බඩයන්න ඕනි ඔහොම හම්බකරන සල්ලි වලින් කනවටකැරිම හොරු මුං,
"අදාළ වෘත්තීය සමිති මගින් බලධාරීන් වෙත ඉල්ලීම් හැටහතරක් යොමු කර තිබූ අතර, ඉන් හැටදෙකක්ම මේ වන විටත් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇත. එමෙන්ම, විසඳීමට ඉතිරිව පවතින අනෙක් ඉල්ලීම් ද්විත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ ඍජුවම සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත අවස්ථාව සලසා දී ඇති බවද එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.
සේවක පාර්ශ්වය විසින් අපේක්ෂා කරන 140% ක දැවැන්ත වැටුප් වර්ධකය ලබාදීම වෙනුවෙන් පමණක් මාසිකව රුපියල් බිලියන 1.8 ක අමතර මුදලක් වැයවන අතර, වාර්ෂිකව එම අගය රුපියල් බිලියන 22 ක් දක්වා ඉහළ යනු ඇත. එළඹෙන 2025 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත පාඩුව රුපියල් බිලියන 34 ක් බවට මේ වන විටත් ගණනය කර තිබේ."
https://www.gossiplankanews.com/202...-electricity-charges-and-pay-the-workers.html
කොමෙන්ටුවක්,
මෙච්චර කාලයක් මේ ආයතන වල සිදිවුණු නාස්ති,හොරා කෑම නතර කරානම් මේවා පාඩු ලබන්නේ නැහැ.
හොදම උදාහරණය
ඉංජිනේරුවන්ට දෙනවා කාර් පර්මිට් එකක්, -ඒ පර්මිට් එකෙන් ගන්න කාර් එක CEB එකට රෙන්ට් කරනවා, වාහනේ පාවිච්චි කරන්නේ එම ඉංජිනේරුවා මයි.
මට තියෙන ප්‍රශ්නේ, රජය කාර් පර්මිට් එකක් දීල වහනයක් ගන්න දෙන්නේ ,ඒ වාහනෙන් රාජකාරියට ඇවිත් සේවය කරන්න ද
නැතිනම් එම වහනය ගෙදර තියල ආයෙත් CEB වාහනයක තමන්ගේ ගමන් බිමන් යන්නද ?
අනික , ඔකේ වැඩ කරන බහුතරයකට, අඩු පොලි ණය ලැබෙනවා , මට මතක හැටියට මිට අවුරුදු 10ට කලින් කෝටි 2ක් වගේ.
මේවා ගැන කියල වැඩක් නැහැ,කීවොත් ඉරිසියාව කියල කියන්නේ ..අන්තිමට මේ වට හිලවු වෙන්න අපේ විදුලි බිල වැඩියි, එච්චරයි. කර්මාන්ත අනාතයි.ඒකනේ කර්මාන්ත වෙන රටවලට යන්නේ
1987 wadath nene bn
උදේ පැය බාගෙකට වඩා මම ලයින් එකේ. Queue එකේ 8 වෙනියට ඉඳලා, 1 ට ආවත් උන් නෙමෙයි කතා කලේ. මුන්ව අකුලලම යන්න වැඩේ කලොත් නියමයි
------ Post added on Mar 11, 2026 at 3:36 PM
