ChinaSat-12 ලබාදෙන්නේ කුමන ආකාරයේ සේවාවක්‌ද?

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ChinaSat-12 ලබාදෙන්නේ කුමන ආකාරයේ සේවාවක්‌ද?

    ChinaSat-12.jpg

    අපේ ප්‍රථම චන්ද්‍රිකාව විසින් ලබා දෙන්නේ DTH හෙවත් සෘජුව නිවසටම චන්ද්‍රිකා මගින් රූපවාහිනි දර්ශන ලබාදීමේ සේවයයි. මෙයට හේතුව අපේ චන්ද්‍රිකාවේ අප සතුව ඇත්තේ KU transponders හෙවත් සම්ප්‍රේෂ ප්‍රතිචාරක නිසාය. මෙය මෙම කලාපය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන අංශයකි. HD ලෙස හැඳින්වෙන නවීන තාක්‍ෂණය හඳුන්වාදීම තුළින් මෙම වේගය තවත් තීව්‍ර වනු ඇත. එනිසා අපේ චන්ද්‍රිකාවේ ඉඩකඩ ලබා ගැනීමට ඉල්ලුම් රාශියක්‌ දැනටමත් අප වෙත ලැබී තිබෙනවා.

    සැපයුම අභිබවා ඉල්ලුම තිබෙන වග සත්‍යයක්‌. අපගේ සම සන්නාමගත සහ අනාගත චන්ද්‍රිකා වෙතින් ලබාදිය හැකි සේවාවන් පිළිබඳ පැවසිය හැක්‌කේ පෙරකී DTH සේවයට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වෙන Video Applications ලෙස සැලකෙන Broadcasting සහ Event Uplinking මෙන්ම Broadband සේවා ගණයට අඩංගු Backbone Connectivity සහ Broadband
    Internet Access සහ Telecommunications Applications ලෙස සැලකෙන VSAT හා Enterprise Networks යනාදිය සැපයේ.

    -සුප්‍රීම් සැට්‌ සමාගමේ සභාපති ආර්. එම්. මනිවත්තන් මහතා
     
    CoolDude911

    Member
    Nov 16, 2012
    22
    1
    0
    අපිට දැන් තියෙනවට වඩා අඩුවට TV,ඉන්ටනෙට් හම්බෙයිද බන්?? මටනම් ඕකුන් සුවර් නෑ... :(
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපිට දැන් තියෙනවට වඩා අඩුවට TV,ඉන්ටනෙට් හම්බෙයිද බන්?? මටනම් ඕකුන් සුවර් නෑ... :(

    උඹ ජොයින් වෙලා අනික් පැත්තට ෆාස්ට් පෝස්ට් දාගෙන යන හැටි දැක්කාම මට හරිම පුදුමයි බන්. ගොඩක් අය ඔහොම පෝස්ට් දාලා දාලා 100 උන ගමන් නවත්තලා දාන්නේ ඇයි කියලා මට නම් හිතාගන්න බෑ. උඹත් එහෙම කරන්න හිතන් ඉන්නවානම් මට හේතුව පොඩ්ඩක් කියහන්කො දැනගන්න ආසයි.
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අපිට දැන් තියෙනවට වඩා අඩුවට TV,ඉන්ටනෙට් හම්බෙයිද බන්?? මටනම් ඕකුන් සුවර් නෑ... :(

    hambeyi hambeyi uda balan hitapiyaw :lol::lol::lol::lol:

    ඕනෙම සමාගමක් ආයෝජනය කරන්නේ ලාබයක් බලාපොරොත්තුවෙන්. ඉතින් මන් හිතන්නේ මෙයාලගෙත් ටාගට් එකක් ඇති. එයාලගේ වියදම් ආවරණය කරලා ඉන්ටනෙට් අනිත් සමාගම් වලට තරගයක් දෙන්න පුළුවන් නම්. ඔය කියන දේවල් දෙයි නැත්තන් වැඩක් නෑ නේ. පාඩු ලබන දුවන්න මේක ආණ්ඩුවේ එකක් නෙවි නේ.:)

    Broadband සේවා ගණයට අඩංගු Backbone Connectivity සහ Broadband
    Internet Access
    හැබැයි මේ කොටසෙන් තේරෙන්නේ මෙයාලගේ කොනේක්ෂන් ටික දැන් තියෙන ඉන්ටනෙට් ආයතන වලට විකුණන එකක් ඉතින් සමහර වෙලවර SLT එකේ ලූප් එනකන් වත් dialog , මොබිටෙල් වල ටවර් ගහනකන්වත් ඉන්න වෙන්නේ නැති වෙයි. ලොකු සමාගම් මෙයාලගෙන් බදු අරන් අපිට සහන දායි විදියට දෙන්නත් පුළුවන්.
     
    Last edited:

    බලමුකො. :dull: