CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Class B Address range
    ටික කාලෙකට පස්සේ තමයි ඔන්න පාඩමක් අරන් එන්නේ. අපි අන්තිමට කලේ Class A වල IP address range එක හැදෙන විදිහ ගැන. මතක් කර ගන්න ඕනේ ‍නම් පහත link එකට ගිහින් බලන්න.

    http://www.elakiri.com/forum/showpost.php?p=14927713&postcount=748

    අපි අද බලමු Class B වල address range එක හැදෙන්නේ කොහොමද කියලා. මෙතනදිත් හරිම ලේසියි. මේතෙන්දි අපි බලන්නේ පළවෙනි octet එකේ දෙවෙනි bit එකෙන් දකුණු පැත්තට තියෙන bit ගැන. මේගොල්ලන්ගේ නීතිය තමයි

    Class B IP address එකක පළවෙනි Byte එකේ එහෙම නැත්තම් පළවෙනි Octet එකේ දෙවෙනි bit එකේ අගය 0 විය යුතුයි.

    ඔන්න හැබැයි අපි අමතක නොකල යුතු ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ rule එකේ 2 වෙනි bit එක ගැන කතා කරනකොට ඒ octet එකේ පළවෙනි bit එකට ‍මොකද‍ වෙන්නේ කියන එක. හොදට මතක තියා ගන්න rule එක අනුව අපි බලන්නේ දෙවෙනි bit එක සහ එතනින් දකුණු පැත්තට තියෙන bit පිළිබදව. ඒ කියන්නේ class B වලට එනකොට class A සදහා අපි පළවෙනි bit එක පාවිච්චි කරලා ඉවරයි ඒක නිසා අපි හැමතිස්සෙම ඒ පළවෙනි bit එක on එහෙම නැත්තම් 1 කියලා තමයි සලකන්නේ. හොදයි අපි සුපුරැදු විදිහට ඒක රෑපසටහනක් ඇසුරෙන්ම බලමු.
    ClassB1.jpg


    ඒක හරි කලින් විදිහටම අපි මේ සැරේ දෙවෙනි bit එක 0 කරලා ලිව්වා. අපි දැන් ඊට පස්සේ මේකේ උපරිම අවස්ථාව ඒ කියන්නේ අපිට rule එකෙන් කියලා තියෙන්නේ දෙවෙනි bit එක විතරනේ 0 කරන්න කියලා ඉතින් දෙවෙනි bit එක විතරක් 0 තියලා අනිත් bit සියල්ලටම 1 දාලා ලියමු.
    ClassB2.jpg

    Class A වල කලා වගේ අපි දැන් ඔය අවස්ථා දෙකේ decimal අගය ගණනය කරමු. (මතකනේ Binary to Decimal conversions :nerd:)
    ClassB3.jpg


    ඔන්න දැන් අපිට Class B වල IP Address range එක ඇවිත් තියෙනවා. යම් කිසි IP Address එකක් 128 ත් 191 ත් අතර address එකක්නම් ඒක Class B Address එකක් කියලා අපිට දැන් කියන්න පුලුවන් වෙන්න ඕනේ. පොඩි උදාහරණ කිහිපයකුත් දක්වන්නම්.

    130.100.100.1
    172.10.10.20
    190.20.10.2 .....

    බලන්න ඉහත IP Address වල පළවෙනි octet එකේ අගය අපි කියපු Class B address range එකේද කියලා.

     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පට්ට මචන් ... රෙප් බැලු පුළුවන් වුන ගමන් දෙන්නම් :)
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Class C Address range
    දැන් බලමු ඊළගට අපිට වැදගත් වෙන Class C Address range එක හදාගන්නේ කොහොමද කියලා. මේකත් කලින් කතා කරපු class B වල ‍වගේමයි. අපිට rule එක තියෙන්නේ

    Class C IP address එකක පළවෙනි Byte එකේ එහෙම නැත්තම් පළවෙනි Octet එකේ තුන්වෙනි bit එකේ අගය 0 විය යුතුයි.

    දැන් මෙතනදි බලන්නේ 3 වෙනි bit එක. එතකොට මෙතනදි අපි Octet එකේ පළවෙනි bit දෙකම on එහෙම නැත්තම් 1 කියලා තමයි සලකන්නේ. දැන් සුපුරැදු රෑප සටහන බලමු.
    ClassC1.jpg

    පැහැදිලියි නේද ?? ඔන්න පළවෙනි bit දෙකම ON වෙලා 1 කියන අවස්ථාවේ තමයි තියෙන්නේ. Rule එකේ හැටියට තුන්වෙනි bit එක 0 කරලා තියෙනවා. මේ තමයි Class C වල ලියන්න පුලුවන් අවම අගය. අපි ඊට පස්සේ උපරිම අගය ගන්න හැටිත් සුපුරැදු ආකාරයටම බලමු.
    ClassC2.jpg

    ඉහත අවම සහ උපරිම අගයන් Decimal වලට හරවලා Class C වල Address Range එක හොයා ගමු.
    ClassC3.jpg


    හොදයි Class C වල IP Address Range එක අපිට ඇවිත් තියෙනවා. යම් IP Address එකක් 192 සහ 223 අතර අගයකින් පටන් ගන්නවනම් ඔයගොල්ලන්ට කියන්න පුලුවන් වෙන්න ‍ඕනේ ඒ Class C Address එකක් කියලා.

    හරි මීට අමතරව මම කිව්වනේ අපිට තව Class D සහ Class E කියලා classes දෙකක් තියෙනවා කියලා.
    ඒවටත් වෙනස් වෙච්ච Address Ranges තියෙනවා. අපිට ඒ තරම්ම ඒවා වැදගත් වෙන්නේ නෑ. නමුත් මම Class D වල Address Range එක එන විදිහ විතරක් කියන්නම්.

    අපි දැන් Class C වලදි අන්තිමට තුන්වෙනි bit එක තමයි සලකා බැලුවේ. ඉතින් Class D වලදි සලකා බලන්නේ හතරවෙනි bit එක. සාමාන්‍ය විදිහට ඊට කලින් වම් පැත්තේ තියෙන bit තුනම ON වෙලා තියෙනවා. මම එක රෑප සටහනකින් විතරක් Class D වල range එක පෙන්නනම්. ඉහත Class A,B,C ගැන හොදට බැලුවනම් මේකත් මේ රෑප සටහනින් ‍තේරැම් ගන්න එක එච්චර අමාරැ නෑ.
    ClassD.jpg

    Class D range එක එන්නේ 224 සිට 239 දක්වා.



    දැන් අපි IP Classes සහ ඒවා හැදෙන විදිහ ඒවාට ඇතුලත් IP range එක යන සියලු දේ කතා කරලා ඉවරයි. හැබැයි පුතෝ මේ Classes 3 ගැනනම් අනිවාර්්‍යයෙන්ම මතක තියාගන්න ඕනේ. නැත්තම් අපිට කවදාවත් Subnetting කරන්න වෙන්නේ නෑ. වැඩිය ඕනේ නෑ අපිට IP එකක් දුන්නම ඒක මොන Class එකේද කියලා කියන්න පුලුවන්නම් එච්චරයි. මම දැන් පොඩ්ඩක් මේ අපි කරපු Classes සහ ඒවායේ Range එක දාන්නම්. ඔන්න මතක තියාගනිල්ලා :):):)

    Class A - 1 සිට 126 දක්වා
    Class B -
    128 සිට 191 දක්වා
    Class C -
    192 සිට 223 දක්වා
    Class D -
    224 සිට 239 දක්වා

    පළවෙනි Classes 3 තමයි වැදගත්. මේ Classes ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.


    Classes ගැන කතා කරද්දි මම සදහන් කරපු නැති එක දෙයක් තියෙනවා. අපි Classes ගැන කතාකරනකොට ඒ classes වලට අදාළව IP එකක් Host පැත්තට සහ Network පැත්තට බෙදෙනවිදිහ ගැන කතා කලානේ. අන්න ඒ බෙදෙන ක්‍රමය පදනම් කරගෙන අපිට දැන් පුලුවන් ඒClasses වල Host පැත්තට දාන්න පුලුවන් උපරිම IP ගණන සහ Network පැත්තටදාන්න පුලුවන් උපරිම IP ප්‍රමාණය ගණනය කරන්න. ‍මම මේක විශේෂයෙන් සදහන් කලේනැත්‍‍තේ පාඩම හොදට කියෙව්වනම් ඔයගොල්ලන්ටම දැන් පුලුවන් වෙන්න ඕනේ ඔය ගණනයකිරීම් ටික කරන්න. කොහොම වුන්ත මම ඒකත් කියන්නම් එතකොට සම්පූර්ණයිනේ.

    හොදයි අපි මුලින්ම ගමු Class A. මේකේ Host පැත්ත සහ Network පැත්ත බෙදුවේ පහත ආකාරයට

    network
    . host . host . host


    අමතකනම් නැවත පාඩම බලන්න රෑප සටහන් එක්ක විස්තර කරලා තියෙනවා.

    http://www.elakiri.com/forum/showpost.php?p=14806567&postcount=745


    පළමුවෙන්ම බලමු අපිට Class A වල කොච්චර Network ගණනක් හදන්න පුලුවන්ද කියලා. බලන්න අපිට Class A වල network එකට වෙන් කරලා තියෙන්නේ පළවෙනි Byte එක විතරයි. ඒ කියන්නේ bit 8ක්. ඒ එක්කම මතකද අපි Class A වල IP range එක ගැන කියනකොට පළවෙනි bit එක ‍අනිවාර්්‍යයෙන්ම 0 කරන්න කියලා rule එකක් ගැන කතා කලා. ඉතින් ඒ bit එකත් අයින් කලාම අපිට ඉතුරැ වෙන්නේ bit 7 ක් විතරයි. දැන් අපි ඒ bit 7, දෙකේ පාදයේ අගය බලමු

    ඒ කියන්නේ 2කේ 7 වෙනි බලය = 128
    නමුත් අපිට සිද්ධ වුනා 0 කියන අගය සහ 127 කියන අගය ඉවත් කරන්න. ඒකට හේතුව මම පාඩමේ දක්වලා තියෙනවා. එත‍කොටඅපිට Class A වල භාවිතා කල හැකි උපරිම Network ගණන

    128 - 2 = 126
    යි

    ඊට පස්සේ Class A වල උපරිම Host ලා කී දෙනෙක් ඉන්නවද කියලා බලමු. Class A වල Host පැත්තට Byte 3 ක් එහෙම නැත්තම් bit 24 ක් තියෙනවා.

    ඒ කියන්නේ 2කේ 24 වෙනි බලය = 16777216 :oo::oo:
    නමුත් මතක ඇතිනේ මම කිව්‍වා Host IP Range එකක පළවෙනි address එක සහ අන්තිම address එක Network සහ Broadcast address විදිහට පාවිච්චි කරනවා කියලා. එතකොට අපිට Host ලා සදහා Class A වලදි පාවිච්චි කරන්න පුලුවන් ගණන

    [FONT=&quot]16777216 - 2 = 16777214

    ------------------------------------------------------
    [FONT=&quot]
    හරි දෙවෙනියට අපි Class B ගනිමු.

    network . network . host . host


    Network පැත්තට Byte දෙකක් තියෙනවා ඒ කියන්නේ bit 16 ක්. නමුත් මතක ඇතිනේ rule එක. පළවෙනි bit දෙකම use කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ගන්න වෙන්නේ 2 කේ 16 වෙනි බලේ නෙවෙයි 14 වෙනි බලේ.
    [/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]ඒ කියන්නේ 2කේ 14 වෙනි බලය = 16384

    ඊට පස්සේ Host පැත්තේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා බලමු. Class B වල Host පැත්තටත් Byte දෙකක් ඒ කියන්නේ bit 16 ක් තියෙනවා.

    ඒ කියන්නේ 2 කේ 16 වෙනි බලය = 65536

    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]එතනින් Network සහ Broadcast IP දෙක අයින් කරාම අපිට ලැබෙනවා

    65536 - 2 = 65534
    ක් ඒක තමයි Class B වල අපිට භාවිතා කරන්න පුලුවන් Host IP ප්‍රමාණය.

    [/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]------------------------------------------------------[/FONT]

    Class C ගත්තම පහත ආකාරයට Network සහ Host බෙදෙන්නේ


    network . network . network . host

    මෙතනදි Network පැත්තට Byte 3 ක් වෙන් කරලා තියෙනවා (bit 24ක්). නමුත් අර Class C එකේ rule එකට අනුව පළවෙනි bit තුනම අපිට පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ 24 - 3 = 21 යි. එතකොට අපිට ගණන් ගන්න වෙන්නේ

    2 කේ 21 වෙනි බලය = 2097152 ප්‍රමාණයක් Network හදන්න පුලුවන් Class C පාවිච්චි කරලා


    ඊට පස්සේ Host පැත්තට වෙන් වෙලා තියෙන්නේ එක Byte එකක් පමණයි. ඒ කියන්නේ

    2 කේ 8 වෙනි බලය = 256
    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]එතනින් Network සහ Broadcast IP දෙක අයින් කරාම අපිට ලැබෙනවා

    256 - 2 = 254 ක උපරිම host ප්‍රමාණයක් Class C වලදි අපිට පාවිච්චි කරන්න පුලුවන්.
    [/FONT][/FONT]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]හරි ඔය ගණන් විශේෂයෙන් මතක තියා ගන්න ඕනේ නෑ. ඕවා හදාගන්න ක්‍රමය ගැන වැටහීමක් ගත්තනම් එච්චරයි.[/FONT][/FONT][FONT=&quot][FONT=&quot]

    [/FONT]
    [/FONT]
    අපි ඊට පස්සේ subnetting වල CIDR ගැන පාඩම පටන් ගන්නවා. නැවතත් කියන්නේ ඔය Classes ‍ගැන හොදට මතක තියාගන්න. නැත්තම් අපිට ඉස්සරහට යන්න බෑ.
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ෆට්ට ත්‍රෙඩ් එක මචං.. මේ ත්‍රෙඩ් එක අපිට උගන්නපු මිස් කෙනෙක්ටත් මම පෙන්නුවා... ඒ මිස්ට නෙට්වර්කින් ඉගෙනගන්න ඕනෙ කිව්වා.. ඒ නිසා.. එල එල ඔහොම යාං.
    11.gif
    +
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ccna exam එක අමාරුද?

    ඒක depend වෙන්නේ අපි exam එකට ලෑස්ති වෙන විදිහ අනුව. නිකන් Dump එකක් බලලා exam එක කරන්න ඕනේ නිසා කරලා වැඩක් නෑ. Fail වෙන්න තියෙන සම්භාවිතාවත් වැඩියි. ඒක නිසා තමන්ට හොදටම Confidents තියෙනවා කියලා හිතුනම විතරක් විභාගේ ලියන්න යන්න ඕනේ. මේකෙදි අහවල් දිනේදි අනිවාර්්‍යෙයන් විභාගේ කරන්න කියලා dead line දාලා නෑනේ. අපිට හොදටම විශ්වාසය තියෙනවනම් අන්න එදාට Exam කරන්න.
     

    neomen

    Member
    Oct 7, 2013
    9
    0
    0
    ඒක depend වෙන්නේ අපි exam එකට ලෑස්ති වෙන විදිහ අනුව. නිකන් Dump එකක් බලලා exam එක කරන්න ඕනේ නිසා කරලා වැඩක් නෑ. Fail වෙන්න තියෙන සම්භාවිතාවත් වැඩියි. ඒක නිසා තමන්ට හොදටම Confidents තියෙනවා කියලා හිතුනම විතරක් විභාගේ ලියන්න යන්න ඕනේ. මේකෙදි අහවල් දිනේදි අනිවාර්්‍යෙයන් විභාගේ කරන්න කියලා dead line දාලා නෑනේ. අපිට හොදටම විශ්වාසය තියෙනවනම් අන්න එදාට Exam කරන්න.

    සෑහෙන්න පාඩම් කරන්න තියෙනවද?
    මට වැඩි වෙලාවක් නෑ පාඩම් කරන්න,
    ඕකෙ සෙමෙස්ටර් 4ක් තියෙනවනෙ,
    ඒ හැම එකක්ම එකින් එක පාස් වෙන්න ඕනෙ නේද ෆයිනල් එක කරන්න
    :confused::confused::confused::confused: