CEPA නැතුවම ඉන්දීය ධීවරයෝ 100ක් නිදහස් ??

zeezone

Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    CEPA නැතුවම ඉන්දීය ධීවරයෝ 100ක් නිදහස් ??

    මෙරට මුහුදු සීමාව උල්ලඝංනය කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි අවසන් ඉන්දිය ධිවරයන් 102 දෙනා නිදහස් කර බ්‍රහස්පතින්දා (21) සවස ඉන්දීය බලධාරින් වෙත බාරදුන් බව නාවික හමුදාව කියයි.

    පසුගිය දීපවාලි දින සිට මේ දක්වා ශ්‍රි ලංකා මුහුදු සිමාව උල්ලංඝනය කරමින් තිබියදි වරින් වර නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට ගෙන සිටි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලව් මහතා පැවසීය.

    නිදහස ලැබු මෙම ධීවරයන් පිරිස නාවික හමුදාවට අයත් රණවිජය නෞකාවෙන් කන්කසන්තුරේට උතුරින් වු ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත රැගෙන ගොස් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායට අයත් දුර්ගාවති සහ අමායා යන නෞකා වෙත බාරදුන් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

    af_51.jpg


    untitled.jpg

    Source: ලංකාදීප


    නඩුත් නෑ. Transport එකත් Navy එකෙන්ම දෙනවා.
    CEPA එන්න කලින්ම මෙහෙම නම්.... :oo::oo::no::no: