මේ tool එක තමයි XiaomiADBFastbootTools. Bootloader unlocking, rooting මොනවත් ඕන නෑ. හැබැයි phone එකේ developer options වලට ගිහින් USB debugging on කරන්න ඕන. මුල ඉඳලා step by step මේ වැඩේ කරන විදිය දාන්නම්.
1. මුලින්ම මෙතැනින් Minimal ADB/Fastboot Drivers download කරගෙන install කරගන්න.
(https://androidfilehost.com/?fid=746010030569952951)
2. මේ software එකට Java SE Runtime environment ඕන. ඒක මෙතැනින් download කරන්න. Windows installer version එකෙන් install කරගන්න.
(https://www.oracle.com/.../technolo.../javase-downloads.html)
3. ඊට පස්සෙ මෙතැනින් XiaomiADBFastbootTools download කරගන්න
(https://github.com/.../7.0.3/XiaomiADBFastbootTools.jar)
4. Phone එකේ Settings > About Phone > All Specs කියන location එකට ගිහින් MIUI version කියන item එක දිගට tap කරාම developer mode enable වෙනවා. ඊට පස්සේ Settings > Additional Settings > Developer options කියන තැන තියන USB debugging on කරන්න.
5. XiaomiADBFastbootTools
(.jar) run කරලා, Phone එක PC එකට connect කරන්න. එතකොට phone එක ඒ software එකෙන් අඳුරගනීවි. Phone එකෙන් debugging permissions ඇහුවොත් approve කරන්න.
6. Uninstaller/Disabler tabs දෙකෙන් තමන්ට Uninstall/Disable කරන්න ඕන apps තෝරලා Uninstall/Disable කරගන්න.
ඕනනම් uninstall/disable කරපු app එකක් අයෙමත් install/enable කරගන්න අනිත් tabs දෙකෙන් පුලුවන්. වැඩේ ඉවරනම් phone එක ගලවල restart කරල phone එක use කරන්න. USB Debugging disable කරත් අවුලක් නෑ
මම ඔ්ක කලා. වැඩ එලකිරි වගේ
Credits: -