චිප් මැනුෆැක්චරින්ග් කියන්නෙ ලංකාවෙ කරන්න බැරි තරමටම හයි ටෙක් කර්මාන්තයක්. මැනුවල් ලේබර් අවශ්‍ය නැති තරම් ඕකට. සියල්ල වෙන්නෙ සූක්ෂ්ම මැශිනරි සහ ප්‍රොසෙස් කන්ට්‍රෝල් කරන්න ග්‍රැජුවට් අධ්‍යාපනයත් සම්පූර්ණ කරල තියෙන ඉන්ජිනේරුවො අතින්. R&D පැත්තක දාමුකො ඒක කරන්න අවශ්‍ය තරම් කෙමිස්ට් ල සහ මැටීරියල් සයන්ටිස්ට් ල කොහොමත් අපිට නෑ.
ප්‍රඩක්ෂන් සහ ඩිවෙලොප්මන්ට් දෙපාර්ශවෙම හොයාගන්න පුලුවන් තැන් වලට තමා චිප් ඉන්ඩස්ට්‍රිය යන්නෙ. ඊශ්‍රායලේ හෝ එංගලන්තෙ, ඉදිරියෙදි නම් ඉන්දියාවෙ වගේ.
ලංකාවට හරියන්නෙ නිමි ඇඳුම්, පොලිමර් හෝ අනම් මනම් එකලස් කරන කර්මාන්ත තමා. ඒවත් අපි නැති කරගන්නව හෝ නොවැලැක්විය හැකි ගෝලීය හේතු නිසා නැති වෙලා යනව.
රටක් හදන්න බෑ රටේ ඇතුලින්ම හැදෙන ස්ටාට්අප්ස් නැතුව. අපි කොච්චර දේශපාලනෙට බැන්නත් පාරවල් අරව මේවට මුදල් නාස්ති කලා හැබැයි කර්මාන්ත දියුණු කලේ නෑ කියල, එහෙම පොලිටික්කොන්ට කර්මාන්ත හදන්න බෑ. එයාලට පුලුවන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදල දීම පමණයි. එතනින් එහා ටික මානව සම්පතට පැවරෙන්නෙ. නමුත් බලාපොරොත්තු උන දේ දෙන්න අපිට පුලුවන් උනේ නෑ.