මචෝ අපේ පූසියෙක් ඉන්නවා ඌට පැටව් හම්බෙන් නැතිවෙන්න ඔපරේෂන් එකක් කලා ගිය සිකුරාදා. අදට සතියයි + දවසයි. මැහුම් කපන්න මේ සිකුරාදා යන්න ඕන.(සති දෙකකින් එන්න කිවුවේ)ඌ තුවාලේ එහෙන් මෙහෙන් ලෙවකාලා එහෙම තියෙනවා. පෙනුමට නම් තුවාලේ අවුලක් නැහැ. අලුත් හම හැදිලා එනවා වගේ රෝස පාට වෙලා තියෙන්නේ කැපුම හරියෙන්. දොස්තර කියපු විදියට බෙටඩීන් දානවා තුවාලෙට. bluMox250 කියල ඇමොක්සිලීන් එකක් කිරි එක්ක පොවනවා. මේ තුවාලෙ ගැන අපිටත් බයයි බන්. මුල් දවස්වල අර බෙල්ලට කොලර් එකක් දැම්ම මූ කොහොමහරි ඒක ගලවගන්නවා. දැන් නම් කොහොමහරි ගලවගන්න ගලවගන්න සැරේට ආයි දාලා කොහොමහරි ඒක දැන් බෙල්ලේ තියෙනවා. මේ තුවාලේ සනීප වෙන එක ඉක්මන් කරගන්න නැද්ද බන් හොද බෙහෙතක් හරි spray එකක් හරි. අපි ගාව කලින් පූසෙක්ට ගෙනාපු ඔය පල්ලෙහා රූපෙ තියෙන spray එක තියෙනවා. ඒත් අපිට ඕක ගහන්න බයයි. දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන
Last edited:
