මුල් ගීතයත් එක්ක මං උඹගේ නිර්මාණය සංසන්දනය කරන්න යන්නේ නෑ. මීට කලිනුත් මං උඹගේ නිර්මාණ අහලා තියෙනවා. ඇත්තෙන්ම මට හිතෙන විදියට උඹට හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා. ගායනය වුනත් හොඳ මට්ටමක තියෙනවා. සංගීත සංයෝජනය පැත්තෙන් හොඳ හැකියාවක් තියෙන නිසා තමන්ගේම නිර්මාණ කලොත් උඹට ගොඩක් දුර යන්න පුලූවන් කියලා මට හිතෙනවා.
ඒත් එක්කම මේ ගීතයේ ආරම්භක සංගීතය උඹගේම නිර්මාණයක්ද ? ඒ ගැන පොඩි හැදින්විමක් කරන්න පුලූවන්ද?
බොහොම ස්තුතියි සහෝ..

ඔව් ...කොහොමත් එහෙම සංසන්දනය කරන්න දේකුත් නෑ.මොකද මේක cover version එකක් නේ..

....ඒ කියන්නේ එකම පොත දෙන්නෙක් කියවනවා වගේ දෙයක්.
මම නව නිර්මාණත් කරනවා..ඒ අතරේ මේවත් කරනවා.music ඇම්ම තමා ඉතින්....

කොහොමත් අපි තාම නම හදාගෙන එන නිසා හොඳ නිර්මාණයක් කලාට ඒක මිනිස්සු අතරට යවන එකේ ලොකු ප්‍රශ්නෙකුත් තියනවා.
මේ තියෙන්නේ මම කරපු එකක්

soundcloud.com/rusiru/pini-wasse-ruzza-ft-thamaransi
මුල තියන part එක මම choir music සහ orchestral music සංකලනය කරලා නිර්මාණය කරපු එකක්