CIA සිට ISI දක්වා රහස් ඔත්තු සේවා...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CIA සිට ISI දක්වා රහස් ඔත්තු සේවා...

    1678217647f369f2338ffbeea29c039b4fe9a5c4.jpg


    තරුණ කාලෙ කියන්නෙ කුතුහලය දනවන දේවල් දැනගන්න බොහොම කැමැත්තෙන් ඉන්නෙ කාලෙ. ඒ හින්දම තමයි අපි Film ඒකක් බලනකොට වුණත් ත්‍රාසය, භීතිය කියන දේ බලන්න ගොඩක් නැඹුරු වෙන්නෙ. මේ ත්‍රාසජනක Film බලද්දි අපිට ගොඩක්ම දකින්න හම්බවෙනව රහස් ඔත්තු සේවා සංවිධාන සහ ඒවායේ කටයුතු ක්‍රියාත්මක වෙන ආකාරය. ඉතිං ඒ Film වලදි වුණත් අපේ සැබෑ ලෝකයේ මේ වගේ ඉතාමත් ප්‍රසිද්ධ රහස් ඔත්තු සේවා සංවිධාන කිහිපයක් තියෙනවා. අපිත් ටිකක් බලමු මේ සංවිධාන මොනවද..? ඒවයේ ක්‍රියාකාරීත්වය සිදු වන්නේ කොහොමද කියලා..



    CIA – Central Intelligence Agency - මධ්‍යම බුද්ධි ඒජන්සිය

    cia-logo-central-intelligence-agency-united-states.jpg


    ලොව විශාලතම බුද්ධි ඒජන්සිය මෙයයි. දෙවන ලෝක යුද් සමයේ OSS – Office of Strategic Service නමින් ආරම්භ වූ මේ ආයතනය CIA - Central Intelligence Agency නමින් 1947 දී වෙනස් වුණා. මෙහි සේවකයන් 20,000ට වැඩි පිරිසක් සේවය කරන බව පැවසෙනවා. නීති සම්පාදනය කිරීම මේ ආයතනය මගින් සිදු කෙරෙන බවයි කියවෙන්නෙ.


    CIA - ඇමෙරිකාව

    cialogo.jpg


    CIA ආයතනය තම රට තුළ හා වෙනත් රටවල තම නියෝජිතයින් යොදමින් බුද්ධි තොරතුරු එක්රැස් කරන ආයතනයක් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම සඳහා CIA ආයතනයෙන් සහය ලැබී තිබෙනවා.


    MI 6 – Military Intelligence 6 - බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය

    MI6.png


    1909 දී රහසිගත සේවා බියුරෝව ලෙස ආරම්භ කෙරුනු (Secret Service Bureau) ආයතනය වර්ථමානයේ MI 6 නමින් හඳුන්වනවා. මේ ආයතනයේ අභයන්ත කටයුතු කරන ඒජන්සිය MI 5 ලෙසයි හැඳින්වෙන්නෙ. එහි මූලස්ථානය වොක්ස්හෝල්, ලන්ඩනය යන ස්ථානවල පිහිටා තිබෙනවා.


    RAW - ඉන්දියානු බුද්ධි ඒජන්සිය

    RAW_logo.jpg


    Research and Analysis Wing ලෙස හැඳින්වෙන මේ ආයතනය 1968 සැප්තැම්බර් මස 21 වැනි දින පිහිටු වූවා. මෙහි මූලස්ථානය නවදිල්ලියේ පිහිටා තිබෙන අතර මෙහි පාලන කටයුතු ඉන්දීය අගමැති කාර්යාලය මඟින් සිදුකෙරෙන බවයි පැවසෙන්නෙ.


    ASIS - ඕස්ට්‍රේලියාව

    print_coat_of_arms.gif


    Australian Secret Intelligence Service ලෙස හැඳින්වෙන මේ ආයතනය 1952 මැයි මස 13 වෙනි දින පිහිටු වූ ආයතනයක්. ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් පාලනය වන මේ බුද්ධි ඒජන්සියේ ප්‍රධාන කාර්යාලය කැන්බරා නගරයේ පිහිටා තිබෙනවා.


    DGSE - ප්‍රංශය

    logo-nouveau-dgse-423-441.jpg


    Directorate General for External Security නමින් හැඳින්වෙන ප්‍රංශ ඔත්තු සේවය එරට ආරක්ෂක අමාත්‍යංශය මගින් පාලනය වන ආයතනයක්. 1982 අප්‍රේල් මස 02 දින ආරම්භ කෙරුනු මේ ආයතනය පසුව DCRI – Directorate of Interior Intelligence හා එකඟව විදේශ රටවල් වලින් එන තර්ජන පිළිබඳ සොයා බලා කටයුතු කරයි. දැනට මෙහි 5,000ක පමණ සේවක පිරිසක් සිටින බවයි සඳහන් වෙන්නෙ.


    BND - ජර්මනිය

    320px-BND_Logo.svg.png


    Bundes Nachrichten Dinest නමින් 1996 අප්‍රේල් 01 වෙනිදා මේ ආයතනය ආරම්භ වුණා. ජර්මන් රජයේ චාන්සර්ලර්වරයාගේ කාර්යාලය මඟින් පාලනය කෙරෙන මේ ආයතනයේ 6,500ක් සේවය කෙරෙන බව සඳහන් වෙනවා. තොරතුරු එකතු කරන්නේ සන්නිවේදන කටයුතු වලටද සවන් දීමෙන්.


    MSS - චීන ජනරජය

    16782052f79a791df030f6a0eacce9f719cc8d78.jpg


    Ministry of State Security යන නමින් හැඳින්වෙන චීනයේ බුද්ධි අංශය එරට අගමැති කාර්යාලයෙන් පාලනය වෙනවා. මෙහි මූලස්ථානය බීජින් නුවර පිහිටා තිබෙන අතර මූලික අරමුණ විදේශීය බුද්ධි තොරතුරු එක්රැස් කරමින් තම රටට සිදුවිය හැකි දේශපාලන, යුදමය අනතුරු වගේම පරිගණක මගින් එල්ල වන සයිබර් ප්‍රහාර වලින් රට ආරක්ෂා කරගැනීමයි.


    Mossad - මොසාඩ් - ඊශ්‍රායලය

    132566889891661376a_b.jpg


    Central Institute for Coordination යන නමින් 1949 දෙසැම්බර් 13 වැනිදා මේ බුද්ධි අංශය පිහිටු වූවා. ඊශ්‍රායලය සතු මේ බුද්ධි අංශය Ha – Moasad – le – modiin – u – le – Tafqidim Meyuhadim යනුවෙන් දිගු වන අතර මෙහි ඉංශ්‍රීසි තේරුම වන්නේ The Institute for Intelligence and Special Operation ලෙසයි. අභයන්තර බුද්ධි අංශ එක්ව කටයුතු කරන මේ ආයතනය ඊශ්‍රායල එරට අගමැති අතින් පාලනය වෙනවා.


    ISI - පකිස්ථානය

    pakistan-isi1.jpg


    පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර මූලස්ථානය පිහිටා ඇති මේ බුද්ධි ඒජන්සිය Inter-Services Intelligence යන දිගු නමින් හඳුන්වනවා. 1949 දෙසැම්බර් 03 ආරම්භ වුණ මේ ආයතනයේ දැනට 10,000 පමණ සේවකයින් ප්‍රමාණයක් සේවය කරන බවයි සඳහන් වෙන්නෙ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ෆට්ට මචන් රෙප් ලගදි දුන්න නිසා දෙන්න බැහැලු
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    කෝ KGB ?

    180px-Emblema_KGB.svg.png


    Komitet gosudarstvennoy bezopasnosti
    KGB USSR

    මේක පිහිටුවල තියෙන්නේ 1954 ඒත් 1991 දී අයින් කරලා තියෙනවා. තාමත් හැබැයි හොර රහසේම වැඩ කෙරෙනවද දන්නේ නෑ ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆට්ට මචන් රෙප් ලගදි දුන්න නිසා දෙන්න බැහැලු
    රෙප් නැතුවට කමක් නැහැ මෝ.. ප්‍රතිචාරය වටිනවා..:)

    කෝ KGB ?

    180px-Emblema_KGB.svg.png


    Komitet gosudarstvennoy bezopasnosti
    KGB USSR

    මේක පිහිටුවල තියෙන්නේ 1954 ඒත් 1991 දී අයින් කරලා තියෙනවා. තාමත් හැබැයි හොර රහසේම වැඩ කෙරෙනවද දන්නේ නෑ ;)
    ඒ ගැන ලිපියෙ දාලා තිබුණෙ නැහැ මචෝ.. බොහොම ස්තුතියි..!

    තෑන්ක්ස් මචං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස්..

    ethakota FBI mokakda bnzzz?
    මම නම් ඒ ගැන විස්තර දන්නෙ නැහැ මෝ.. ේ ලිපිය උපුටාගනිපු එකක්..:) ඔය උඩින්ම නම දාලා තියෙන්නෙ..
    http://en.wikipedia.org/wiki/Federal_Bureau_of_Investigation
    මෙන්න විකියෙ තියෙනවා FBI එක ගැන විස්තර..