CEPA/ECTA - Doctor Padeniya's Great Speech Video

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    CEPA/ECTA/ILETP - Doctor Padeniya's Great Speech Video

    https://www.facebook.com/abrighterfutuersl/videos/1721091138126767/

    attachment.php


    ආදරණීය පාදෙනිය සර් වෙත,
    සර්, වෙනදාට ඔබට ලියන්නේ අත පයක් පණ නැති හෝ fit එකක් හැදුනු කුඩා දරුවෙකුගේ ඉදිරි ප්‍රතිකාර ගැන උපදෙසක් ගන්නයි. ඒ, ඔබ මෙරට සිටින අතලොස්සක් වූ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රමුඛතමයෙක් වන නිසා. වරක් නවක සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස මා එසේ ලියූ ලිපියක තිබු ඉතා විහිළු සහගත වරදක්, අනුකම්පාවෙන් ලඟට විත් ඔබ විසින් පහදා දුන් දින සිට වාර කිහිපයක් ඔබ ගැන ඇතිවූ ගෞරවය අකුරු කරන්නට මට සිත නොදුන්නේ හිතේ වූ සැක සංකා කිහිපයක් හරියටම විසඳෙන තෙකුයි.
    අද විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ශ්‍රී ලංකාවේ සියලුම ක්ෂේත්‍රයන්හි පාහේ වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් යෝජිත ECTA ගිවිසුමට එරෙහිව පැවති විරෝධතා රැලියේ දී, ශ්‍රී ලාංකික වෛද්‍ය ප්‍රජාවේ එකම නියෝජිතයා ලෙස සිටින රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා ලෙස ඔබ කල දේශනය, එහිදී අසන්නට ලැබුණු වඩා සබුද්ධික, සහේතුක, පැහැදිළි සහ සෘජු දේශනය ලෙස අපේ හිත් වල සටහන් වෙනවා..රැලිය අවසානයේ මා හා නිවැස් බලා දුම්රියේ පැමිණි පරිඝනක සහ සිවිල් ඉන්ජිනේරු මිතුරන් දෙදෙනෙකුගේ වචන වලින් ම කියතොත්, ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් හොඳ කොන්ද පණ ඇති නායකත්වයක් ලබන්න තරම් වාසනාවන්තලු. ඔවුන් ගමනාන්තය දක්වාම කතා කලේ පාදෙණිය සර් සහ මේ අවස්තාවේ අහන්නට වෙන සියලු කුණු බැණුම්, අතොරක් නැති චෝදනා සහ අපහාස විඳගෙන ඔබ ප්‍රමුඛ විසි දහසක් පමණ වූ වෛද්‍ය වෘත්තීකයන් මේ සටනේ පෙරමුණ ගෙන සිටීමයි. ඇත්තටම ආඩම්බරයි සර්..වෛද්‍යවරයෙක් ලෙස යම් අභිමානයකින් අද විහාරමහාදේවී එකට ආවේද, එවන් කිහිපගුණයක අභිමානයකිනුයි එයින් එලියට ආයේ..තමන්ව පත් කරන්නට ඡන්දය ලබා දුන් රට වැසියන් ගැනට වඩා වෙන වෙන දේට ප්‍රමුඛතාවය ලබා දෙන මෙවන් (ආ)පාණ්ඩූන්ට අපි දැනටමත් හිසරදයක් වී ඇත. එක අතකින් අපේ මල්ලිලා නංගිලා නිදහස් අධ්‍යාපනය උදෙසා මහා අරගලයක නියැලෙද්දී, අපි මේ තලයේ අරගලයක නියැලෙන්නෙමු. දැනටමත් මේ පාලකයන්ට ඇති ලොකුම හිසරදය අප නොවේ වෙන කවුරුන්ද?!
    සියලු බාධක මැද අපේ මේ ගමන ඉදිරියට ගෙන යාමට සර්ට වාගේම, බලමුළු ගැන්වී ඇති ඉංජිනේරු ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රයන්හි මිතුරන්ට සවිය සහ ජවය ලැබේවා!!
     

    Attachments

    • 1.JPG
      1.JPG
      34.1 KB · Views: 57
    Last edited: