Casio calculator watch

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    DBC - 32 එකක් මා ගාව තියෙනව 💛
    පොටෝ එකක් දාමුකො බලන්ට

    ඉස්සර ආව වොච් එකක් එකේ tv රිමෝට් එකක් එක්ක. එකෙන් පුළුවන් ඒ දවස් වල තිබ්බ කොමන් tv brands වල චැනල් මාරු කරන්න, on, off කරන්න, සද්දේ අඩු වැඩි කරන්න. මගේ යාලුවෙක්ට ඔයින් වොච් එකක් දීල තිබ්බ සුද්දෙක් 97,98 වගේ කාලේ වෙන්න ඕන. මම ඕක උගෙන් අරන් ගියා දවස් කීපයකට ගෙදර. ඒ කාලේ ලංකවේ ක්‍රිකට් පිස්සුව හොදටම, අපේ උන් ගහන, ගහන ගේම් දිනනව. හැම ගෙදරම වගේ මැච් බලන්නේ. සෙනග සු ගාල ඒ තැන් වල ඉතින්. මම යාලුවෝ එක්ක ඔය වොච් එක බැදගෙන යනවා ඉතින් ගම වටේ මැච් බලන ගෙවල් වල. ගිහින් හිමින් සැරේ මම tv එකේ සද්දේ අඩුවැඩි කරනවා, චැනල් මාරු කරනවා, off කරනවා, on කරනවා.
    ඉතින් ඒ ගෙවල් වල උන් හිතන්නේ tv එකට මොනවා හරි වෙලා කියල, උන් රිමෝට් එකට ගහනවා, රිමෝට් එකේ බැටරි මාරු කරනවා, ඇන්ටනාව කර කවනවා, tv එකට ගහනවා කෙළියට, පොළොවේ විතරයි ගහන්නේ නැත්තේ. කැරි කුණු හර්ප කියා කියා බනිනවා. මැච් බලන් ඉන්න උන් ඊට වඩා බනිනවා ගෙදර එකාට.... ගෙදර උන්ට පිස්සු වගේ,, අම්මෝ කැරි ආතල් ගත්තේ අපි එකෙන් බන්... ඒ වගේ සැපක් ඉතින් ලොවෙත් ගන්න බැ...

    මේ තියෙන්නේ ඒ අයිටම් එක..... පට්ට සැපක් දුන්න බාන්ඩයක් මේ ඉතිං...


    diuqdr0ryzs41.png
    මගෙ ගාව එකක් තිබ්බ මචං, හෝමාගම සතොස ඉස්සරහ තිබ්බ කඩේකින් ගත්තෙ මතක හැටියට. ඒකෙත් බොඩිය මේ වගේමයි. අර දකුණු පැත්තෙ තියෙන මෙව්ව එක එහෙම එහෙම්පිටින් තියෙනව. හැබැයි කීපෑඩ් එකක් නෑ. කැල්කියුලේටර් නෑ. රිමෝට් පමණයි. ඩේටා එන්ටර් කරන්න තියෙන්නෙ 0-9 සහ A-Z තෲ ගිහින්. පට්ට ආතල් ගත්තෙ ඒකෙන් හැබැයි. බේත් ගන්න ඉහල පැලැන්තියෙ ඩිස්පැන්සරියකට ගිය වෙලාවෙ එතන ටීවී එකෙත් චැනල් මාරු කලා. ටීවී එකේ බ්‍රෑන්ඩ් එක අනුව සෙටිං එකක් හදන්න ඕනෙ.

    ඒක නම් කැසියෝ නෙමෙයි චයිනීස් බ්‍රෑන්ඩ් එකක්. ඔය කැසියෝ එකේ නම් මම හිතන්නෙ කැසට් ඩෙක් වගේ ඒවත් පාලනය කරන්න පුළුවන්.
    ------ Post added on Apr 22, 2023 at 10:35 PM

    I had a Citizen Ana-Digi-Temp. The analog display motors continued to run even long after the LCD display faded out. Excellent reliability.

    View attachment 202817
    මාත් මේක දැකල තියෙනවා. ටෙම්පරේචර් එකත් පෙන්නනවනෙ. ඔය ෆන්ෂන් තියෙන සීරීස් එකක්ම ආව සිටිසන්ලගෙ. ඇනලොග් ඩිජිටල් එකට දාල හදපු ඔරලෝසු වලට මමනම් කැමැති නෑ හැබැයි :P
    ------ Post added on Apr 22, 2023 at 10:37 PM

    Casio agent ගාව තියෙනවා Multi-Lingual DATA BANK + calculator model එක. දැන් ගාන 25,700ක් .
    https://blink.lk/product/vintage-dbc-32d-1adf/

    View attachment 202823
    නිකන් කැල් එක විතරක් තියෙන චීප් ෆිනිෂ් එකක් තියෙන ca-53 එකත් 25,900ක්. මේක හොඳටම වටිනව ඒ අතින්. ගන්නත් හිතයි, ගාණ තමා බරපතල වැඩි.
    ------ Post added on Apr 22, 2023 at 10:51 PM
     
    • Like
    Reactions: Kalegana and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    පොටෝ එකක් දාමුකො බලන්ට





    මාත් මේක දැකල තියෙනවා. ටෙම්පරේචර් එකත් පෙන්නනවනෙ. ඔය ෆන්ෂන් තියෙන සීරීස් එකක්ම ආව සිටිසන්ලගෙ. ඇනලොග් ඩිජිටල් එකට දාල හදපු ඔරලෝසු වලට මමනම් කැමැති නෑ හැබැයි :P
    ------ Post added on Apr 22, 2023 at 10:37 PM

    Yes.. It's a Citizen. I mentioned it too, Citizen Ana-Digi-Temp. They were the first I believe with Temp function.
     
    • Like
    Reactions: NRTG

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ඕක ඒ කාලේ බෙන්ස් එකක් වගේ අති සුකෝපභෝගී භාණ්ඩයක්. තියෙන එවුන් බැඳන් ආවේ රටක් රාජ්ජයක් අල්ලගෙන වගේ. අත එහෙම නිතරම උස්සනවා පේන්න. ඔරලෝසුව තියෙන බෑග් එකත් එහෙමයි.
    ලයිට් පත්තුවෙන සපත්තු
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ලයිට් පත්තුවෙන සපත්තු
    මොකද ඒ කාලේ ebay, daraz තිබුනද නැහැනේ. කාගේ හරි අම්මලා තාත්තලා රට ඉන්න කෙනෙක්ගේ ගාව තමයි බඩු තියෙන්නේ. දැන් ළමයින්ට ඔය වගේ ඒවා ගාණක් නැත්තේ ලංකාවෙත් දැන් ලෝකේ තියෙන ඕනෙම මගුලක් තියෙන නිසා.
    තව තිබුණා ලාච්චු ගොඩක් තියෙන පැන්සල් පෙට්ටි.බටන් එබුවම එළියට එනවා.
     
    • Like
    Reactions: NRTG

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    මොකද ඒ කාලේ ebay, daraz තිබුනද නැහැනේ. කාගේ හරි අම්මලා තාත්තලා රට ඉන්න කෙනෙක්ගේ ගාව තමයි බඩු තියෙන්නේ. දැන් ළමයින්ට ඔය වගේ ඒවා ගාණක් නැත්තේ ලංකාවෙත් දැන් ලෝකේ තියෙන ඕනෙම මගුලක් තියෙන නිසා.
    තව තිබුණා ලාච්චු ගොඩක් තියෙන පැන්සල් පෙට්ටි.බටන් එබුවම එළියට එනවා.
    ow ban, ul maru karana pansal awa mathakada kalayak
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,567
    2
    115,395
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හම්මාහ් :love:

    කොහොමද ඩිස්ප්ලේ එකේ තියෙන පැහැදිලි ගතිය. පට්ට බං. මාත් ආස ඔය වගේ කළු බෙල්ට් එකට. නිකල් බෙල්ට් එකට ආස නෑ.
    නිකල් එක බරයි මේක අතේ තියෙනව කියල දැනෙන්නෙත් නෑ..ඩිස්ප්ලේ හොඳට පේනව ඕනම වෙලාවක 💛
     
    • Love
    Reactions: NRTG