CCTV DVR එකකට ඉන්ටනෙට් දෙන්න

chamli_k

Active member
  • Sep 14, 2020
    110
    146
    43
    දැනට ඉන්ටනෙට් කනෙක්ට් කරලා නැති CCTV සිස්ටම් එකක් තියෙනවා, Dahua බ්‍රෑන්ඩ් එකෙන්.
    ඒකෙ DVR එක තියෙන තැන සහ ගෙදර SLT රව්ටර් එක තියෙන තැන ඉදන් network cable එකක් ඇදගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ස්ලැබ් එක විදින්නම වෙනවා ඒකයි.
    ඒ නිසා network cable එකක් දාන්නේ නැතුව wifi වලින් DVR එකට ඉන්ටනෙට් කනෙක්ෂන් එක දෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද?
    (DVR එක තියෙන තැනට wifi සිග්නල් තියෙනවා.)
    අපි PC වල පාවිච්චි කරන wifi receiver එකක් කෙලින්ම DVR එකේ USB port වලට ගහලා වැඩේ කරගන්න ක්‍රමයක් තියද?
    නැත්නම් TP-LINK - TL-WA850RE වගේ range extender එකක් DVR එක ලගට දාලා එකෙන් එන network cable එක DVR එකට සම්බන්ධ කරන එකද කරන්න හොද?
    හෝ
    වැඩේ කරගන්න වෙන විදිහක් තියෙනවද? දන්නා කෙනෙක් පිළිතුරක් දෙන්න.