"චේ" කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම නියමම මිනිසෙක්. ඒ නම නොදන්නා කෙනෙක් හොයාගන්න එක කළුනික හොයන්න වගෙයි. එහෙම කිවූ එක හරිනෙ නේද? මිනිසා කියන වචනයේ තවත් උත්තරීතර නමක් හැටියට මම දකින නමක් තමයි මේ "චේ ගුවේරා".
1928.06.24 දින ආර්ජෙන්ටිනාවෙ උපත ලබාපු මේ අර්නෙස්ටෝ අවසන් හුස්ම හෙලන්නෙ 1967.10.09 දිනේදි බොලීවියාවෙදි. එතකොට වයස? ඔව් ඒ වෙද්දි වෙන්නෙ අවුරුදු 39යි. කියුබානු විප්ලවය, පිදෙල් කැස්ත්‍රෝ, බොලීවියානු විප්ලවය එකී මෙකී නොකී හැම කරුණක්ම මටත් වඩා ගොඩාක් හොඳින් දන්න ඔබ හැමටම ආයෙ ආයෙ ඒ ගැන කියන්න ඕන නෑ මට.
එහෙනම් ඇයි අද මේ මාතෘකාව තෝරගත්තෙ? චේගෙ ජීවිතෙන් අපේ ලෝකෙට ගන්න පුලුවන්දේ ගැන කල්පනා කලාම අපේ අය ගැන දුකක් දැනුන නිසයි මේක ලියන්න හිතුනෙ. ඕනම කෙනෙක් තමන්ගෙ ජීවිතේ මොනම කාලෙකදි හරි චේ තමන්ගෙ වීරයෙක් කරගන්නවාමයි. ඒක ජීවිතේ පුරාම නොනැසී තියාගන්න එකක්. ඒත්.....එහෙම කරන්නෙ චේ කියන්නෙ කවුද කියල තේරුම් අරගෙනද?.......නෑ. විවිධාකාරයේ මාධ්‍යවලින් මාකට් කරන නිසයි ගොඩාක් දෙනෙක් චේ ගැන දන්නෙ.
හොඳයි චේ ගැන මට මොනාද කියන්න තියෙන්නෙ? අද කාලෙ ඉන්න සමහර කොල්ලො වගෙම සරළ සුන්දර බොහොම විනෝදකාමී ජීවිතයක් ගත කරපු වෛද්‍යවරයෙක් ලෙස ජීවිත කාලයම නිවී සැනසිල්ලෙ ගත කරල බොහෝ කාලයක් ජීවත් වෙන්න අවස්ථාවක් තිබ්බ කෙනෙක්.
ඒ තරම් ඉගෙනගත් ඒ සුන්දර චේ තමන්තුල නැගුනු අතිමානුෂීය හැඟීම් නිසාම වෙනත් රටකදී අවසන් හුස්ම හෙළන්නෙ තවත් දහසක් වූ ම්නිසුන්ගෙ හදවතට කිඳා බහිමින්. මනුෂ්‍යයා නියම මනුෂ්‍යයෙක් වෙන්නනම් පළමුව තමන්තුල දැඩි අධිෂ්ටානයක් තියෙන්න ඕන වෙනව. අද අපට දකින්න ලැබෙන්නෙ බොහොම පුංචිදේටත් හිතාගන්නවත් බැරි තරමේ තීරණ ගන්න අය. හැමදේම හැම පැත්තකින්ම ක්ෂණයකින් වෙනස් වෙලා නැතිවෙලාම යනව.
"චේ" ලෝකය දැක්ක. නිකන්ම ඇස් දෙකෙන් නෙමි ඒ දැක්කෙ හදවතින්මයි. එහෙම දැනුන කියල හැමෝටම චේ වෙන්න බෑ. සමාජයතුල චේට අනන්‍යතාවයක් තිබුන. ඒ අනන්‍යතාවයට චේගෙ වෛද්‍ය භූමිකාවත් අනිවාර්යෙන්ම බලපෑමක්. ඒ නිසා තමන්ට නැගිටින්න තියෙන අවස්ථාවන් නැති කරගන්න එපා. තමන්ගෙම අනන්‍යතාවයක් ගොඩනැගෙන්න ඉගෙනීමත් අනිවාර්ය සාධකයක්.
ඒ නිසා කුඩා පියවරකින් හරි පටන් ගන්න. වැටි වැටි නැගිටින්න. ඒ නැගිටීම ක්‍රීඩාවක් කරගන්න. හැබැයි තමන්ට ප්‍රිය මනාපවෙන ක්ෂේත්‍රය තෝරාගන්න. චේ තෝරාගත්තෙ ඒ මාවත. ඒ වගේමයි ඒ තෝරාගත් මාවතේ අවසාන කෙළවරටමත් ගියේ හිත පුරාම තිබ්බෙ ඒ හීනය විතරක්ම නිසාමයි. ඒ නිසා හීන දකින්න තමන් කරනදේ ගැනම.
"චේ" වගේම උපරිමයෙන් විනෝද වෙන්න. ඒ විනෝදයේ යතාර්ථය දකින්න. තමන් කැමති ක්ෂේත්‍රයේ උපරිම ඉහළට ඉගෙනගන්න. ඉන්පස්සෙ නිතැතින්ම ඔබේ මාවත විවර වේවි. ඒ විවර වූ මාවතේ හදවතින්ම මිනිස්සුන්ට ලංවෙන්න. කුහක වෛරී සමාජ රටාවතුල මේදේ කරන්න හිත හදාගන්න බැරිවෙයි. ඒත්......උත්සාහ කරල බලන්න. කරන්න පුලුවන්. අපේ හිත අපි ළඟ නිසාම.
උඹල හැමෝටම සුභ නව වසරක්ම වේවා!.............

Last edited: