CEPA හෙවත් ECTA හි සැගවුණ තිත්ත ඇත්ත ..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    CEPA හෙවත් ECTA හි සැගවුණ තිත්ත ඇත්ත ..

    මේ ප්‍රශ්නය මට අවේ " දිවයින " ඉරිදා පත්තරේ තිබුන ලිපියක් නිසා .එකේ කියලා තියෙනවා cepa ගිවිසුම එරෙහිව ලොකු විරෝධයක් ආපු නිසා ETCA නම් ව්‍යාජ ගිවිසුමක් ගේනවා කියලා .එකේ ලියුම්කරු කියන විධිහට ETCA ගිවිසුමට ගිවිසුම් රාමුවක් සකස් කිරීමට පමණක් මේ වසර මැද වෙනකොට අත්සන් කරන එක තුලින් ලොකු අනතුරක් හංගලා අනතුරක් නෑ කියලා පොඩියට පෙන්නුම් කිරීමක් කියලා කියනවා .බොරුවට ගිවිසුම් රාමුවක් හදලා පසුව මිනිසුන්ගේ විරෝධය අඩු උනාම මේකට ඇමිණුම් ලෙස මේ විරෝධය එන කරුණු එකතු කරනවා කියලා..එතකොට ගිවිසුම් රාමුව අත්සන් කරලා නිසා අපිට එක නොකර බෑරි වෙන තැනට පත් වෙනවා.

    එක හොදටම පැහැදිලි වෙනවා ආචාර්ය හර්ෂ සහ අනෙකුත් ඇමතිවරු මේකේ පුද්ගලයන් හුවමාරු වීමක් වෙන්නේ නෑ කියලා දැඩිව කියනවා ..ලෝක වෙළද ගිවිසුම් සම්මතයන් අනුව තියෙන 4 සාධකය වෙන්නෙම නෑ කියල කියනවා ..එත් මලික් සමරවික්‍රම කියනවා IT සහ වරාය නැව් අලුත්වැඩියා කටයුතු වලට ඉන්දියාවෙන් මිනිස්සු එනවා කියලා ...එතනම පරස්පර කතාවක් තියෙනව.

    අදටත් ලංකාවට විශේෂ අවසරය පිට ලංකාවේ ආයතනය අවශ්‍යතාවකට විදේශීය පුද්ගලයෙක්ගේ සේවය ගන්න පුළුවන් ..එත් එකට අදාළ ආයතනයේ අනුමැතිය සහ අවශ්‍යතාවය ඕනි ..නමුත් මේ ගිවිසුම හරහා ලංකාවේ නියෝජිතයෙක්ගේ ආරාධනාවක් අවශ්‍ය නෑ ඉන්දියන් ජාතිකයන්ට එන්න ..ඔවුනට ලංකාවට ඇවිල්ලා රස්සාවක් හොයා ගන්න පුළුවන්.එතකොට අපි CV එකකට දාලා apply කරනවා වගේම තමයි.මෙතන තියෙන දරුණුම සහ වැදගත්ම ප්‍රශ්නය තමයි මේ තුල ලංකාවේ පුද්ගලයට රස්සාවක් ලබාගැනීමේ අවස්තාව නැති වෙනවා.ඉන්දියානුවන් අඩු මුදලකට වැඩ කරන්න ගත්තම අපේ මිනිස්සුන්ට ඒ පඩියට වැඩකරගන්න බැරි වෙනවා..ඒ නිසා පසු කාලීනව ඒ ක්ෂේත්‍රයට යන අය අඩු වෙනවා ..උදාහරණයක් ගත්තොත් IT වලට අඩු පඩියට යන්න බැරි නිසා IT වලින් ලංකාවේ අය අයින් වෙනවා ..ඒ තුල කාලයක් යනවිට ලංකාවේ IT ක්ෂේත්‍රය තනිකරම ඉන්දියානුවන් මත යැපීමට සිද්ධ වෙනවා ..වරාය කමකරුවන්ටත් මේක වෙනවා ..දැනට 30000-50000 වගේ පඩි ලබන වරයා නැව් කම්කරුවන්ට මේක කරගග්න්න බැරි නිසා ඉවත් වෙනවා .

    මට තාම හිතා ගන්න බෑ මේ ගිවිසුමෙන් ලංකාවට වෙන වාසිය මොකද්ද කියලා ..

    - ලංකාවේ සාමාන්‍ය රැකියාවක් කරන අපි කිසිම දවසක ඉන්දියාවට යන්නේ නෑ .( ඉන්දියාවේ එවුන්ටත් රැකියා නැති වෙලාවක අපිට ඉන්දියාවෙන් රැකියා ලැබෙයිද )..ලංකාවෙන් ඉන්දියටව ඕනිම නම් හොදම වෘත්තිකයන් 10 ක් යයි කියමුකෝ.ඒ 10 වෙනුවෙන් මුළු රටක්ම වන්දි ගෙවන්න ඕනිද .?

    - ලංකාවේ සමාගම් මේකට වවිරුද්ධ වෙන්නේ නෑ මොකද එයාලට ඉන්දියානුවන් තුලින් අඩු පඩියකට ශ්‍රමය ලැබෙන නිසා

    - ගම්බද ජනතාව මේවට විරුද්ධ වෙන්නේ නෑ දැනුමක් නැති නිසා

    මට තාම හිතාගන්න බැරි ඉන්දියානුවන්ගේ උපක්‍රමශීලි දිගුකලින සැලසුම් වලට අපි මෝඩයෝ වගේ අහුවෙන්නේ ඇයි කියලා .දකුණු ආසියාවේ ඉන්දියාවට පාලනය කරන්න පහසුම රට ලංකාව ( දැන් රජය නිසා ) වෙලා ඉවරයි .නමුත් එක සදාකාලික කරගන්නවද නැත්තන් අපි අපේ රට වෙනුවෙන් නැගිටිනවද කියන එක අපේ මිනිස්සු හිතන්න ඕනි දෙයක් ..

    ප.ලි ..එළකිරි එකේ ඉන්න ගොඩක් ලොකු කතා කියන මේ ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගියපු ගොඩක් අය මම හිතන්නේ IT වලට සම්බන්ධ අය.එදා මේ අය බහුතරය කිව්වේ මේ ගිවිසුම හොදයි , රටට අයහපතක් වෙන්නේ නෑ , රනිල් එහෙම කරන්නේ නෑ කියල , දොස්තරවරු මේකට වවිරුද්ධ වෙන්නේ මහින්ද නිසා කියලා ...නමුත් IT එකට ප්‍රශ්නය එනවා කියලා තහවුරු උනාම තමයි මේකට විරුද්ධව කතා කලේ ..කොටින්ම කියනවා නම් තමන්ට කෙල වෙනවා කියල දැනෙනකොට තමයි ඇස් ඇරුනේ ...

    සංවාදයට විවෘතයි ...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලෝක වෙළද ගිවිසුම් සම්මතයන් අනුව තියෙන 4 සාධකය වෙන්නෙම නෑ කියල කියනවා ..එත් මලික් සමරවික්‍රම කියනවා IT සහ වරාය නැව් අලුත්වැඩියා කටයුතු වලට ඉන්දියාවෙන් මිනිස්සු එනවා කියලා ...එතනම පරස්පර කතාවක් තියෙනව.

    මේක තමයි කි පොයින්ට් එක මේක ගැන පැහැදිලි කිරීමක් ඕනේ ,අනික මේ ආර්ථික තත්වේ හැටියට නම් මේ ගිවිසුම ගහන එකක් නැ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    chart_42.jpg

    http://www.thedailystar.net/frontpage/bangladesh-attractive-destination-business-659698
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකට හදිසිය ඉන්දියාවේ බල කිරීම මචන් ..මහින්ද පරද්දන්න ඉන්දියාව ලොකු කොටසක් කළා...මහින්ද පරදින්න එකම හේතුව එදා විපක්ෂය විසින මහින්ද දුෂිතයි , වංචා කළා කියලා කට කතා වලින් මතයක් හැදුවා ..ඒ තුල මිනිසුන්ගේ අදහස් වෙනස් කළා ..මොකද අපි ඕනිම කෙනෙක් මොන තරම් හොද මිනිහෙක් උනත් එක වැරද්දක් කරපු ගමන් එයාව එපා වෙනවා ...මේක තමයි එදා විපක්ෂය යොදා ගත්ත සාධකය .....දැන් මහින්දව දුෂිතයෙක් විදිහට ඔප්පු කරන්න බැරි විම නිසා මිනිස්සු කි දෙනෙක් දුක් වෙනවද මහින්දව පරද්දපු එක ගැන ....

    මට මහින්දව බලයට ගෙන්න නම් ආසාවක් නෑ .මොකද මහින්ද වටේ හින්න හිපටුවෝ එකෙක්ටවත් මම කැමති නෑ ..මේ ආණ්ඩුව උනත් කමක් නෑ බුද්ධිමත් විධිහට රටේ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරනවා නම් ..රටේ ආරක්ෂාව කියන්නේ රට ඇතුලේ වෙන දේවල් විතරක් නෙවෙයි ..විදේශීය උපක්‍රම වලට අහු නොවී ඉන්නේ කොහොමද කියලත් අදාලයි
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    ඉන්දියාවක් එක්ක නිවරදි ගිවිසුමක් අත්සන් කලේ JR විතරයි. ඒකෙන් අපේ ඉදිය දෙමල මිනිස්සු ඉන්දියාවට ඇද්ද.