ටයි කෝට් දාන එක උඹේ කැමැත්ත මචන්..සාමාන්යෙන් නම් දාගෙන තමයි එන්නේ...මොකද එහෙම්ම රිසෙප්ෂන් යන නිසා...ගොඩක් වෙලාවට ෆැමිලි එකේ උන්, යාළුවො අරුන් මුන් ටයි කෝට් දාන් එන්නේ...ඒ නිසා උබත් දාගෙන ගියාට අවුලක් නැහැ...
සීට් අල්ලගන්න දෙයක් නැහැ..සාමන්යෙන් දේවස්ථාන වල ඉඩ තියෙනවා...වෙඩින් මාස් වලට ඒ තරම් සෙනගක් එන්නේ නැහැ...උන්ගේ පවුලේ උන් ඉස්සරහ සීට් වල ඉදියි..උඹ පිටිපස්සෙන් ගිහින් ඉගෙන හිටපන්...නැගිටින්න, දනගහන්න අරව මේවා තියෙනවා...ඒ තරම් ගණන් ගන්නෙපා ඒවා...උඹේ පාඩුවේ ඉදන් ඉදපන්...පිටිපස්සෙම ඉන්නවනම් ඒ තරම් අවුලක් නැහැ..
ඕක මහා වෙලාවක් යන්නේ නැහැ...පැයක් වගේ තියෙන්නේ ගොඩක් ම ඉදන් ඉන්න තියෙන්නේ...ඉවර වෙලා කපල් එක එලියට ඇවිල්ල මහා දොර ගාව හිටන් ඉන්නවා එතකොට උබට ගිහින් විශ් කරන්න පුළුවන් උඹ රිසෙප්ෂන් යන්නේ නැති නිසා...එතනම ගිෆ්ට් එක දුන්නට අවුලක් නැහැ උන්ගේ කාට හරි එක අරන් තියන්න කියපන්...![]()
Oya lassanata kiyala thiyene

Mannam wadiwenne mawa invite karapu kenaage side eke


