක මාරම ක්ලියර් ක්‍රිස්ප් ගතියක් තියෙන්නෙ. කොච්චරවත් බලන් ඉන්න පුළුවන්. මං ඔය බරසාර නිකල් පාට රත්තරං පාට ඔරලෝසු වලට කැමති පුද්ගලයෙක් නෙමෙයි. මේ කැල්කියුලේටර් වොච් එක අතේ තියෙනවද කියලවත් දැනෙන්නෙ නෑ. ස්ලිම් ප්ලාස්ටික් බොඩි එක නිසා අත් දිග කමිස වලට, කෝට් වලට උනත් කරදරයක් නෑ. කැම්පස් එකේදි 2019 මුල ඒක නැති උනා. අඩුකුලේ අවජාතකයෙක් ගල් කලා. කොහොමහරි මගෙ ළඟ තිබුන අවුරුදු පහටම වෙලාව හැදුවෙ එක පාරයි, ගත්ත ගමන් විතරයි. ඒ අවුරුදු පහටම එක විනාඩියක්වත් වෙලාව අවුට් ගියෙ නෑ.
මගෙ ගාව තිබුන එක මේ
මේකෙ මදේ කෙලින්ම 1983 විතර ආව ඩිසයින් එකක්. back to the future ෆිල්ම් එකේ Marty McFly ගාව තිබ්බ කැල්කියුලේටර් වොච් එක මතකද? අන්න ඒකෙ මදේම තමයි මේකෙත් තිබුනෙ.
කැසියෝලගෙ තව ෆෝන්බුක් එහෙම තියෙන මොඩ්ල් ආවා Databank නම යටතෙ. සයන්ටිෆික් කැල් තියෙන මොඩ්ල් තිබුණා. දැන් නම් ආසාවට දකින්න නෑනෙ ඉතින්.
83 විතර ආව ටච් ස්ක්‍රීන් එකක් තියෙන කල්කියුලේටර් වොච් එකක්
ආයෙ මෑතකදි ගන්න බැලුවා එකක්. විමලධර්මල ගාව ස්ටොක් නෑ. ඊබේ ඇමසන් ඒවලින් නම් ඉතින් ගන්න පුළුවන්.